ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක එම ධුරයෙන් සහ පක්ෂයෙන් ඉවත්ව තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද(12) පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදියි.
එමෙන්ම, ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ද සිය තනතනුරුවලින් ඉල්ලා අස්වූ අතර, 25 දෙනෙකුගෙන් යුත් නව මධ්‍යම කාරක සභාවක් නියෝජිත සමුළුවට පැමිණි සාමාජිකයින්ගේ අනුමැතියට යටත්ව පත් කර ගැනුණා.
පක්ෂ මහලේකම් පාඨලී චම්පික රණවකට අමතරව මෙලෙස ජාතික හෙළ උරුමයෙන් ඉල්ලා අස්වූ පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරල ද ඇතුළත්.
ජාතික හෙළ උරුමයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්, පත් කර ඇති අතර නව මහලේකම්වරයා වන්නේ බන්දුල හරිස්චන්ද්‍රයි.
මෙහිදී සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියා සිටියේ නව දේශපාලන හා සමාජ බලයක් ගොඩනැගීමට තමන් ඇතුළු පිරිස ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවයි.
මූ මොකාටද එන්න තනන්නේ?

