පාඩම් කරන්න බෑ ද?
පොත අතට ගත්තත් පාඩම් කරන්න බෑ ! ඔබටත් එහෙමද?
සාමාන්‍යයෙන් විභාගයක් අත ළඟ තියෙන අවස්ථාවක එකී විභාග අපේක්ෂකයන්ගේ හද ගැස්ම වේගවත් වන බව අමුතුවෙන් කිවයුතු නැහැ. අම්මලාගේ විභාගය දරුවන්ට එතරම් නොදැනුනත් සාමාන්‍ය පෙළ විභාගය දරුවන්ගේ මනසට හොඳින් දැනෙනු ඇත. ඒ වනවිට දරුවා සෑම අතින්ම සැලකිය යුතු මට්ටමකට මෝරා තිබීම ඊට හේතුවයි.
ඔක්කොම කුණු කන්දල් ටික මතක් වෙන්නේ. විභාග කාලයටයි. විභාගවලට මුහුණ දුන්නු අයට මේ බව හොඳින් සිහිවනු ඇත. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවන්ටත් මේ දිනවල මෙවැනි අර්බුද ගොඩ ගැසී ඇතුවාට සැක නැත.
එහෙත් දුවේ පුතේ..... අනෙකුත් සියලු දේ කල් දැමිය හැකි බව තරයේ සිත තබා ගන්න. නමුත් විභාගය මේ අවස්ථාවේ කර ගැනීම ඉතාම වටින බවත්, තව අවුරුද්දක් ඒ වෙනුවෙන් දුක් විඳිනවාට වඩා මේ ටික දවස උපරිම උත්සාහයෙන් සියලු දේ අමතක කර විභාගයට ලිවීම වටිනා බව ඔබම තේරුම් ගන්න.
මට හමුවූ එක්තරා පිරිමි දරුවකු මේ දිනවල දැඩි කනස්සල්ලෙන් පසු වන්නේ පාඩම් කිරීමට විශාල බාධාවක් ඔහුට ඇති බව කියමිනි. ඔහු පංතියේ ඉතා දක්ෂ ලෙස පාඩම් වැඩ කර මෙවර සාමාන්‍ය පෙළට මුහුණ දීමට සූදානමින් පාඩම් කිරීමේ කටයුතුවල නරතව සිටී. පාඩම් කිරීමට කොතරම් උත්සාහ කළත් ඔහුට පාඩම් කිරීමට හිත එකඟ කරගත නොහැකි බව ඔහු පැවසීය. එයට හේතුව ඔහුගේ ආදරවන්තියව නිරතුරුව සිහි වීමත්, කිසි දිනක ඇයව විවාහකර ගැනීමට ඉඩක් නොලැබෙන බව තමා හොඳින්ම දන්නා බැවින් ඇයට වංචාවක් කරනවාය යන්න මනසට වද දෙන බවත් ඔහුගේ ප්‍රකාශය විය. මෙයම නොවුණත් මෙවැනි දේ තව බොහෝ දරුවන්ගේ මනසේ මේ දිනවල හොල්මන් කරනවා විය හැකියි. මෙවැනි දේට විසඳුම් සෙවීමට ඕනෑ තරම් කල් තිබෙන බැවින් ඒ සියල්ල මේ මොහොතේ මනසෙන් ඉවත් කිරීම ඉතාම වැදගත් කාරණාවකි.
පොතක් අරගෙන නිස්කලංක පරිසරයකට ගොස් පාඩම් කරන්නට උත්සාහ දරන සෑම මොහොතකම මෙවැනි විගඩම් මනස අවුල් කිරීමෙන් පැහැදිලි වන්නේ පාඩම් කිරීමට ඇති බාධාවයි. මෙවැනි දරුවන්ට තනිවම හිත පාලනය කරගත නොහැකි නම් තමාට විශ්වසනීය වැඩිහිටියකුගේ උපදෙස් ලබා ගැනීම හෝ උපදේශනයකට වහාම යොමු වීම අත්‍යවශ්‍ය කාරණාවකි.
තවත් කණ්ඩායමක් නිරතුරුව මානසික පීඩනයකට පත් වන්නේ තමා පාඩම් කරන තරම ප්‍රමාණවත් නොවේ යෑයි බියෙන් පසුවීම නිසයි. මෙවැනි අය අන් අයගේ පාඩම් කිරීමේ ක්‍රියාවලි සමග තමා පාඩම් කරන තරම සැසඳීමට යැම මෙකී පීඩනය වැඩිවීමට හේතුවකි.
තමා විභාගයට සූදානම් ද යන්න තමාටම තහවුරු කර ගැනීමේ පහසු ක්‍රමවේදයක් ඇත. පංතියේ පාඩම අහගෙන සිටියාට හෝ එසේ වාඩිවී සිටීම කිසිසේත්ම ප්‍රයෝජනයක් නොවේ. එසේ උගන්වන දේ නැත්නම් අසා ගෙන සිටි දේ කොතරම් දුරට වටහා ගන්නේ ද එය ඉතාම වැදගත් වූවකි.
අවධානය හෙවත් හොඳින් සවන්දීම ධාරණය හෙවත් සවන් වැකුණු දේ තේරුම් ගෙන සිතේ තැන්පත්කර ගැනීම, සිහි කැඳවීම හෙවත් මතකයේ ගබඩා කරගත් දේ නැවත මතක් කර ගැනීම එහෙමත් නැත්නම් පාඩම් කරනවා යෑයි සිදු කරන්නා වූ කාර්යය හා ආදර්ශ ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලියමින් පාඩම් කර ඇති දේ භාවිත කිරීම යනු ක්‍රමවත් අධ්‍යාපනය ලෙස මනෝවිද්‍යාවේ සඳහන් වන බව මානව සම්පත් සංවර්ධන, මනෝ උපදේශක හා කථිකාචාර්ය ප්‍රසන්න කමලසිරි පෙරේරා මහතා පැවසීය.
"මේ ක්‍රම හතර ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් මේ අවස්ථාවේ කළ යුත්තේ හැකි තරම් ආදර්ශ ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීමයි. ප්‍රශ්න පත්‍රයේ සඳහන් කාලය නිසි පරිදි අනුගමනය කරමින් විභාගයට පිළිතුරු ලියන ආකාරයටම ආදර්ශ ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීම ඉතාම සාර්ථක ක්‍රමයයි. මෙහිදී වේලාව නිසි පරිදි අනුගමනය කිරීමට ඔරලෝසුවක නියමිත වේලාව සංඥ කර පිළිතුරු ලිවීම ආරම්භ කිරීම සාර්ථක ක්‍රමයයි. නැත්නම් වැඩිහිටියකුට වේලාව සංඥ කරන ලෙස දැනුම් දී පිළිතුරු ලිවීම ආරම්භ කිරීම ද කළ හැකියි. එසේ ලියන පිළිතුරු අවසානයේදී නිවැරැදි දැයි බලා ගැනීම ද ඉතාම වැදගත් වෙනවා. ඒ සඳහා තමාට ස්වයං විනයක් තිබීමට අවශ්‍යයි. වැරදි පිළිතුරු නැවත පොත පෙරලා සොයා බලා නිවැරැදි කිරීම මෙන්ම එය හොඳින් ධාරණය කර ගැනීම අවශ්‍යයි. මෙවැනි පෙරහුරු සෑම විෂයයකට ම සිදු කිරීමෙන් විභාගයට විශාල පහසුවක් මෙන්ම වාසියකුත් වෙනවා. මේ කාලයේ කළයුතු හොඳම දේ එයයි. පාඩම් කරනවාට වඩා මතකයේ ඇති තරම මැන බැලීම හා අමතක වී ඇති දේ පමණක් නැවත පාඩම් පොත්වලින් සොයා දැන ගැනීම ප්‍රමාණවත් වෙනවා.
මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේදී පාඩම් කරනවා තරම් මනසට නොයෙක් දේ සිහිවීම වැළකෙනවා. වේලාව ඉලක්ක කර ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලිවීමෙන් මනස ඒ කෙරෙහිම තබා ගැනීම පහසු වෙනවා. හොඳින් පාඩම් කර ඇති අයටත්, ප්‍රමාණවත් තරමට පාඩම් කර නැතැයි සිතන අයටත් මේ ක්‍රමය හැම අතින්ම හොඳ හා ප්‍රතිඵලදායක බව කිව යුතුයි.
ඒත් එක්කම එක වගේ විෂයයන් එක ළඟ භාවිත කිරීම නුසුදුසුයි. උදාහරණයක් ලෙස සිංහල විෂයය පිළිබඳ ප්‍රශ්න පත්රයකට පිළිතුරු සැපයුවා නම් ඊළඟට ගණිතය ප්‍රශ්න පත්‍රයක් තෝරා ගැනීම කළ යුතුයි. තෙවනුව ඉතිහාසය තෝරා ගත්තා නම් ඊළඟට ඉංගී්රසි විෂයය සුදුසුයි. ඒ අතරට කෙටි විවේකයන් ගැනීම අත්‍යවශ්‍යයි.
කෙටි විවේකයට ගැහැනු දරුවකුට නම් මුළුතැන් ගෙට ගොස් මවගේ ඉවුම් පිහුම් වැඩකට සුළු සහායක් ලබාදී නැවත පැමිණීම වැනි දෙයක් ප්‍රමාණවත් වෙනවා. එක්කෝ ගේ අතුගෑම, ඇඳුමක් සේදීම, පළතුරු බීමක් වැනිදේ හදාගෙන පානය කිරීම වැනි වැඩි කාලයක් ගත නොවන කෙටි විවේක ඉතා හොඳයි. පිරිමි දරුවකුට වූවත් මෙවැනි දේ කළ හැකියි. සම වයසේ දක්ෂ කෙනකු සමග එකට පාඩම් කටයුතුවලට යෙදීමත් ප්‍රතිඵල දායකයි. එක දරුවෙක් සිංහල විෂයයට දක්ෂ නම් මිතුරා ගණිතය විෂයයට දක්ෂ විය හැකියි. මෙවැනි මිතුරන් එකට පාඩම් කිරීමෙන් දෙදෙනා තුළම ඇති අඩුපාඩු සම්පූර්ණ වෙනවා. යහළුවන් දෙදෙනෙක් ප්‍රමාණවත් වෙනවා. ඊට වැඩිවීම සුදුසු නැහැ.
නවීන ලෝකයේ ඇති තාක්ෂණික මෙවලම් ඔබේ විභාගයට බාධාවක් වන බවත් දැන ගත යුතුයි. ජංගම දුරකථන, කෙටි පණිවුඩ, අන්තර්ජාල, ෆේස් බුක්, ස්කයිප්, නිල් චිත්‍රපට ඇතුළු අනකුත් ඩී.වී.ඩී. සහ සී.ඩී., එම්.පී.ත්‍රී, ඉන්ටනෙට් කැෆේ වැනි දෑ මේ කාලයේ දී අවශ්‍යම නැති බව අවධාරණය කළ යුතුයි. එසේම ඕනෑවට වැඩි මිතුරු ඇසුර, මත් ද්‍රව්‍ය භාවිතය වගේම සුපිරි තරු තෝරන ටෙලිවිෂන් වැඩසටහන්, මෙගා ටෙලි නාට්‍ය ආදිය ද විභාග කාලයට බෝවන වසංගතයි.
මේ දේවල්වලට ඇදී යන්නේ ආත්ම ශක්තියක් නැති අයයි. තමාට මේ කාලයේ එවැනි අනවශ්‍ය දේවලින් දුරස් වීමේ ආත්ම ශක්තියක් තිබිය යුතුයි. මේ දේවල් විභාග කාලයට විතරක් නෙවෙයි කොයි කාලයටත් දරුවන්ගේ මනස විකෘති කරමින් ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා යොදන උපක්රමයි. ළමයි කියන්නේ ඉතාම පහසුවෙන් නොයෙක් පැතිවලට හරවා ගන්න පුළුවන් පිරිසක් බව වැඩිහිටි වෙළෙන්දෝ හොඳින් දන්නවා. ඒවාට අසු නොවී සිටීම බුද්ධිමත් බවයි. විවිධ මාධ්‍ය ඔස්සේ මහා ලොකු දේවල් යෑයි පෙන්වන බොහෝ දේ ඔබගේ විභාගයට බාධාවක්ම වනු ඇත.
එහෙයින් දුවේ පුතේ මේ කාලයේ විභාගයට උදව්වක් වන දේ මිස අන් සියල්ල මොහොතකට ඉවත දමනු යහපති.
- ප්‍රසන්න කමලසිරි පෙරේරා