පාඩම් කරන ගොඩක් අයට කරන්න වෙන , එහෙත් ඒ තරම් කැමති දෙයක් නෙම් නෙමේ , ඒ නිසා මේ ක්‍රම වලට ටිකක් උත්සහ කරොත් වරදින එකක් නෑ
1. වැදගත් කරුනු ලියමින් පාඩම් කරන්න.
2. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම යහලුවන් සමග සාකච්චා කරන්න.. - යාලුවොම ඕනෙ නෑ.. ගෙදර බල්ලට, පූසට , මල් ගහකට කියලා දෙන්න බැරියැ..
3. ඊලග දවසේ පන්තියට යනවිට කලින් දවසෙ පාඩම දෙතුන් වතාවක් වත් අවබෝදයෙන් යුතුව කියවන්න...
4. පන්තියේ උගන්වන දෑ නිවසට ගොස් ගුරුවරයා ඉගැන්වූ ආකාරයම අනුකරනය කරමින් වෙන කෙනෙකුට කියා දෙන්න.. මේකට කිසිම අසන්නෙක් ඕනෙ නෑ.. ලැජ්ජා වෙන්න ඕනත් ඕනා නෑ... අපි කරන දේ අපිටම නේ...
5. සටහනක් කියවන විට ප්‍රවුර්ති කියවන ආකාරයට නිවැරදිව උච්චාරනය කරමින්, අවශ්ය තැන් බර කරමින්, උචිත ස්තාන වල විරාම තබමින් හඩ නගා කියවන්න..
6. හැකිනම් ටේප් රෙකෝඩර් එකක් භාවිතා කර පන්තියේ දුන් සටහන ඔබේම හඩින් පටිගත කර නිතර නිතර සවන් දෙන්න... ඔය ෆෝන් වල රෙකෝඩ් කරන්න පුලුවන්නේ... ඉතින් වැඩි වැඩ ඕනේ නෑනේ.... සින්දුවක් දෙකක් අහන ගමන් පාඩමකුත් අහගන්න පුලුවන්නේ.... කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැත්තම් මේ ක්‍රමේ ගොඩක් හොදයි...
7. පුස්තකාලය ඔබේ ප්‍රියතම ස්තානය කර ගන්න.. ගුරුවරයා උගන්වන දේට වඩා වැඩි යමක් සෙවීමට උත්සාහ ගන්න...
8. සටහන කියවන විට ගැටලු සහගත් තැන් වෙනම තැනක ලියා තබා පසුදින ඒවා ගුරුවරයාට යොමු කරන්න...
8.නොදන්නා දේ නොදන්නා බව පිලි ගන්න..දන්නා දේ දන්නා බව අවබෝද කර ගන්න...
9. ධනාත්මකව සිතන්න... උත්සාහවන්ත වෙන්න.. තමා ගැන අදිතක්සේරුවක්ද අනිත් අය ගැන අවතක්සේරුවක්ද නොකරන්න... නමුත් අදිතක්සේරුව හා විශ්වාසය යනු කරුනු දෙකක් බව සිතේ තබා ගන්න...
Last edited:

