පාත්තයින්_ඇදීම..
Goose pulling එහෙම නැතිනම් සිංහලෙන් "පාත්තයෝ ඇදීම" කියන්නේ මිනිස්සු විනෝදෙට කරන අමානුෂික ක්රීඩාවක්. ස්පාඥ්ඥයේ ගොන්පොර, අපේ රටේ පොරකුකුලෝ කෙටවීමටත් වඩා මේක අමනුශිකයි කියලයි මටනම් හිතෙන්නේ. ඔයාලත් බලන්නකෝ කොච්චර අමානුෂික වැඩක්ද මේක කියල.
මේ ක්රීඩාව 17-19 සියවස් වල නෙදර්ලන්තය, බෙල්ජියමය, එංගලන්තය සහ උතුරු ඇමරිකාව කියන රටවල් ආශ්රිතව ඇතිවුනා.
මෙන්න මේකයි සීන් එක. පන තියන පාත්තයෙක්ව අල්ලාගෙන උගේ කට ගැටගහල පොල්ලක හරි ලනුවක හරි පාත්තයව එල්ලනවා කකුල් දෙකෙන්. හරියට ඔන්න ඔය පල්ලෙහා තියන ෆොටෝ එකේ වගේ. මනුස්සයෙක්ට අශ්වයෙකුගේ පිටින් යන්න පුළුවන් විදියට පහලින් ඉඩක් තියල තමයි පාත්තයව මේ විදියට එල්ලන්නේ.
ඊටපස්සේ ඔය පහල ෆොටෝ වල පෙනෙන විදියට කට්ටිය එක එකා එනවා අශ්වයාගේ පිටේ නැගලා. ඇවිත් පාත්තයාගේ බෙල්ලෙන් අල්ලලා අදින්නයි උත්සාහ කරන්නේ. ඒත් පාත්තයට පන තියන නිසා ඌ දඟලනවා. එතකොට ලේසියෙන් බෙල්ල අල්ලන්න බැහැ.
ඒත් ඉතින් අන්තිමට කවුරුහරි පවුකාරයෙක්ට මේ පාත්තයාගේ බෙල්ල අහුවෙනවා. බෙල්ල ඇල්ලුවට දිනන්න බැහැ. බෙල්ල කඩල අතට ගන්න ඕනේ ඔය පහල තියන ෆොටෝ එකේ වගේ. එතකොට තමයි දිනුම ලැබෙන්නේ. දැන් නම් ඉස්සර වගේ මේ ක්රීඩාවට පන තියන පාත්තයෝ යොදාගන්නේ නැහැ කියල තමයි කියන්නේ. ඒත් ඉතින් මනුස්ස ජිවිත බල්ලට වැටිලා තියන මේ කාලේ පාත්තයෙක් මෙවිදිහට මරනවා කියන එක ගැන දුක හිතෙන්නේ ඇත්තටම සංවේදී මිනිස්සුන්ට විතරයිනේ. ඒ නිසා අදකාලෙත් මේ ක්රීඩාවට පන තියෙන පාත්තයන්ව යොදාගන්නවා ඇති.