පාතාලයකුගේ අවසානය

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පාතාලයකුගේ අවසානය

    දකුණ හෙල්ලූ නෙළුවේ ප්‍රියන්ත

    neluwepriya.jpg


    උඩවලව ජාතික වනෝද්‍යානයේ පතහඩුව ප්‍රදේශය පුරා පැතිර තිබුණේ දැඩි නිහැඬියාවකි. ඒ වන විට ඝන අන්ධකාරය මුළු වනාන්තරයම ගිලගෙන තිබිණි.

    ඝන වනාන්තරය මධ්‍යයේ පොල් අතු සෙවිලි කර ඉදිකළ වාඩියකි. ගව පට්‌ටි පාලනය සිය ජීවිකා වෘත්තිය කරගත් අහිංසක එඩේරුන් හත්දෙනකු වාඩියේ වූහ. දැඩි වෙහෙසකර කර්කශ වූ දිවා කාලය නිමා කර මේ පිරිස වාඩියට වී රාත්‍රිය ගත කළේ විඩා නිවා ගැනීමටය. ඔවුන් ලන්තෑරුම් එළියෙන් රාත්‍රි ආහාර සඳහා යමක්‌ සූදානම් කරමින් සිටියහ.

    ඝන අන්ධකාරය මැදින් විදුලි පන්දම් එළි කීපයක්‌ මතුවිය. වාඩියේ සිටි කිසිවකු ඒ විදුලි පන්දම් එළි දුටුවේ නැත. කෑලි කැපිය හැකි අන්ධකාරය අතුරින් මතු වූයේ මුළු තණමල්විල ප්‍රදේශයම භීතියට පත්කර ගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත ඇතුළු ඔහුගේ සගයන් ය.

    ඉදිරියෙන්ම ගමන් කළේ නෙළුවේ ප්‍රියන්තය. ඔහු අත ටී. 56 ගිනි අවියකි. කහවත්තේ සුද්දා, රතු ලොක්‌කා, පුංචි මල්ලී සහ තවත් සගයකු පසුපස ගමන් කළහ. ඔවුන් සියලු දෙනා ගිනි අවි සහ පොලුවලින් සන්නද්ධව සිටියහ.

    හිත් පිත් නැති ඒ පාපතර මිනිසා මහා අපරාධයක්‌ කිරීමට අරඅඳිමින් සිටියේය. වාඩියේ සිටි අහිංසක එඩේරුන්ට අයත් ගවයන් තමන් සන්තක කර ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගෙන් පළිගැනීමට නෙළුවේ ප්‍රියන්ත පසුබට වූයේ නැත.

    වාඩියේ සිටි කිසිවකු ඒ පිළිබඳව දැන සිටියේ නැත. අඳුරේම ආ විදුලි පන්දම් එළි වාඩිය ආසන්නයේ නතර විය. ගත වූයේ නිමේෂයකි. මුළු පතහඩුව ප්‍රදේශයම දෙදරුම් කවමින් වාඩිය වෙත අත්බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල විය.

    ඒ සමඟම වෙඩි වරුසාවක්‌ ද වාඩිය දෙසට එල්ල වූයේ හෙණ ගෙඩි පුපුරන්නාක්‌ මෙන් ය.

    "තොපි දන්නෙ නැහැ නෙළුවෙ ප්‍රියන්තගෙ වැඩ. මාත් එක්‌ක හැප්පෙන්න එන ඕනෙම එකෙකුට වෙන්න මේක තමයි."

    නෙළුවේ ප්‍රියන්ත කෝපයෙන් කෑ ගැසුවේ ය. ඒ සමඟම වාඩියට කඩාවැදුණු ඔහුගේ ගෝලයන් පොලු මුගුරු වලින් බිම වැටී සිටි එෙŒරුන්ට පහර පිට පහර දෙන්නට වූහ. අහිංසක එෙŒරුන් විලාප දුන්හ. එහෙත් ඔවුන්ගේ පිළිසරණට ඉදිරිපත් වීමට තරම් සමතකු වනාන්තරයේ සිටියේ නැත.

    විනාඩි කීපයක්‌ ගත වන්නට පෙර වාඩියේ සිටි අහිංසකයන් හත්දෙනාම පරලොව යෑවීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන්ට හැකි විය.

    "ගිනිතියපියව් මුන්ගෙ මළ මිනීවත් ගෙනියන්න බැරිවෙන්න. මුළු වාඩියම අළුකරල දාපියව්."

    නෙළුවේ ප්‍රියන්තගේ අණින් සගයන් වාඩියට ගිනි තැබූහ. කිසිදු වරදක්‌ නොකළ ඒ අහිංසක එෙŒරුන් හත්දෙනාම බිලිගත් නෙළුවේ ප්‍රියන්ත සිය ගෝල බාලයන් ද සමඟ පලා ගියහ.

    සිය පාතාල බලයෙන් තණමල්විල, උඩවලව, බෙලිඅත්ත, සූරියවැව, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ ගණනක අහිංසක ජනතාව භීතියට පත් කර ගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත සියලු කටයුතු කළේ කැලෑ නීතියට අනුවය.

    1966 වර්ෂයේ අප්‍රේල් මස 16 වැනි දින වලස්‌මුල්ල රෝහලේ උපත ලැබූ ගුරුසිංහගේ ප්‍රියන්තගේ කුඩා කාලය ඉතා දුෂ්කර එකක්‌ විය. මොරයාය මහා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පංතිය දක්‌වා අධ්‍යාපනය ලැබූ ප්‍රියන්ත ස්‌ථිර රැකියාවක්‌ සොයා ගැනීමට වෙහෙසුණේය. එහෙත් ඔහුට සුදුසු රැකියාවක්‌ ලැබුණේ නැත.

    තරුණ වයසේදී ම හේන් ගොවිතැනට යොමු වූ ප්‍රියන්ත සිය ඥතීන් කීපදෙනකු ද සමඟ තණමල්විල ප්‍රදේශයේ රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත්තේය.

    ප්‍රියන්තට සොහොයුරන් දෙදෙනෙකි. එකකු ප්‍රේමතිලක වන අතර අනෙකා පුංචි මල්ලීය. හේන් ගොවිතැන් කරන අතරතුර ගංජා වගා කිරීමට ප්‍රියන්ත උත්සුක වූයේ ඉන් වැඩි ආදායමක්‌ ලැබීම නිසාය. ප්‍රියන්තගේ සොහොයුරන් දෙදෙනාද හැමවිටම ඔහු පසුපස සිටියහ.

    තණමල්විල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ග දෙකකි. ගොවිතැන ඉන් එකකි. ගවපට්‌ටි පාලනයෙන් ද මේ ප්‍රදේශයේ ජනතාව විශාල ආදායමක්‌ උපයා ගත්හ.

    ගංජා හේන් වගා කරන අතරතුර ගවපට්‌ටි පාලනයට ද අත ගැසූ ප්‍රියන්ත එයද සාර්ථකව කරගෙන ගියේය.

    1988 වර්ෂය වන විට මුළු රටම භීෂණයෙන් වෙළාගෙන තිබිණි. තණමල්විල ප්‍රදේශයේ ද භීෂණය තදින්ම පැවතිණි. ඒ වන විට නෙළුවේ ප්‍රියන්ත ද ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රබලයකු බවට පත්ව සිටියේය.

    තණමල්විල ප්‍රදේශයේ පැවැති ජනතා විමුක්‌ති පෙරමුණේ පංති රැසකට සහභාගි වූ නෙළුවේ ප්‍රියන්ත 1989 වර්ෂයේ යුද පුහුණුවක්‌ ද ලබා ගත්තේය. යුද හමුදාවෙන් පලාවිත් ජනතා විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශයට බැඳී සිටි නිකලස්‌ නමැත්තාගෙන් ස්‌වයංක්‍රීය අවි භාවිතය පිළිබඳව හොඳ පුහුණුවක්‌ ලබා ගැනීමට ප්‍රියන්තට හැකි විය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    1989 වර්ෂයේ සිට 90 වසරේ මාර්තු දක්‌වා බලහරුව, කුඩාඔය තණමල්විල ප්‍රදේශවල ජනතා විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ නෙළුවේ ප්‍රියන්තය.

    භීෂණ සමයේදී නෙළුවේ ප්‍රියන්ත අතින් ඝාතනයට ලක්‌වූවන් ගණන හතරකි. මේ පාපතරයාගේ ඝාතන ලැයිස්‌තුවේ මුල්ම සාමාජිකයා වූයේ තණමල්විල හමුදා කඳවුරේ අරක්‌කැමියා ලෙස සේවය කළ ගුණා යන අය පිහියෙන් ඇන මරා දැමීමය. යුද හමුදාවට ඔත්තු සැපයූ බවට චෝදනා එල්ල කරමින් තණමල්විල රෝහල ඉදිරිපිටදී ඒ අහිංසක මිනිහාට පිහියෙන් ඇන මරා දැමූ නෙළුවේ ප්‍රියන්ත සිය අපරාධ චාරිකාව ආරම්භ කළේය. ඒ වර්ෂයේදීම හමුදාවට ඔත්තු බැලූ බවට චෝදනා කරමින් තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ වැසියකු වූ ගිරිගෝරිස්‌ නමැත්තාට පිහියෙන් ඇන මරා දැමූ නෙළුවේ ප්‍රියන්ත හල්දුම්මුල්ල ග්‍රාම නිලධාරියා ද වෙඩිතබා මරා දැමුවේය.

    හමුදාවට ඔත්තු සැපයූ බව කියමින් තණමල්විල මස්‌ගුණයා වෙඩි තබා කපා කොටා කෲර වධහිංසා පමුණුවා මරා දැමීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු එවකට ජනතා විමුක්‌ති පෙරමුණේ සගයන් කටයුතු කළහ. භීෂණ සමයේ කිසිම අවස්‌ථාවකදී ප්‍රියන්ත පොලිසියට හෝ හමුදාවට හසුවුණේ නැත. කට්‌ටි පනිමින් කාලය ගත කළ ඔහු භීෂණ සමය නිම වීමෙන් පසු නැවත තණමල්විලට පැමිණෙන්නේ සුපුරුදු ව්‍යාපාර කරගෙන යැමේ අරමුණ ඇතිවය.

    "සල්ලි ටිකක්‌ වැඩිපුර අතට එන බිස්‌නස්‌ කරන්න ඕනෙ. හැමදාම අපට හිඟන්නො වගේ ඉන්න බැහැ."

    නෙළුවේ ප්‍රියන්ත සිය සගයන්ට හැම විටම කීවේය. ඒ වන විට ප්‍රියන්තගේ සගයන් දහදොළොස්‌ දෙනකුම ඔහු හා සම්බන්ධ වී සිටියහ. වඩු සිරා, කහවත්තේ සුද්දා, රතු ලොක්‌කා, පුංචි මල්ලී, සෙල්ලකළුවා, විඡේලාල්, සුනිල් රාමනායක, කරත්තෙ රාජා, මොරයායේ පුංචිඅයියා, හීන් මල්ලී ඔවුන් අතර වූහ. භීෂණ සමයේදී සඟවා තැබූ අවි ආයුධ රැසක්‌ ඒ වන විට නෙළුවේ ප්‍රියන්තගේ කල්ලිය සතුව තිබිණි.

    සූරියවැව ප්‍රදේශයේ පාතාල ආධිපත්‍යය පතුරුවාගෙන සිටි රත්නවීරගේ කල්ලිය සමඟ නෙළුවේ ප්‍රියන්ත සම්බන්ධකම් පැවැත්වූයේ නැත. රත්නවීර කල්ලියේ ප්‍රධානම එදිරිවාදියා වූයේ වම්බොට්‌ටාය. නෙළුවේ ප්‍රියන්ත සහ වම්බොට්‌ටා අතර කිට්‌ටු සම්බන්ධයක්‌ පැවැතිණි. මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීමත්, විශාල වශයෙන් ගවයන් සොරකම් කර විකිණීමත් නෙළුවේ ප්‍රියන්තගේ ප්‍රධාන ආදායම් මාර්ග විය. තණමල්විල, උඩවලව, බෙලිඅත්ත, මැදමුලන, නෙළුව ඇතුළු ප්‍රදේශ ගණනාවක මැර බලය ව්‍යාප්ත කළ නෙළුවේ ප්‍රියන්ත මිනිස්‌ ඝාතන සිදුකරමින් කොල්ලකෑම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන්නට පටන් ගත්තේය. බඹරගල රජයේ රක්‍ෂිතය සිය ආරක්‍ෂිත ස්‌ථානය කර ගත් නෙළුවේ ප්‍රියන්ත බැකෝ යන්ත්‍ර යොදාගෙන මහ වනය මැද වැවක්‌ කැපීමට කටයුතු කළේය. ඒ වන විට ඔහු බඹරගල වනයේ හොර හරක්‌ ගාල් හත අටකම හිමිකරු විය. මහ වනය මැද ජලාශය ඉදිකළේ ගවයන්ට පානය කිරීමට අවශ්‍ය ජලයරැස්‌කර තැබීම සඳහා ය.

    නෙළුවේ ප්‍රියන්තට අයත් එක්‌ හරක්‌ ගාලක ගවයන් පන්සීයකට ආසන්න ප්‍රමාණයක්‌ සිටියි. ඔහුට අයත් සියලු හරක්‌ ගාල්වල සිටි හරකුන් ප්‍රමාණය දහස්‌ ගණනකි.

    තණමල්විල, බෙලිඅත්ත, නෙළුව, කිතුල්කොටේ, බඹරගල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගව පට්‌ටි හිමියන්ට නෙළුවේ ප්‍රියන්තගෙන් දිගින් දිගටම තර්ජන එල්ල විය. ආයුධ සන්නද්ධව පැමිණෙන නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල සගයන් ගවපට්‌ටි හිමියන්ගේ ගව ගාල්වලට කඩා වැදී ගවයන් සිය ගණනින් පැහැරගෙන යන්නට වූහ.

     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නෙළුවේ ප්‍රියන්aතගේ ගව ගාල් වල සිටි සියලුම ගවයන් මේ ආකාරයට පැහැරගත් සතුන් ය. මොහුගේ ගව සොරකමට එරෙහි වීමට කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැත. කිසිවකු හෝ නෙළුවේ ප්‍රියන්තට එරෙහි වුවොත් ඔහුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    ගව සොරකමට අමතරව බඹරගල රජයේ රක්‍ෂිතයේ මහා පරිමාණයෙන් ගංජා හේන් වගා කිරීම ද නෙළුවේ ප්‍රියන්ත ජයටම කරගෙන ගියේය. මොහුගේ ජාවාරම්වල නිරත වූ සෑහෙන පිරිසකට වැටුප් ගෙවීමට පවා නෙළුවේ ප්‍රියන්ත කටයුතු කළේය. ගව ගාල්වල කිරි දෙනුන්ගෙන් දෛනිකව රුපියල් පනස්‌ දහසක පමණ කිරි ප්‍රමාණයක්‌ ලබා ගැනීමට නෙළුවේ ප්‍රියන්තට හැකි විය. ඊට අමතරව දෛනිකව මස්‌ පිණිස ගවයන් තොග පිටින් කොළඹට පැටවීම මොහු ජයටම කරගෙන ගියේය. ඔහු ඉන් ලැබූ ආදායම ලක්‍ෂ ගණනකි.

    1995 වර්ෂය වන විට නෙළුවේ ප්‍රියන්ත නීත්‍යනුකූලව විවාහ වී සිටියේය. නෙළුව යාය කිතුල්කොටේ තණමල්විල, පිහිටි නිවසක පදිංචිව සිටි ප්‍රියන්ත යහපත් පවුල් ජීවිතයක්‌ ද ගත කළේය. රටේ නම ගිය පාතාල සගයන් මෙන් නෙළුවේ ප්‍රියන්ත සුර සැප වින්දේ නැත. කැසිනෝ අවන්හල්වලට රිංගුවේ නැත. විස්‌කි බ්‍රැන්ඩි පානය කළේ නැත. නෙළුවේ ප්‍රියන්ත කිසි දිනක කලිසමක්‌ ඇන්දේත් පාවහන් යුවළක්‌ පැළැඳුවේවත් නැත. 1995 වර්ෂයේ මාර්තු මාසයේදී සිය ප්‍රතිවාදීන් දෙදෙනකු වූ කපිල සහ සුද්දා වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් කටයුතු කළහ. මොවුන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී තණමල්විල වම්බටුවැව ප්‍රදේශයේදී එය නතර කළ නෙළුවේ ප්‍රියන්ත රතු ලොක්‌කා, පුංචි මල්ලී, කහවත්තේ සුද්දා ඇතුළු සගයන් ඔවුන් ත්‍රිරෝද රථයෙන් පිටතට ගෙන වෙඩි තබා ඝාතනය කළහ. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු පාතාල සගයන් දිනෙන් දින සිදුÊකරන මිනිස්‌ ඝාතන සහ විවිධ අපරාධ නිසා තණමල්විල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව ජීවත් වූයේ දැඩි භීතියෙනි. නෙළුවේ ප්‍රියන්තට එරෙහිව වචනයක්‌ හෝ කතා කළ පුද්ගලයකුට සිදු වූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    ගලේ හීන්මහත්තයා කුඩාඔය ප්‍රදේශයේ අහිංසක ගොවියෙකි. ගව පාලනයත්, ගොවිතැනත් කරමින් සාමකාමීව ජීවත් වූ ඔහුගෙන් කිසිවෙකුට හිරිහැරයක්‌ නැත. ගලේ හීන්මහත්තයාගේ පුත්‍රයා ප්‍රියංකරය. අපොස උසස්‌ පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූ ප්‍රියංකර කරාතේ සටන් කලාව හදාරමින් සිටියේය.

    1995 වර්ෂයේ ජුනි මාසයේ එක්‌ දිනක කිතුල්කොටේ පාසල අසලදී නෙළුවේ ප්‍රියන්තට ප්‍රියංකර මුණගැසිනි. එහිදී ඇති වූ ඉතාම සුළු වචන හුවමාරුවක්‌ නිසා නෙළුවේ ප්‍රියන්ත යක්‍ෂාවේෂ වූවේය. ඒ වන විට ඔහුගේ බාල සොහොයුරු වූ ප්‍රේමතිලක ද ඒ අසල විය.

    සුළු සිදුවීමෙන් කෝපාවිෂ්ඨ වූ නෙළුවේ ප්‍රියන්ත සිය සොහොයුරා සමඟ එක්‌වී ප්‍රියංකරට පිහියෙන් ඇන කපා කොටා ඝාතනය කළේ කිතුල්කොටේ පාසල ඉදිරිපිට මහ දවල් ය.

    2001 වර්ෂයේදී අන්දරවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සූරියවැව රාජා ටී. 56 ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමට නෙළුවේ ප්‍රියන්ත ක්‍රියා කළේය. ඒ ඝාතනයට හේතු වූයේ සූරියවැව රාජා ප්‍රසිද්aධියේ නෙළුවේ ප්‍රියන්තට බැන වැදීමය.

    2002 වර්ෂයේ මාර්තු මාසයේදී ගාමිණී යන අය වෙඩි තබා ඝාතනය කිරීම එම වසරේ ම ජුනි මාසයේදී හදීන් යන අය ඇඹිලිපිටිය හෝටලයක සිටියදී ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා මරා දැමීම ප්‍රියන්තගේ අපරාධවලින් කිහිපයකි.

    මොරයායවත්තේ ගාමිණී නෙළුවේ ප්‍රියන්තගේ සමීපතමයකු විය. ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායමක්‌ විසින් ගාමිණීගේ සොහොයුරකු ඝාතනය කර තිබිණි. ඊට පළිගැනීමක්‌ ලෙස නෙළුවේ ප්‍රියන්ත සිය සගයන් ද සමඟÊගොස්‌ අම්බලගෙදර සුමතී නමැත්තා එම්. 84 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළහ. මෙම සිද්ධියම මුල්කරගෙන තලවගෙදර ලොකු අයියා නමැති අය ද ඝාතනය කිරීමට මොවුන් කටයුතු කළහ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    නෙළුවේ ප්‍රියන්තගේ අපරාධවලට එරෙහි වූ ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායමක්‌ ඔහු මරා දැමීමට සැලසුම් සකස්‌ කරමින් සිටියහ. ඒ බව කල්තියාම නෙළුවේ ප්‍රියන්තට දැනගන්න ලැබුණේ ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන්ය. තමන් මරා දැමීම සඳහා කිතුල්කොටේ පදිංචිකරුවකු වන ගුණසිංහ බස්‌නායක නොහොත් බණ්‌ඩා යන අය ටී. 56 ගිනි අවි 4 ක්‌ ළඟ තබාගෙන සිටි බවට තොරතුරක්‌ නෙළුවේ ප්‍රියන්තට ලැබිණි.

    2002 වර්ෂයේ ජුනි මස 6 වැනිදා රාත්‍රි නෙළුවේ ප්‍රියන්ත සිය සගයන් වන සුනිල් රාමනායක, කරත්ත රාජා, මොරයායේ පුංචි අයියා සමඟ ගොස්‌ බණ්‌ඩාගේ නිවස වැටලූහ. ඒ වන විට කුඩා දැරියක්‌ ඇතුළු පස්‌දෙනකු ඒ නිවසේ වූහ. නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන්ගේ ගිනිඅවි සැනෙකින් ක්‍රියාත්මක විය.

    පුංචි දැරිය ඇතුළු පස්‌දෙනාම ඝාතනය කළ මේ අධම පාපතරයා ඇතුළු සගයන් නිරුපද්‍රිතව පලා ගියහ. පෞද්ගලික ප්‍රශ්නයක්‌ මත බුරුත ගස්‌ ගොඩැල්ලේ සුද්දා යන අය වෙඩි තබා කපා කොටා ඝාතනය කිරීම ද නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් කළ තවත් අපරාධයකි. 2002 වර්ෂයේදී අම්බලන්තොට සිගරැට්‌ ඒජන්සියේ මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී මඟ රැක සිටි නෙළුවේ ප්‍රියන්ත ඇතුළු සගයන් රුපියල් 16 ලක්‍ෂයක මුදලක්‌ කොල්ලකෑහ.

    මේ ආකාරයට නෙළුවේ ප්‍රියන්ත වසර 23 ක්‌ තිස්‌සේ සිදුකළ අපරාධ ප්‍රමාණය අති විශාලය. මිනී මැරුම් සම්බන්ධ චෝදනා 80 කට ආසන්න ප්‍රමාණයක්‌ ඇති sබව පරීක්‍ෂණවලින් අනාවරණය විය.

    2000 වර්ෂය පමණ වන විට නෙළුවේ ප්‍රියන්ත සුපිරි ධනවතකු බවට පත්ව සිටියේය. එවකට දකුණු පළාතේ ඇතැම් උසස්‌ පොලිස්‌ නිලධාරීන් මෙන්ම පහල ශ්‍රේණිවල නිලධාරීහු ද නෙළුවේ ප්‍රියන්ත ළඟින් ඇසුරු කළහ.

    ඔවුන් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කිරීමට ප්‍රියන්ත කිසිවිටෙකත් පසුබට වුණේ නැත. පොලිස්‌ නිලධාරීන්ගේ ආශීර්වාදය රැකවරණය මත නෙළුවේ ප්‍රියන්ත සිය ජාවාරම් ඉතාම සාර්ථක ලෙස කරගෙන ගියේය.

    බඹරගල වනාන්තරයේ ඇති හරක්‌ ගාල්වල ගවයන් මසට ප්‍රවාහනය කිරීමට අමතරව ගව ගාලේ මස්‌ මඩුවක්‌ පවත්වාගෙන යැමට නෙළුවේ ප්‍රියන්ත කටයුතු කළේය. මෙම ගව ඝාතකාගාරයේදී ගවයන් මරා දැම්මේ උන්ගේ හිසට වෙඩි තබාය. එහිදී ගවයන් මරා මස්‌ කර අධිශීතකරණ සවිකළ ලොරිවලින් ගවමස්‌ කොළඹට ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරයක්‌ ද නෙළුවේ ප්‍රියන්ත කරගෙන ගියේය. ඊට ඇතැම් පොලිසිවලින් ද ලැබුණේ නොමඳ සහායකි. 1997 වර්ෂයේදී තණමල්විල පොලිසියට අලුතින් ස්‌ථානාධිපතිවරයකු වැඩ බාර ගත්තේය. පොලිස්‌ පරීක්‍ෂක දේවප්‍රිය ජයසිංහ මහතා කලක්‌ විශේෂ කාර්ය බළකායේද රාජකාරි කළ අපක්‍ෂපාතීව නීතියට වැඩ කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රසිද්ධය.

    දේවප්‍රිය ජයසිංහ මහතා (මේ වන විට සහකාර පොලිස්‌ අධිකාරිවරයෙකි.) තණමල්විල ස්‌ථානාධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහුගේ මුල්ම රාජකාරිය වූයේ නෙළුවේ ප්‍රියන්ත මට්‌ටු කිරීමය.

    ඒ වන විට නෙළුවේ ප්‍රියන්තට එරෙහිව පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක්‌ ලැබී නොතිබිණි. ඔහුට ඇති බිය නිසා කිසිවෙකුත් ඔහුට එරෙහිව පැමිණිලි කිරීමට ඉදිරිපත් වුණේ නැත.

    මුළු පළාතම භීතියට පත් කර ගෙන මහ දවල් විවිධ අපරාධ කරන මේ පුද්ගලයා වැඩිකල් නොගොස්‌ මට්‌ටු කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. අලුතින් ආ ස්‌ථානාධිපතිවරයා තමන් වෙත නම්මවා ගැනීමට නෙළුවේ ප්‍රියන්ත නොගත් උත්සාහයක්‌ නැත. එහෙත් ඔහු සිය ග්‍රහණයට ගැනීම අපහසු බව ප්‍රියන්තට තේරුම් ගොස්‌ තිබිණි. දිනක්‌ නෙළුවේ ප්‍රියන්තට දේවප්‍රිය ජයසිංහ මහතා මුණගැසිනි. ඒ සූරියවැව අධිකරණයේදීය. ප්‍රියන්ත දේවප්‍රිය ජයසිංහ මහතා සමීපයට පැමිණ කතා කළේය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    "සර්........ අපට කරදර කරන්න එපා. අපි සර්ව බලාගන්නම්. මෙහෙට එන ඕ. අයි. සී. මහත්තුරුන්ව අපි හොඳට බලාගන්නවා."

    නෙළුවේ ප්‍රියන්ත කීවේය.

    "තමුසෙ මාව බලාගන්න ඕනෙ නැහැ. අහිංසක මිනිස්‌සුන්ට කරදර නොකර හොඳ මිනිහෙක්‌ වෙන්න බලනවා. නීති විරෝධී දේවල් කරන්න ගියොත් මගේ කිසිම සමාවක්‌ නැහැ."

    නෙළුවේ ප්‍රියන්තව ගණනට නොගත් දේවප්‍රිය ජයසිංහ මහතා කීවේය. ප්‍රියන්තගේ ක්‍රියාකාරකම් සෙවීමට ඔත්තුකරුවන් යෙදවූ දේවප්‍රිය ජයසිංහ මහතා ඔහුගේ නීති විරෝධී කටයුතු මැඬලීමට සෑම උත්සාහයක්‌ම ගත්තේය.

    ඒ වන විට පොලිසියේ සිටි නිලධාරීන්ගෙන් වැඩිදෙනකු නෙළුවේ ප්‍රියන්තගෙන් යෑපෙන්නන් බවට පත්ව සිටි නිසා ප්‍රියන්තගේ විෂමාචාර ක්‍රියාවන් සොයා ගැනීම දේවප්‍රිය ජයසිංහ මහතාට ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවීය. නෙළුවේ ප්‍රියන්තගේ ගෝලයකු සිය ඔත්තුකරු ලෙස පාවිච්චි කිරීමට දේවප්‍රිය ජයසිංහ මහතාට හැකි විය. දිනක්‌ ඒ ඔත්තුකරු වැදගත් තොරතුරක්‌ ගෙන ආවේය.

    "සර්..... අද රෑට ප්‍රියන්ත අයියා ඉන්නේ නෙළුවෙ ගෙදර. රෑට ආයුධ ගොඩක්‌ එහෙට ගේනවා. හැබැයි පාන්දර වෙනකොට එයාගෙ කට්‌ටිය ඇවිත් ඒ ආයුධ සේරම අරගෙන යනවා. ඊට ඉස්‌සර ගියොත් මිනිහව අල්ලගන්න පුළුවන්." ඔත්තුකරුගෙන් ලැබුණු තොරතුර ඉතාම වැදගත් එකක්‌ විය. පසුදින අලුයම නෙළුවේ පිහිටි ප්‍රියන්තට අයත් නිවස වැටලීමට දේවප්‍රිය ජයසිංහ මහතා සැලසුම් කළේය. එහෙත් මේ පිළිබඳව පොලිසියේ නිලධාරීන්ට නොකීමට ස්‌ථානාධිපතිවරයා වගබලා ගත්තේය. එසේ වූයේ නම් මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු කලින්ම නෙළුවේ ප්‍රියන්ත අතට පත්වන බව ජයසිංහ මහතා හො¹කාරවම දැන සිටි බැවිනි. පසුදා අලුයම 4.00 ට පමණ ප්‍රියන්තට අයත් නෙළුව ප්‍රදේශයේ පිහිටි නිවස වටකළ දේවප්‍රිය ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් එහි කඩා පැන්නාහ.

    ඔත්තුකරු ලබා දුන් තොරතුරු සියල්ල සත්‍ය ඒවා විය. නෙළුවේ ප්‍රියන්තගේ නිවසේ සහ ගෙවත්තේ ස්‌ථාන කීපයක ටී. 56 ගිනි අවියක්‌, පිස්‌තෝලයක්‌, ගල් කටස්‌ තුවක්‌කු 2 ක්‌, අත්බෝම්බයක්‌ ඇතුළු තවත් ආයුධ කීපයක්‌ සඟවා තිබියදී පොලිසිය සොයා ගත්තේය. අවි ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් නෙළුවේ ප්‍රියන්ත තණමල්විල පොලිසිය වෙත රැගෙන ආහ. පොලිසියේ සිර මැදිරියේ මොහු රඳවා සිටිද්දී ඇතැම් පොලිස්‌ නිලධාරීන් හොරගල් අහුලමින් සිටියේ ප්‍රියන්ත සමඟ පවත්වන හිතවත්කම් හෙළිදරව් වෙතැයි ඇති වූQ බිය නිසාය.

    එවකට දකුණු පළාතේ සිටි පොලිස්‌ ලොක්‌කෙකු (මේ වන විට විශ්‍රාම ගොස්‌ සිටියි) නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමෙන් පසු උරණ වූයේය. රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පවා ඉඩ නොදුන් මේ පොලිස්‌ ලොක්‌කා ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපෑම් කළේය.

    නෙළුවේ ප්‍රියන්ත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කෙරිණි. මසකට වරක්‌ බන්ධනාගාරයේ සිට මොහු සූරියවැව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙන ආවේය. බන්ධනාගාර නිලධාරීන්ට ද අත දිගහැර මුදල් වියදම් කිරීම නිසා ඔවුන් සියලු දෙනා නෙළුවේ ප්‍රියන්තගේ ගැත්තන් බවට පත්ව සිටියහ.

    සූරියවැව අධිකරණය වෙත රැගෙන යද්දී බන්ධනාගාර බස්‌ රථය නෙළුවේ පිහිටි ප්‍රියන්තගේ නිවසට ගොස්‌ ආහාරපාන වලින් සප්පායම් වී යැමට ද අමතක නොකළහ. නීති රීති කිසිවක්‌ නෙළුවේ ප්‍රියන්තට එරෙහිව ක්‍රියාත්මක වුණේ නැත. මාස කීපයක්‌ තිස්‌සේ බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසු ප්‍රියන්ත නැවතත් තණමල්විලට ආවේය. දින කීපයක්‌ ගත වන්නට පෙර තමන්ට උදව් උපකාර කළ දකුණේ පොලිස්‌ ලොක්‌කා මුණගැසීමට යැමට නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත. මස්‌ කළ වල් ඌරකු සහ සුරතලයට ඇති කිරීමට වල් ඌරු පැටවුන් දෙදෙනෙකු මේ පොලිස්‌ ලොක්‌කා වෙත දොල පිදේනි ලෙස රැගෙන යැමට ද නෙළුවේ ප්‍රියන්ත අමතක කළේ නැත.

    තමන්ට එරෙහි වී සිටින තණමල්විල පොලිස්‌ ස්‌ථානාධිපති දේවප්‍රිය ජයසිංහ මහතා මරා දැමීමට නෙළුවේ ප්‍රියන්ත සැලසුම් කළේ ඔහුගෙන් කිසිම ගැලවීමක්‌ නැති බව හො¹කාරව දැන සිටි නිසාය.

    ඒ වන විට උරණ වී සිටි දකුණේ පොලිස්‌ ලොක්‌කා දේවප්‍රිය ජයසිංහ මහතා තණමල්විල පොලිසියෙන් මාරු කර යෑවීමට කටයුතු කළේය.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    පසුගිය අප්‍රේල් මාසයේ 8 වැනිදා සිය විරුද්ධවාදියකු වූ අමරේ නමැත්තා පරලොව යෑවීමට නෙළුවේ ප්‍රියන්ත ඇතුළු ගෝල බාලයන් සැලසුම් කළහ. අමරේ ඉලක්‌ක කර වෙඩි ප්‍රහාර 28 ක්‌ එල්ල කළ ද ඔහුට කිසිම ආකාරයක තුවාලයක්‌ හෝ සිදු කිරීමට නොහැකි විය.

    මේ අතර නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ පරීක්‍ෂණ ආරම්භ කළහ. විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති ආර්. එම්. ඩබ්ලිව් එම්. සී. රණවක මහතාගේ උපදෙස්‌ මත සහකාර පොලිස්‌ අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධි අංශ විශේෂ කණ්‌ඩායමක්‌ තණමල්විල ප්‍රදේශයට ගියහ.

    පොලිස්‌ විශේෂ කාර්¨ය බළකායේ සහකාර පොලිස්‌ අධිකාරි සිල්වෙස්‌ටර් විඡේසිංහ මහතා මෙම මෙහෙයුම සම්බන්ධීකරණය කළේය.

    බුද්ධි අංශයේ නිලධාරීන් 20 දෙනකු වෙස්‌වළාගෙන තණමල්විල ප්‍රදේශයට පැමිණ විවිධ රැකියාවල නිරත වූහ.

    තම ජීවිතයට තර්ජනයක්‌ තිබෙන බව හොඳින් දැන සිටි නෙළුවේ ප්‍රියන්ත කිසි විටෙකත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත. සියලු ආරක්‍ෂක ක්‍රමෝපායයන් ඔහු අනුගමනය කළේය.

    වෙස්‌වළාගෙන තණමල්විලට පැමිණි විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරින් ගව පට්‌ටි බලා ගැනීමට, කුලී වැඩ කිරීම, හේන් කෙටීම ඇතුළු විවිධ රැකියාවල නිරත වෙමින් නෙළුවේ ප්‍රියන්ත පිළිබඳ තොරතුරු සෙවීම ආරම්භ කළහ.

    මාස 2 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ තොරතුරු රැස්‌ කිරීමෙන් පසු නෙළුවේ ප්‍රියන්ත අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ. නෙළුවේ ප්‍රියන්ත තණමල්විල ප්‍රදේශයේ ගම්මානයක පදිංචි කාන්තාවක්‌ සමඟ අනියම් ඇසුරක්‌ පවත්වාගෙන ගියේය. මාසයකට දෙතුන් වතාවක්‌ මොහු තනිවම එම කාන්තාව මුණ ගැසීමට එන බව විශේෂ කාර්ය බළකාය සොයා ගත්හ.

    ඒ අවස්‌ථාවේදී මොහු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය සැලසුම් කළහ. ඒ සැලසුම නියම ආකාරයෙන් ම ක්‍රියාත්මක විය. නෙළුවේ ප්‍රියන්ත යතුරු පැදියක නැඟී සිය අනියම් බිරිඳගේ නිවසට එද්දී එහි රැක සිටි විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්හ.

    නෙළුවේ ප්‍රියන්තගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුණේ ඉන් පසුවය. වසර 23 ක්‌ තිස්‌සේ කළ අපරාධවලින් මිනීමැරුම් 25 ක්‌ පිළිබඳව තොරතුරු මොහු හෙළිදරව් කළේය. ඒ වන විට නෙළුවේ ප්‍රියන්ත සතුව අවි ආයුධ විශාල ප්‍රමාණයක්‌ තිබිණි. ඒ ආයුධ සියල්ල ස්‌ථාන කීපයක සඟවා තබා ඇති බව ඔහු හෙළිදරව් කළේය.

    ආයුධ සෙවීම සඳහා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු සූරියවැව ප්‍රදේශයට රැගෙන ආහ. එහිදී නෙළුවේ ප්‍රියන්ත සඟවා තිබූ පිස්‌තෝලයක්‌ ගෙන පොලිස්‌ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කළේය. එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් නෙළුවේ ප්‍රියන්ත අවසන් ගමන් ගියේය. තණමල්විල ප්‍රදේශයට පමණක්‌ නොව මුළු දකුණු පළාතටම මහා පිළලයක්‌ බවට පත්ව සිටි නෙළුවේ ප්‍රියන්ත ඝාතනය කිරීමේ පුවත සැල වූ වහාම ප්‍රදේශවාසීහු රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වූහ. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය කළ මෙහෙවර අගය කරමින් ඔවුන් සුබ පතා බැනර් පෝස්‌ටර් ප්‍රදර්ශනය කළහ. විසිතුන් වසරක්‌ තිස්‌සේ දකුණේ අහිංසක ජනතාව භීතියට පත්කරගෙන සිටි මේ පාතාල කෙරුමාට සිදුවූයේ ද රටේ නමගිය අපරාධකරුවන් සියලු දෙනාටම අත්වූ ඉරණමය.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සෙල්ල කලුවා කියන පොර මැරැවේ සෙල්ල සුරන්ග ඌ නම් තවම ඉන්නවා දැන් පාඩුවේ තමයි ඉන්නේ