පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    පාතාලයෙන් ඇහෙන කතා කියන්නේ

    " පාතාලයෙන් ඇහෙන කතා " කියන්නේ මම " ලොව සිටී serial killers ලාගේ කතන්දර " http://www.elakiri.com/forum/showthread.php?t=1039564 කියන ත්‍රේඩ් එකෙන් පස්සේ පටන් ගත්ත අලුත් ත්‍රේඩ් එක:) .ලංකාවේ පාතාලයේ සුවිශේෂී චරිත ටිකක් ගැනයි කියන්නේ.
    මම මේවා පොතකින් බලලා දානවා නෙමෙයි. මේ ගොඩක් ඒවා මම ඉංග්‍රිසි ලිපි වලින් හොයා ගත්ත එවා. සමහරක් ඒවා මම දැන ගත්තේ කොහොමද කියලා මම පස්සේ කියන්නම්.නැත්තම් ලංකාවේ පොලිසිය මාවත් හොයයි. :shocked:
    මගේ සිංහල පරිවර්තන එච්චර ලස්සන නැතුව ඇති :( . මට sinhala grammar ගැන ලොකු දැනුමක් නෑ. :no:
    මෙකේ කතා වලට දේශපාලනය ගෑවෙන එක හොදද දන්නේ නෑ :confused:. මෙ කතා වල අඩංගු කිසිම දෙයක් මගේ අදහස් එහෙම නෙවේ. :no:

    Let's go then

    --------------------------------------------------------------------


    අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත් සොත්ති උපාලි

    news6.gif


    අරඹේවෙල දොන් උපාලි රන්ජිත් නොහොත්
    සොත්ති උපාලි 80 , 90 දශකවල ලංකාවේ හිටපු පාතාල කල්ලි රැසක නායකයා මෙන්ම Godfather පට්ටම රැගත් දාමරිකයෙකු ලෙස කටයතු කල අයෙකි.ගොඩාක් අපරාධකාරයන්ට වගේ සොත්ති උපාලිටත් දේශපාලන රැකවරණ නොඅඩුව ලැබුනා.එකල ජනාධිපති ලෙස කටයතු කල ප්‍රේමදාස රණසිංහ මහතාගේ ලගම සගයෙකු වු සොත්ති උපාලි එවකට බලවත් ඇමතිවරයෙකු වූ සිරිසේන කුරේ මහතාගේද සමීප මිත්‍රයෙක්.
    සොත්ති උපාලි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේද සමීපතමයෙක් වුවත් එක්සත් ජාතික පක්ෂයේ ඇසුර නිසා ඔහුට එම මිත්‍රත්වය අමතක කිරීමට සිදු විය.

    R-Premadasa..jpg
    4590635773_c3c57fefba.jpg
    chandrika.jpg


    වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඝාතනය කිරීමට සොත්ති උපාලි සමග කුමණ්ත්‍රණය කරන බවට සැක පිට සිරිසේන කුරේ මහතා අත් අඩංගුවටද ගන්නා ලදී.සොත්ති උපාලිව 1998දී පිලියන්දල අසල බෝකන්දරහීදි නාදුනන තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබුනී.ඔහු එදින කොලඹ මහේස්ත්‍රාත් උසාවියේ සිට සිය නිවස බල පිටත් වී තිබුනී.ඔහුට උසාවී යාමට සිදු වුයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතන සිද්දිය සම්බන්ධයෙන්ය.
    ලලිත් අතුලත්මුදලි ඝාතනයට ප්‍රේමදාස රණසිංහ හිටපු ජනධිපතිතුමාත් සම්බන්ධ බවට එකල රාවයක් පැවතුනි.

    සොත්ති උපාලි උසාවියෙන් පිටවී යන විට වාහන දෙකක් ඔහුව ලුහුබැද ඇත.බෝකන්දරදී ඔහුට වෙඩි තැබු අය සොත්ති උපාලිව වාහනයට ඇදගෙන විත් නැවත වෙඩි තබා කිලෝ මීටර් 4ක පමණ දුරක් ගොස් ඔහුව පාරට ඇද දමා පලා ගොස් ඇත.නලීන් දම්මික නැමති පොලිසියට අවශ්‍යව තිබු අයෙක් විසින් සොත්ති උපාලි ඝාතනය කල බවට සැලකේ.


    news5.gif


    පොලිසීය පැවසුවේ ප්‍රධාන සැකකරුවන් හට දේශපාලන රැකවරණ ඇති නිසා සොත්ති උපාලිගේ මිනීමරුවන් සෙවීම තමන්ට දුෂ්කර බවයි.
    " දේශපාලනේ කරන එවුන්ගේ ගෝලයෝ ඇරෙන්න වෙන එකෙක් නම් යයිද මහ දවාලේ තුවක්කු උස්සගෙන " පොලිසියේ නිලධාරයෙකු වරෙක් පැවසුවේය.

    කෙසේ හෝ ජනපතිධූරයේ ප්‍රේමදාස රණසිංහ මහතා සිටින කාලයේ සොත්ති උපාලි කෙතරම් බලවත්ද යත් කොලොඹ පොලිසියෙහි ඉහල තනතුරක් දැරු අයෙකු ඔහුට කතා කොට ඇත්තේ " සර් " කියා අමතමින්ය.



     
    Last edited:

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    එල....දැන් ඉන්න ලොක්කා නාවල නිහාල්.. හැබැයි ලංකාවේ නෑ,
    ඉන්දියාවට ගිහින් කියලා කියන්නේ

    නාවල නිහාල් මලා මචන්
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    එල....දැන් ඉන්න ලොක්කා නාවල නිහාල්.. හැබැයි ලංකාවේ නෑ,
    ඉන්දියාවට ගිහින් කියලා කියන්නේ


    nawala nihal marila
    dan run karanne karti dhammika
    uuth dan hangi hangi inne ,, dan run karanne uge malli kenek nama nam mataka na
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නාවල නිහාල් මලා මචන්

    nawala nihal marila
    dan run karanne karti dhammika
    uuth dan hangi hangi inne ,, dan run karanne uge malli kenek nama nam mataka na

    :eek:
    දන්නේ නෑනේ, පත්තරේකවත් දැක්කේ නෑ...
    කරාටි දම්මික නම් ඉන්නවාලු
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    :eek:
    දන්නේ නෑනේ, පත්තරේකවත් දැක්කේ නෑ...
    කරාටි දම්මික නම් ඉන්නවාලු

    Hmm Karathi Dhammika Inna wa Lu Phone ekak wath Use karanne Nahalu...
    Dan Habai Pathalaya Bida Watena wa Okkama STF eken Allala Marana wa ekek wath Tiya ganne na....
    Ahuwechha gaman Ewwlema Karaganna ona ewa kara gena marala dana walu.
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    33
    මේ කියන්න යන ගෝනවල සුනිල්ගේ ඥාතියෙක්ගේ පුතෙක් අදටත් මගේ හොදම යාලුවෙක්.

    ගෝනවල සුනිල්

    ගෝනවල සුනිල් යනු ශ්‍රී ලංකාවේ නම ගිය පාතාල රජෙකි.එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කටයතු වලදී ඔහුට නිතර සහය දැක්වු අයෙකි.වරක් ඔහු අවුරුදු 14 ක් වයසැති තරුණියක් දූෂණය කල වරදට වරදකරු ලෙස ඔප්පු වූ අතර ජේ.ආර්.ජයවර්ධන මහතාගේ අණ පරිදි ඔහු නිදහස් කරන ලදී.මේ පිලිබද විමසන ලද අවස්තාවේ ඒ මහතා පැවසුවේ
    " මම කලේ මට එහෙම කරන්න බලය තියෙන හින්දා " ලෙසය.
    එමෙන්ම එක්සත් ජාතික පක්ෂය ඔහුව සාමවිනිසුරුවරයෙක් ලෙසත් පත් කලේය.

    රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමතිධූරය දරන සමයේ ඔහු පිටුපස සිටි අදිසි හස්තය ගෝනවල සුනිල්ය. එම කාලයේ ලමයකු පාසලකට ඇතුලත් කිරීමේදී ගෝනවල සුනිල්ගේ ලියුමක් ඇත්නම් ලමයාගේ සුදුසුකම් පිලිබද කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරවම ඔහුව ඇතුලත් කරගනී.ටික කලක් ගත වත්ම රනිල් වික්‍රමසිංහ මහතාට ගෝනවල සුනිල් තමා ලග තබා ගැනීම තම දේශපාලන ජීවිතයේ ඉදිරි ගමනට කැළැලක් ඇති වේයයි බියක් ඇති විය. ගෝනවල සුනිල් ඝාතනය වන්නේ ඉන් පසුවය.

    1983 දී දෙමළ සිරකරුවන් සමුලඝාතනය කිරීමේදීත් මුලිකත්වය ගෙන කටයතු කලේ ගෝනවෙල සුනිල්ය.මෙය පිලිබද තොරතුරු මාධ්‍ය වල පලවීම වැලැක්වීමටත් රජයට ගත හැකි උත්සාහයක් නොතිබුනි.2000 මැයි 20 වන දින පුවත්පත් වල,පොලිසියෙන් පලා යාමට තැත් කිරීමේදී වෙඩි පහරවල් වැදී ගෝනවල සුනිල් මිය ගිය බව වාර්තා වී තිබුනි.එම මසම 3 වනදා කැලණී පොලිසිය ඔහු පසු පස හඹා ගියත් ගෝනවල සුනිල් ඉන් පැන ගත්තේ සිය සගයන් 4 දෙනෙකුම පොලිස් වෙඩි පහරින් මිය යන අතරතුරය.ඔවුන් නමින් පූගොඩ ගාල්ලෙගේ රොහාන් චමිත් පෙරේරා, ඩබ්.ඩී චමින්ද තිලක්, එච්.දොන් සුමිත් සුජීව හා කේ.පී.ප්‍රියදර්ශන වේ.

    ගෝනවල සුනිල්ගේ කෝට්ටේ පිහිටි නිවස වැටලීමේදී පොලිසියට අත් බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට තැත් කල නිසා ඔහුට වෙඩි තැබීමට සිදු වූ බව එදින වැටලීම සිදු කල නුගේගොඩ විශේෂ පොලිස් කණ්ඩායම පවසා තිබුනී.කෙසේ වුවත් ගෝනවල සුනිල්ගෙන් සහය ලැබූ බලවතුන් අදටත් ජීවත් වේ.




     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    943
    113
    කලුතර
    වැඩේ නම් නියමයි මචං... දිගටම මේ විස්තර දාන්න... මමත් ගොඩක් ආසයි මේවා දැනගන්න... :):):)

    rep+++++
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,955
    113
    Scandinavia
    දැන් නුවර රන් කරන ඩ‍යල් ගැන විස්තර කවුරු හරි දන්නව නම් කි‍යනවද?