story eka kiyapan ko
චින්තක මාළු නිහාල්ව මැරුවම සොත්ති උපාලි හිතුවේ ඒකට ඔත්තු බැලුවේ කළු අජිත් කියලා.
ඒත් එතකොට ඌ චින්තකව අඳුරන්නෙත් නෑ. ඒත් සොත්ති උපාලි එහෙම හිතලා කළු
අජිත්ගෙ අයියව මැරුවා. ඒකෙනූයි අජිත් චින්තක ගාවට යන්නෙ. පස්සේ චින්තකයි
කළු අජිතුයි හිටියෙ ගෑනියි මිනිහයි වගෙ. සීන් එක කෙටියෙන්ම කියන්නම්. අජිත්ගෙ
ගෙදර පාටියක් තිබ්බා. ඒකට කොල්ලො දෙන්නෙක් ඇවිත් හිටියා. චින්තකත් ඒ පාටියෙ හිටියා.
ඒත් චින්තක බොන පොරක් නෙමේ. චින්තකට කන්ට්රැක්ට් එකක් ඇවිත් තිබ්බා මේ දෙන්නව
මරන්න. ඒක පොර අජිත්ට කීවෙ නෑ. පාටිය මැදදි අර කොල්ලො දෙන්නා යන්නම් කියලා
ගියා. චින්තකත් අජිත්ට මාත් යනවා කියලා ගියා. අජිත්ට සැකයක් ආවා. පොර චින්තක ගිහින්
ටික වෙලාවකට පස්සෙ ඒ රූට් එකේම ගියා. ටික දුරක් යද්දි ගහක් ගාව අර කොල්ලො
දෙන්නා වෙඩිකාලා පණ අදිනවා . අජිත්ට මාර බයක් ආවේ චින්තක ගැන. එකට ඉදලා
මරණවනෙ. ඒක අමරසිංහලගෙ හැටි. පොලොං පවුල කියලා කියන්නෙ. එක පාරක් ධම්මික
ලඟ හිටපු කොල්ලෙක්ට එක පාරටම වෙඩි තිබ්බා එවෙලෙ ආව පොඩි සැකේකට. පස්සෙ
අජිත් ටිකෙන් ටික චින්තකගෙන් අයින් උනා. හැබැයි දෙන්නා මරාගන්න තරමට සීන් උනේ නාවල නිහාල්
කළු අජිත්ව ගොනාට අන්දලා කේලම් කියපු හින්දා. නාවල නිහාල් ගෝඩ් ෆාදර් පාතාලෙ. පොර කාවවත්
මරන්නෙ නෑ. අනුන් ලවා මරවනවා. නාවල නිහාල්ට ඕනෙ උනේ චින්තකව මරවන්න. මොකද
චින්තක ඒ පොඩි වයසට මුළු කොලඹම හොල්ලන් හිටියෙ. දෙන්නට දෙන්නා මරාගන්න ලොකු
ගේම් ගියා. එක පාරක් තොටලඟ ෆුට්බෝල් මැච් එකක් බලන්න ඇවිත් තව පොඩ්ඩෙන් අජිත්
මැරුම් කනව චින්තකගෙන්. පොර චින්තක එන්න කලින් ගිය හින්දා බේරුනා. ඔය විදියට දෙන්නම
බේරුණා. චින්තක උදය කියලා යාළුවෙක්ගෙ ගෙදර ඇවිත් හිටියා. පොර ගොඩක් වෙලාවට
එහෙට එනවා. අජිත්ට එහෙම ආපු වෙලාවක ඔත්තුව ආවා. ඉතින් අජිතුත් ආවා සෙට් එකක්
එක්ක එහෙ. එවෙලෙ චින්තක හිටියෙ කුස්සියෙ. උදය චින්තකට ඇහෙන්නත් එක්ක කීවා
"ආහ් මේ අජිත් අයියත් ඇවිත් ඉන්නෙ " කියලා. අජිත්ට තේරුනා බඩු ඉන්නවා කියලා. අරක ඇහිලා
චින්තකත් දැනගත්තා සෙට් එක ඇවිත් ඉන්නෙ ඌව මරන්න කියලා. චින්තක එක පාරටම වෙඩි
තියාගෙන ආවා. අජිත්ලගෙ සෙට් එක වැඩි හින්දා චින්තක වෙඩි වැදිලා මැරුණා. ධම්මිකත්
එහෙට එන්න ඔන්න මෙන්න හිටියෙ. අජිත් හිටියෙ මේ චාන්ස් එකෙන් ඌවත් මරන්න. ඒත් ධම්මිකට
ආරංචි උනා සිද්දිය. පොර ආවෙ නෑ. ආවනම් ධම්මිකත් එතනමයි. මේවා නිකන් ෆිල්ම් වල සිද්දි වගේ.
අපි ගොන් action ෆිල්ම් හදන වෙලෙ මේ සිද්දි දාලා gang of wasseypur වගේ ෆිල්ම් හැදුවනම් කොහොමද