මෙතන ඉන්න ඔක්කොම වැඩකාරයෝ නෙමේ.අමරසිංහ පවුල තමා පාතාලේ හිටපු භයානකම පවුල. ඒ පවුලෙ අය ඉපදිලා තියෙන්නෙම පාතාලෙට එන්න වගේ. නොයෙල් අමරසිංහ, නිහාල් අමරසිංහ,රංජිත් අමරසිංහ,සුනිල් අමරසිංහ, ජස්ටින් අමරසිංහ, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ. ඔතනින් දරුණුම ධම්මික අමරසිංහ. ඒ එක කට්ටියක්. ගෝනවල සුනිල් , නාවල එරික්, නාවල නිහාල් . ඒ සෙට් එක තමයි පාතාලෙට අඩිතාලම් දැම්මේ. හැබැයි පාතාලෙ කියන නම ලංකාවට දැනුනෙ සොත්ති උපාලිගෙන්. අමරසිංහලගෙන් පස්සේ පවුලක් විදියට පාතාලෙ සීන් දාගෙන ආවේ සූරියවැව රත්නවීර කල්ලිය. සුනිල් රත්නවීර තමා ලොක්කා. හැබැයි උගෙ මොලේ විතරයි. හරියට වෙඩි තියන්නවත් බෑ. එකෙ හරිම වැඩකාරයා පල්ලත්තර ජගත්. උට බයික් එකේ යන ගමන් වෙඩි තියන්න පුලුවන්. ලොකු බිත්ති දිගේ යනවා. එක පාරක් හිරෙන් පැන්නෙත් එහෙමයි. බොරු නෙමේ. මේවා සිරා සිද්දි. පල්ලතර ජගත්ව සුනිල්ට අදුන්නලා දුන්නෙ ලන්දෙවත්තෙ බාලායා. මුන්ට විරුද්ධ කල්ලියකට හිටියෙ චන්ඩි මල්ලිගෙ සෙට් එක. ඒකෙ හොදම වැඩකාරයා ආමි ජිනේ. පල්ලතර ජගත් උනත් බයෙන් හිටියෙ ආමි ජිනේට. දකුණේ පාතාලෙ කීවම මතක් වෙන්නෙ වම්බොට්ටා තමයි. ඒත් ආමි ජිනේ කියන්නෙත් හොදම වැඩකාරයෙක්. ඒ තව සෙට් එකක්. කොටහේනෙ නැදෑ ගෙදරක ගිහින් ඉද්දි මම දැකලා තියනවා ප්‍රින්ස් කොලම් යන හැටි. ජනාධිපති වගේ. මාර වාහන ගොඩක් ඉස්සරහිනුයි පස්සෙනුයි යන්නේ. ඒ තව චරිතයක්. දෙමල පාතාලෙයි මුස්ලිම් පාතාලෙයි තියෙන්නෙ වෙනම කතා. කඩුවෙල වසන්ත ගැන කීවය හරිම වැඩකාරයා වසන්තගෙ අයියා කඩුවෙල උපාලි. කඩුවෙල වසන්ත අංක එකේ කුඩ්ඩෙක්. හැබැයි මාර කොල්ලො ගොඩක් වටේ හිටියේ. ඉතින් උට ලං වෙන්න කාටවත් බෑ. නාවල නිහාල් තමා මොලෙන් වැඩ කරපු හොදම පාතාලෙ පොර. එකයි අදටත් සමහරුන්ට සැක නිහාල් මැරුනද කියලා. පස්සෙ හෙමීට ලියන්නම් බන්. මොකද හැම එකෙක්ටම කතාවක් තියනවා.