චාමර ඒ වනවිට එළියට පැමිණ කුඩු ව්‍යාපාරයත් අනෙකුත් ව්‍යාපාරත් කරමින් සිටියේය. ඒ ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ගෝලයකු මෙන්ම නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනයේ සැකකරුවකු වන උදම්මිට සමරේ සමඟය. සමරේ වැඩකළ දේශපාලනඥයා මීට පෙර කරාටි අජිත්ටද කිරි පෙව්වේය. මේ නිසා සමරේ සිටියේද නහර පුප්පාගෙනය. සමරේ සහ චාමර අතර සිදුවන ගනුදෙනු සහ හැළ හැප්පීම් නිසා අවසානයේ චාමර සමරේ මරන්නට තීරණයක් ගත්තේය. ඒ සඳහා සහයෝගය ඉල්ලුවේ සංජීවගෙනි. සංජීව ඒ සඳහා යොදවන්නේ අජිත්ය.
අජිත් ඒ වනවිටත් චාමරගේ නිවසේ නැවතී සිටි නිසා සංජීව අජිත්ට ආයුධ සපයා සමරේ ඉවර කළේය. අවසානයේ එසේ සමරේ පරලොව යන්නේ මේ ගැටුමේ එක් ප්‍රශ්නයක් ඉවරකරමිනි. එම ඝාතනයෙන් පසුව චාමර කොටු වුණත් අජිත් කොටුවන්නේ නැත. අජිත් කට්ටි පනිමින් සිටි අතර අවසානයේ අජිත් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිවන්නේ නැත.
මේ අතරතුර බන්ධනාගාරයේ සිටින සංජීව විවිධ උපක්‍රම යොදා ගම්පහ ප්‍රදේශය තුළ කප්පම් ජාවාරම මෙහෙයවීමට උත්සාහ කළත් එයට අවස්ථාවක් උදාවන්නේ නැත. එපමණක් නොව එක්තරා දේශපාලනඥයකුද මේ සඳහා උත්සාහ කළත් ඔහුටද අවස්ථාව උදාවන්නේ නැත. එයට හේතුව වන්නේ ගම්පහ ඔස්මන් නිසාය. ඔහු කිසිම අයකුට ගම්පහ කප්පම් ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ හේතුවෙන් ඉහත කී දේශපාලනඥයාත් ඔස්මන් අතරත් නිතර අළු යට ගැටුම් තිබුණේය. දේශපාලනඥයා නිතර විවිධ ක්‍රම හරහා ඔස්මන් මට්ටු කිරීමට ගියත් එයද හරි ගියේ නැත. ඇතැම් අවස්ථාවල ආරක්ෂක අමාත්‍යංශයට අසත්‍ය ලියුම් පවා යවනු ලැබීය.
කවුද මේ දේශපාලනඥයා ප්‍රසන්න රණතුන්ගද ?
????

Pathale