පාතාලය

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113



    චාමර ඒ වනවිට එළියට පැමිණ කුඩු ව්‍යාපාරයත් අනෙකුත් ව්‍යාපාරත් කරමින් සිටියේය. ඒ ගම්පහ ප්‍රබල දේශපාලනඥයකුගේ සමීප ගෝලයකු මෙන්ම නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති සුරංග පීරිස් ඝාතනයේ සැකකරුවකු වන උදම්මිට සමරේ සමඟය. සමරේ වැඩකළ දේශපාලනඥයා මීට පෙර කරාටි අජිත්ටද කිරි පෙව්වේය. මේ නිසා සමරේ සිටියේද නහර පුප්පාගෙනය. සමරේ සහ චාමර අතර සිදුවන ගනුදෙනු සහ හැළ හැප්පීම් නිසා අවසානයේ චාමර සමරේ මරන්නට තීරණයක් ගත්තේය. ඒ සඳහා සහයෝගය ඉල්ලුවේ සංජීවගෙනි. සංජීව ඒ සඳහා යොදවන්නේ අජිත්ය.
    අජිත් ඒ වනවිටත් චාමරගේ නිවසේ නැවතී සිටි නිසා සංජීව අජිත්ට ආයුධ සපයා සමරේ ඉවර කළේය. අවසානයේ එසේ සමරේ පරලොව යන්නේ මේ ගැටුමේ එක් ප්‍රශ්නයක් ඉවරකරමිනි. එම ඝාතනයෙන් පසුව චාමර කොටු වුණත් අජිත් කොටුවන්නේ නැත. අජිත් කට්ටි පනිමින් සිටි අතර අවසානයේ අජිත් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිවන්නේ නැත.

    මේ අතරතුර බන්ධනාගාරයේ සිටින සංජීව විවිධ උපක්‍රම යොදා ගම්පහ ප්‍රදේශය තුළ කප්පම් ජාවාරම මෙහෙයවීමට උත්සාහ කළත් එයට අවස්ථාවක් උදාවන්නේ නැත. එපමණක් නොව එක්තරා දේශපාලනඥයකුද මේ සඳහා උත්සාහ කළත් ඔහුටද අවස්ථාව උදාවන්නේ නැත. එයට හේතුව වන්නේ ගම්පහ ඔස්මන් නිසාය. ඔහු කිසිම අයකුට ගම්පහ කප්පම් ගැනීමට ඉඩ ලබා දුන්නේ නැත. මේ හේතුවෙන් ඉහත කී දේශපාලනඥයාත් ඔස්මන් අතරත් නිතර අළු යට ගැටුම් තිබුණේය. දේශපාලනඥයා නිතර විවිධ ක්‍රම හරහා ඔස්මන් මට්ටු කිරීමට ගියත් එයද හරි ගියේ නැත. ඇතැම් අවස්ථාවල ආරක්ෂක අමාත්‍යංශයට අසත්‍ය ලියුම් පවා යවනු ලැබීය.



    කවුද මේ දේශපාලනඥයා ප්‍රසන්න රණතුන්ගද ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කලු අජිත් චින්තකව මැරුවා 98දී. එවෙලාවෙ කළු අජිත් එක්ක විකටරුයි චුට්ටයි හිටියා. ධම්මිකට ඕනෙ
    උනා මේ තුන්දෙනාවයි මේ වැඩේට උදව් වුන හැරිසන් චන්ද්‍රසිරිවයි මරන්න. ධම්මික අංගොඩදී
    චුට්ටව මරනවා.ඒ වෙලාවෙ ධම්මිකත් එක්ක මොරටු සමන්,තජිත්, බැද්දගානේ සංජීව,තාරවත්තෙ අජිත්,
    ජැක්පොට් චමින්ද, බඩා මහින්ද මේ ඔක්කොම ඉන්නවා. චින්තක චුට්ටගෙ බෙල්ල කපල ඔලුව
    විතරක් අරගෙන යනවා තොටලඟ හන්දියට. අතරමඟදී ඉගුරුකඩේ හන්දියෙදි පොලීසිය ඒ යන
    වාහනේ නවත්තනවා. ඒත් මොනවත් කරන්න වෙන්නෙ නෑ. මොකද ඇතුලේ බැද්දගානෙ සංජීව
    ඉන්නවා. පොර උගෙ අයිඩෙන්ටිය පෙන්නනවා. චන්දිකාගෙ ලඟින්ම හිටපු ආරක්ෂකයා හින්දා
    ඒ කාලෙ බැද්දගානේ සංජීවට ඇමතිකෙනෙක්ට වඩා තැන තිබ්බා. චින්තක තොටලඟ හන්දියේ
    අර ඔලුව එල්ලනවා. ඔය අස්සේ ධම්මික කඩුවෙල වසන්තගෙ අයියව මරනවා. ඒත් මොරටු සමනුයි
    ජැක්පොට් චමින්දයි එක්ක එකතු වෙලා. ඒත් ධම්මික පස්සෙ මොරටු සමන් එක්කයි බැද්දගානෙ
    සංජීව එක්කයි වලියක් දාගන්නවා. චින්තක බැද්දගානේ සංජීවව මරනවා. පස්සෙ ජැක්පොට් චමින්දයි
    ලංකායි එක්ක මොරටු සමන්වත් මරන්න යනවා. ඒත් ඒ ප්ලෑන් එක වරදිනවා. ඒ අතරේ තොප්පි චමින්ද
    මොරටු සමන්ව මරනවා. ධම්මික තමයි පාතාලෙ බිහිවෙච්ච භයානකම චරිතේ. හැබැයි ඉස්සර හොඳට
    ඉගෙන ගත්ත අහිංසක කොල්ලෙක්. සොත්ති උපාලි තමා උන්ගෙ පවුල නැති කරලා උන්ව මේ තත්වෙට
    ගෙනාවේ. ධම්මිකගෙ කල්ලියෙම තජිත් පස්සෙ චින්තකගෙ නෝනා එක්ක යාළු වෙනවා. දවසක් වාහනේ
    යද්දි තජිත් පාරෙ ඉන්නවා දැකලා ධම්මික කකුල් දෙකට වෙඩි තියනවා. අනිත් අයත් පුදුම වෙලා බලනවා.
    මේ හොදට ඉන්නවා මේ වෙඩි තියනවා. ධම්මික තජිත්ව මරන්නෙ නෑ. අබ්බගාත කරනවා විතරයි.
    2004 ජනවාරි මුල ධම්මික උසාවියට එන්නේ ගොඩක් කේස් වල එකතුවකට. ඒ වෙලාවේ ධම්මික හැමතිස්සෙම
    වටපිට බලනවා. මොකද ධම්මිකත් දැනගෙන හිටියා එයාගෙ හාම්පුතා එයාව කොයි වෙලේ හරි මරයි කියලා.
    ඒ වෙලාවෙ ප්‍රින්ස් කොලමුත් හිටියේ උසාව්යෙ නඩුවකට ඇවිත්. වෙඩි සද්ද ඇහෙනකොට සමහරු හිතුවෙ
    ප්‍රින්ස් කොලම්ට කවුරු හරි වෙඩි තියලා කියලා. ඒත් උදයකුමාර කියලා පාතාලෙට සම්බන්ද නැති
    හැබැයි ප්‍රින්ස් කොලම්ව අදුරන කෙනෙක් ධම්මිකටයි වෙඩි තියල තිබ්බෙ 6 පාරක්. කට්ටියක් හිතුව
    ප්‍රින්ස් කොලම් ධම්මිකව මරවන්න ඇති කියලා. උදය කුමාර කීව බැද්දගානෙ සංජීව එයාගෙ අයියා,
    අයියා මරපු පලිය ගන්න ආවේ කියලා. ඒක බොරු කියලා ඔප්පු වුනා. ඇත්ත එලියට ආවේ නැති උනාට
    ලංකාවෙ ගොඩක් අය දන්නවා ධම්මිකව මැරුවෙ කවුද කියලා


    තිලංග සුමතිපාලද ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගිණි අවි සහ ගිණි කෙලි පොත් කියවන්න. මේවට සම්බන්ධ දේශපාලුවෝ ගැන ඉඟි දීලා තියෙනවා .