පාතාලෙට_තවත් එකෙක් බිලි
මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී 31 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නැමති මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයී මෙම වෙඩි පහරට ලක්ව ඇත්තේ.
එහි දී මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.
ත්‍රීරෝද රියේ ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇත.
මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුල පාතාළ සිද්ධීන් සම්බන්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 13 කට ආසන්නයි.
පාතාල වෙඩි තැබීමකින් මාලිගාවත්තේ දී තවත් තරුණයකු මරුට