පාතාලෙට_තවත් එකෙක් බිලි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    පාතාලෙට_තවත් එකෙක් බිලි

    පාතාල වෙඩි තැබීමකින් මාලිගාවත්තේ දී තවත් තරුණයකු මරුට


    මාලිගාවත්ත අලාමා ඉක්බාල් මාවතේ දී 31 හැවිරිදි තරුණයකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    සාවුල් හමීඩ් මොහොමඩ් මිස්රාල් නැමති මෙම පුද්ගලයා තවත් පුද්ගලයකු සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදීයී මෙම වෙඩි පහරට ලක්ව ඇත්තේ.

    එහි දී මෙම තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

    ත්‍රීරෝද රියේ ගමන් කළ අනිත් පුද්ගලයාගේ පාදයට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇත.

    මිය ගිය තරුණයා මීට වසර පහකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී සුදු වෑන් රියකින් පැහැර ගැණුනු බව කියන පාතාල සාමාජික මංජන් අක්‍රම්ගේ මස්සිනා බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුල පාතාළ සිද්ධීන් සම්බන්ධයෙන් මිය ගිය සංඛ්‍යාව 13 කට ආසන්නයි.



    maligawathtgajnsjcksssss.jpg


    024.png


    043.png