පාදඩදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    පාදඩදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි

    658284607padeniya3.jpg

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා බොරු තොරතුරු ලබාදී තම දරුවන් ජනප්‍රිය පාසල්වෙත ඇතුළුකළ අකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ මෙසේ හෙළි කළා.






    ‘2011 අවුරුද්දේ තමන්ගේ පුත්‍රයාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න බොරු තොරතුරු ඉදිරිපත් කරපු පාදෙනිය 2012 දි දෙවැනි පුතා රාජකීය විද්‍යාලයට දාගන්න නමත් වෙනස් කරගත්ත ආකාරය පිළිබඳ තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා 2011 වසරේ දී අංක 75, පයිප් රෝඩ්, කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා ඉඳගෙන කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගෙ දරුවා ඇතුළත් කරන්න උත්සාහ කරනවා. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු තවත් උපක්‍රමයක් යොදාගෙන දරුවා ආනන්ද විද්‍යාලයට‍ ඇතුළත් කරගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, මහා ලොකුවට පාරම්බාන මේ වෘත්තීය සමිති සභාපතිවරයා 2012 අවුරුද්දෙ කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගේ දෙවැනි දරුවා ඇතුළත් කරගැනීමට උත්සාහ කරද්දි නමෙත් අග මුල මාරු කරගත්ත බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඔහුගේ දෙවැනි පුත්‍රයා ඇතුළත් කරගැනීමේ දී පාදෙනිය ඔහුගේ නම ලබාදෙන්නෙ බී එස් එම් එම් එන් බී

    බණ්ඩාර ලෙසයි. ගරු කථානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදාගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ්වල පදිංචි වෙලා හිටිය පාදෙනිය හිටිහැටියෙම 13/1/ඒ, චාර්ල්ස් වේ, කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ පස්වැනි ශ්‍රේණියේ. ගරු කථානායකතුමනි, එම දරුවාගේ 2,3,4 ශ්‍රේණිවල පදිංචිය දෙමව්පිය විස්තර ඇතුළත් තොරතුරු ද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒවගේ ම ගරු කථානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදෙනිය ලකුණු 70 සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන් ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සැබෑ තත්ත්වය‘
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ai padeniya vitharak. oya inne ona tharan heththa buruththak. ai akilata padeniyama penune. me welawe padeniyawa target karanna ona nisa :)

    api peththaka idan visila gahala pop corn kanawa. game loku iskolekata daganna game inna minihath oya wdema koranawane.