ඔව්, මෙයාට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වෙනවා. GMOA එකේ කටයුතු වලට මෙයාට නීත්‍යානුකුලව මැදිහත් වීමේ හැකියාවක් නැහැ. නමුත්, දේශපාලන බලය නිසා මෙයා තාමත් GMOA එකේ ලොක්කා වගේ තමයි ඉන්නේ.
මෙයාට ලොකු චෝදනාවක් තියනවා. විශේෂඥ පුහුණුවට ගිහින් ලංකාවට ආවාට පස්සේ ඒ බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නොදන්වා විදේශගතව පුහුණු වෙන වෛද්‍ය වරයෙකු සඳහා රජයෙන් ගෙවන දීමනාව දිගටම ලබා ගැනීම සම්බන්ධයෙන්. ඒක චෝදනාවක් පමණක් නොවෙයි, හැබවින්ම සිදු වෙච්ච දෙයක්. නමුත් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක නොවීම නිසා මෙයා බොහොම අවංක කෙනෙක් හැටියට පෙනී ඉන්නවා. නමුත්, ඒ චෝදනාව ඔප්පු කළහැකි සාක්කි අදටත් තියන බවත් මම දන්නවා. ඒ නිසා, මෙයා රට හැර ගියත් මම පුදුම වෙන්නේ නැහැ.