පාද(ඩ) යාත්‍රාව පුස්සක් වේ.! මිලියනයක් කීවාට ආවේ 4000 ටත් අඩුවෙන්: එදා වාරණ නියෝග නිකුත් කෙළේ නෑ, කෙලින්ම නිකුත් කෙළේ වෙඩි උණ්ඩ -රතුපස්වල ජනයා කියති
මිලියනයක් පාරට බස්සනවා යැයි වහසි බස් දෙඩූ රාජපක්ෂ හොරුන්ගේ පාද(ඩ) යාත්‍රාවට ආරම්භ දිනය වූ ඊයේ සහභාගී වූයේ 4000 කට අඩු පිරිසක් බව වාර්තා වේ.
වාර්තා කරුවන් පවසන්නේ වැඩිම වුවහොත් 4000 ක් සහභාගී වූ බව වන නමුත් රාජ්‍ය බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කර ඇත්තේ 3500 ක් පමණ දෙනා සහභාගී වූ බවකි.
නමින් පාද යාත්‍රාව ලෙස නම් කළද මහින්ද රාජපක්ෂ ඊට සහභාගී වූයේ ජීප් යාත්‍රාවකිනි.
ඊයේ අතර මගින් නතර කරන ලද පාද(ඩ) යාත්‍රාව අද උතුවන් කන්දෙන් ආරම්භ කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. සරදියෙල් නමැති පුරාණ හොරෙකු සැඟව සිටි උතුවන් කන්ද රාජපක්ෂ හොරුන්ටද අපූරුවට ගැලපෙන ස්ථානයක් යැයි ජනතාව කියති.
මේ අතර ඉදිරි දිනයේදී පාද(ඩ) යාත්‍රාව ගමන් ගන්නා ගම්පහ රතු පස්වල ප්‍රදේශයේ ජනතාව එදා පාරට බැස්සා කියා තමන්ට වෙඩි තැබූ රාජපක්ෂලාව පාරේදී ‘පිළිගැනීමට‘ සූදානම්ව සිටිති. ඊට වඩාත් හේතු වී ඇත්තේ ලබන 01 වෙනිදා පාද යාත්‍රාව අවසන් වන දිනය දා රාජපක්ෂලා රතුපස්වල සිදුකළ සමූහ ඝාතනයට ද වසර 3 ක් සම්පූර්ණ වීමයි. රතු පස්වල ජනතාව තුල රාජපක්ෂලාට එරෙහිව කැකෑරෙන කෝපය මෙහි පහත දැක්වෙන සමාජ ජාලා වල සංසරණය වන සටහන් වලින් තේරුම් ගත හැකිය.
මහින්ද රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කර සිටියේ තමන්ගේ කාලයේදී විරෝධතා පා ගමන් වලට මෙලෙස අධිකරණ වාරණ නියෝග නිකුත් නොකළ බවයි. රතු පස්වල ජනතාව කියන්නේ එය සත්‍යයක් බවයි. මහින්ද රාජපක්ෂ අධිකරණ වාරණ නියෝග නිකුත් නොකර කෙලින්ම වෙඩි උණ්ඩ නිකුත් කර තමන්ගේ සොයුරන් මරා දැමුවේ යයි ඔව්හු පවසති.