පානදුරේ_තෙල්_කාන්දුව_මීගමුව_දෙසට . . .

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ බලපන් බං......

    http://www.elakiri.com/forum/showthread.php?t=1471662

    ඒ නගරාධිපතිට තිබ්බ මොලේ, අපේ එකෙක්ට නෑති උනානේ අර නැව ගිලෙනකම්ම..... :angry:

    එකනම් ඇත්ත තමයි මචන්, අනික අපේ රටේ කොයි ලොක්කද බන් තමන්ගේ වත්කම් වලින් රට හදන්නේ,

    ඒ රටවල එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . . .

    I don't know why මෙහෙම වෙන්නෙ ඇයි . . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    එකනම් ඇත්ත තමයි මචන්, අනික අපේ රටේ කොයි ලොක්කද බන් තමන්ගේ වත්කම් වලින් රට හදන්නේ,

    ඒ රටවල එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . . .

    I don't know why මෙහෙම වෙන්නෙ ඇයි . . .

    :( :( උන් හැදෙනවා මිසක්, රටට හෙන ගහලා ගියත් කමක් නෑ කියලනේ උන් ඉන්නේ......!! :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගිලුණු නැවේ තෙල් දෙහිවල, රත්මලාන වෙරළට ගසයි . . .

    4211-1.jpg


    පානදුර වෙරලේ අවුරුදු 03ක් පමණ නැංගුරම් දා තිබූ "තර්මෝපිලී සියෙරා" නෞකාව පෙරේදා ගිලී යන අවස්ථාවෙ එහි තෙල් ටොන් 70ක් පමණ ඉතිරිව තිබුණා.

    42112-1.jpg


    42115-1.jpg


    තෙල් පැතිරීම වැලැක්වීමට දිය මත පාවෙන සමුද්‍රීය ආරක්ෂක වැටවල් නැව වටා සවිකරන බව වාර්තා වුවද, ගිලුණු නැවේ තෙල් මේ වනවිට මීගමුව දක්වා පැතිරෙමින් පවතින අතර අද උදෑසන වනවිට දෙහිවල, රත්මලාන, වැල්ලවත්ත වෙරළට ගොඩ ගසා තිබෙනු දක්නට ලැබින.

    23k3zw1.jpg


    925681ef2315a3d3a57467cc824b-grande.jpg


    55bce_o09_23315377.jpg


    ඊයේ දහවල් වනවිට ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කළේ ගෝල්ෆේස් වෙරල තීරයට පැමිණ රැල්ල පෑගීම අවදානම් සහිත බවයි.

    මෙම විනාශයේ වගකීම බාරගැනීමට කිසිවෙක් නැති අතර තෙල් හම්බන්තොට දක්වාද පැතිරීමට තිබෙන බව නිවේදනය කර ඇත. ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80%ක් පමණ පිරිසක් නවාතැන් ගැනීමට වෙරළ තීරය තෝරාගන්නා නිසා එය සංචාරක කර්මාන්තයටද බලවත් පහරකි.

    jjn1jb.jpg


    e0o0eq.jpg


    තෙල් කාන්දුව ගැඹුරු මුහුද දෙසට පැතිර යන බව වාර්තා වුවද මේ වනවිට වෙරළ තීරයටද පැමිණෙමින් තිබෙන නිසා දැඩි පාරිසරික හානියක්‌ සිදුවිය හැකිය. ඉන් සිදුවන ස්වභාවික විනාශට සුළු පටු නොවන අතර එමඟින් බොහෝ මුහුදු ජීවීන් හා මුහුදු ශාකද මියයාම සිදුවිය හැක.

    30x96cn.jpg


    w70v2g.jpg


    30mwr5c.jpg


    j77z1k.jpg


    fyz7yw.jpg


    නෞකාවෙන් වෙන් වූ බවට සැක කෙරෙන යකඩ කොටස් කිහිපයක් බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල වෙරළට පාවී පැමිණ තිබෙන අතර ඒවා දැක ගැනීමට පිරිස්ද රොක් වී සිටියා.

    Yakada-1.jpg


    Yakada-2.jpg


    වසර ගනනාවක් මුහුදේ නැම්වුරම් ලා තිබූ නැවේ ඇතුලත දිරාපත්වෙමින් පැවතුන යකඩ කොටස් කිහිපයක් පහතින්. නැව මුහුදු බත් වූයේ මෙම යකඩද සමඟය . . .

    18md87.jpg


    20ken83.jpg


    2pqukxs.jpg