හරිම ලස්සනයි මචං.
මට මතකයි මේ වගේ හිත හොද රජයේ සහ පුද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තර වරු.න් ඉස්සර. මම ඉස්සර ගාල්ලේ නගරයේ මැද තියන ඉතා ප්‍රසිද්ද සන්ගාරාමය කියල පන්සලක හවස ඉංග්‍රීසි පන්තියකට ගියා. මම 6 වසරේ වගේ පොඩි කාලේ. ඒ කාලේ ඔක්කොම වගේ බස් මම අපේ ගෙවල් ගාව හෝල්ට් එකට එනකන් සමහර වෙලාවට විනාඩි 10 පවා නවත්තන් ඉන්නවා. ඒ බස් රියදුරන්ට පුරුදු වෙලා මම එන වෙලාව. පරක්කු උනොත් නවත්තන් ඉන්නවා. මම පරක්කු වෙලා දුවගෙන එනකොට බස් හෝල්ට් එක ගාව කඩේ මාමා කියනවා ඉක්නට දුවපන් දැන් බස් එක ගොඩක් වෙලා ඉන්නේ උඹ එනකම් කියල. පරක්කු වෙලා ආවත් මම බස් එකට නගිනකොට හිනා වෙලා ඉන්නේ රියදුරන් සහ කොන්දොස්තර මහත්වරු. කිසිම හදිසියක් නැ. හරිම හොදයි ඒ කාලේ මිනිස්සු. මට වගේම තමයි ඒ පාරේ ඉන්න අනිත් ලමයි එනකනුත් එහෙම නවත්තන් ඉන්නවා.
ඒ කාලේ එක්ක සසදනකොට දැන් ලංකවේ ඔක්කොම මිනිස්සු ගොඩක් කාර්ය බහුල වෙලා. වෙන අය ගැන හිතන්න වේලක් නැ.