පානදුර_මුහුදේ_නැවක්_ගිලීමේ_අවදානමක.......
කොළඹට කිලෝමීටර 12ක් පමණ ඈත මුහුදේ නෞකාවකට ජලය පිරෙමින් පවතින බව වාර්තාවේ.
ඒ පිළිබඳව අප කළ විමසීමකදී වෙළද නැව් අධ්යක්ෂක ශාන්ත වීරකොන් පැවසුවේ, අදාළ නෞකාවේ ඉන්ජින් කාමරයේ ඇති ජල නළයක් පුපුරා යාමෙන් නෞකාවට ජලය පිරෙමින් ඇති බවයි.
අධිකරණ නියෝගයක් මත නතර කර ඇති එම නෞකාව වසර 2 හමාරක සිට එම ස්ථානයේ නතරකර තිබූ බව ඔහු සඳහන් කළේය.
මේ වන විට අදාළ නෞකාවට ජලය පිරීම නතර කරගැනීම දුෂ්කර වී ඇති අතර එය පාලනය කිරීම සදහා නාවික හමුදාවේ ද සහාය ඇතිව ඉංජිනේරු අංශ ක්රියාකරමින් සිටින බව වෙළද නැව් අධ්යක්ෂකවරයා පැවසීය.
ඔහු සදහන් කළේ, සයිප්රස් ධජය යටතේ යකඩ ප්රවාහනය කරමින් තිබූ එම නෞකාවේ සේවක මණ්ඩලය මීට පෙර ඉවත් කෙරුණු බවය.