පාන් පාන්

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අපි හැමදාම කන පාන් වලට වෙනසක් කරමුද? මේ හවස තේ වෙලාවට නැත්නම් පොඩි බඩගින්නකට අපූරුවට ගැලපෙන පාන් වලින් හදාගන්න පුලුවන් කෙටි කෑම 5ක්.

    1. පාන් පීසා



    bread-snacks-1-1.jpg


    • පාන් පෙති කීපයක් වාටි ඉවත් කරල බටර් ටිකක් තවරා ගන්න.
    • මේ පාන් පෙති වලට මුලින්ම තක්කලි සෝස් ටිකක් තවරගෙන ඊට උඩින් තෙම්පරාදු කරගත් කුකුල් මස් හෝ සොසේජස් ටිකක් අතුරගන්න.
    • කැමතිනම් කපාගත් මාලු මිරිස්, ලූනු රවුම් ටිකක් එහෙමත් එකතු කරගන්න.
    • අතුර ගත් මිශ්‍රනය වැහෙන්න මොසරැල්ලා චීස් ටිකක්(වෙළඳ පොලේ තිබෙන කොත්මලේ මොසරැල්ල චීස් එක මේකට කදිමයි) ඉහගෙන සෙල්සියස් 180ට කලින් රත්කරගත් උදුනක විනාඩි 7,8ක් පුලුස්ස ගන්න.

    2. පාන් සමෝසා



    bread-snacks-2.jpg


    සමෝසා කන්න කව්ද කැමති නැත්තෙ. සමෝසා ඉන්දියාවෙ බොහොම බහුල කෙටි කෑමක්.
    • මුලින්ම වාටි කපාගත් පාන් පෙති රෝලින් පින් එකකින් ටිකක් තුනී කරගන්න. ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • අබ ටිකක් සූදුරු ටිකක් තෙම්පරාදු කරගත්ත තෙලට තම්බා පොඩි කරගත් අල,කපාගත් ලීක්ස්,ලූනු,තම්බා ගත් ග්‍රීන් පීස්,කහ, මිරිස් කුඩු,ලුනු කුඩු තියෙනවනම් ගරම් මසලා ටිකක් දාල හොඳින් මිශ්‍රකර ගන්න.
    • මේ මිශ්‍රණය අර තුනී කරපු පාන් පෙත්තක් මැදට තබා ත්‍රිකෝණාකාරව නවා ගෙන බිත්තර සාරු වලින් අලවා ගැබුරු තෙලේ බැදගන්න.

    3. පාන් රෝල්ස්



    bread-snacks-3.jpg


    සොසේජස් එකක් දාලා වගේම අපි රෝල්ස් වලට කට්ලට් වලට සමාන්යෙන් දාන පිරවුම දාලත් මේ පාන් රෝල්ස් හදන්න පුලුවන්.
    • වාටි කපාගත් පාන් පෙත්තක් රෝලින් පින් එකෙන් ටිකක් තුනී කරගන්න ( රෝලින් පින් එකක් නැත්නම් වතුර පුරවගත්ත වීදුරු බෝතලයක් මේ සඳහා භාවිතා කරන්න පුලුවන්.)
    • පිටි කිරි ටිකක් ගෙන පාන් පෙත්ත යන්තමට පොඟවා ගෙන බැදගත් සොසේජස් එකක් කෙලවරකින් තබා දෙපැත්තෙන් නවා ඔතා ගන්න.
    • පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

    4. බටර් සහ සීනි



    giphy-4.gif


    ලේසියෙන් පහසුවෙන් ඉක්මණින් හදාගන්න පුලුවන් රසවත් කෑමක්.
    • බටර් හෝ ඇස්ට්‍රා ගාගත් පාන් පෙත්තක් උඩට සීනි ටිකක් ඉහගන්න.
    • සෙල්සියස් 200ට පමණ කලින් රත් කරගත් උදුනක විනාඩි 15ක් පමණ පුලුස්සාගන්න. තේ වෙලාවට කන්න කර කරගා හැපෙන බටර් පාන් හදාගන්න.

    5. ෆ්‍රෙන්ච් ටෝස්ට්



    bread-snacks-5.jpg


    මේ අපි දන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් වලට ටිකක් වෙනස් විදියක්.
    • පාන් පෙත්තක් දිග තීරු තුනකට විතර කපා ගන්න.
    • බිත්තර 3ක් පිටි කිරි කෝප්ප බාගයක්,කුඩු කරගත් සීනි කෝප්ප බාගයක්, කුරුඳු කුඩු තේ හැඳි බාගයක් හොඳින් මිශ්‍ර කරගෙන කපා ගත් පාන් තීරු මෙම මිශ්‍රණයේ හොඳින් දවටාගන්න.
    • මෙම පාන් තීරු පොඩි කරගත් කෝන් ෆ්ලේක්ස් හෝ පාන් කුඩු තවරා ගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
    • අයිසින් සීනි ටිකක් උඩින් ඉහගෙන කිතුල් පැණි හෝ ගෝල්ඩන් සිරප් සමග කෑමට ගන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    :yes::yes: බඩේ ගිනියමට කියාපු ආහාරෙ :rolleyes:
    ඔයිට වැඩිය රහායි මාළු හොදි පොලුයි එක්ක පාන්
     
    Last edited:
    Apr 24, 2016
    195
    15
    0
    දැන් වෙලාව රෑ 12යි 45යි :dull::dull::dull: මොන මගුලකට මම මේක click කරාද දන්නෑනේ :baffled::baffled::baffled: බඩගිනි හැදුනා යකෝවු :angry::angry::angry: ඉරිදාට ඕවාගෙන් මොකක් හරි අම්මාට කියලා හදාගෙන ෆොටෝ දාන්නම්කො උබලාට ඇඩෙන්න :P:P:P රෙසපි එකට ThanX ඈ :D:D:D
     
    • Like
    Reactions: jodubaba

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    tx 4 sharing bro + +
    :)


    UBA NAM:no: YAKO BADADINNA WADI KARALA MARANNADA HADANNE:rofl:
    REP

    දැන් වෙලාව රෑ 12යි 45යි :dull::dull::dull: මොන මගුලකට මම මේක click කරාද දන්නෑනේ :baffled::baffled::baffled: බඩගිනි හැදුනා යකෝවු :angry::angry::angry: ඉරිදාට ඕවාගෙන් මොකක් හරි අම්මාට කියලා හදාගෙන ෆොටෝ දාන්නම්කො උබලාට ඇඩෙන්න :P:P:P රෙසපි එකට ThanX ඈ :D:D:D


    සලකන ලදී....... :lol: :lol: :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    දැන් වෙලාව රෑ 12යි 45යි :dull::dull::dull: මොන මගුලකට මම මේක click කරාද දන්නෑනේ :baffled::baffled::baffled: බඩගිනි හැදුනා යකෝවු :angry::angry::angry: ඉරිදාට ඕවාගෙන් මොකක් හරි අම්මාට කියලා හදාගෙන ෆොටෝ දාන්නම්කො උබලාට ඇඩෙන්න :P:P:P රෙසපි එකට ThanX ඈ :D:D:D

    :yes::yes::yes::yes::yes::yes:

    rep +
     
    • Like
    Reactions: jodubaba