පාන් රු. 2න් වැඩිවෙයි
පාන් රු. 2න් වැඩිවෙයි 
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල රුපියල් 2කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව දැනට රුපියල් 55 සිට 60 දක්වා අගයන් යටතේ අලෙවි වන ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල තවත් රුපියල් 2කින් වැඩි වනු ඇත.
පාන්වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිල ද යම් යම් අගයකින් ඉහළ දැමීමට බේකරි හිමියන්ට උපදෙස් දී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමෙන ආකාරය සම්බන්ධයෙන් සංගමයේ විධායක සභාව රැස්වී අද (29) පෙරවරුවේ මෙම තීරණය ගෙන ඇත.
තිරිගු පිටි මිල ඉහළ යාම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට හේතුවයි.
-adaderana-

pan labai cake welata wada