පාප්ප වහන්සේටත් කොරෝන ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,505
    32,234
    113
    පාප්ප වහන්සේටත් කොරෝන ද?

    බැතිමතුන් හමුවෙන් පසුව පාප් වහන්සේත් අසනීප වෙයි.

    ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී නොවූ බව වාර්තා වනවා.

    නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ.

    එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප තත්ත්වයකින් පෙලෙන අයුරු පෙන්නුම් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

    මේ වන විට ඉතාලිය ඇතුළු යුරෝපයේ රටවල් ගණනාවක නව කොරෝනා ආසාධිත රෝගීන් හමුවී තිබෙන අතර ශුද්ධෝත්තම පියතුමන් කිසිදු ආරක්‍ෂිත ආවරණයක් නොපැළද ජනතාව අතරට ගොස් ඔවුන් සමග සිටීමෙන් අනතුරුව රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය අවධානය යොමු කර සිටිනවා.

    මේ අතර ශුද්ධෝත්තම පියතුමන් සිය දෛනික කටයුතු සිදුකරමින් සිටින බවත් වතිකානු දේව මන්දිරයෙන් පිටත සංචාරය කිරිමට බලාපොරොත්තුවක් නොමැති බවයි උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා.

    කෙසේ වුවත් උන්වහන්සේගේ අසනීප තත්ත්වය ගැන මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් වතිකානුව විසින් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

    http://nethnews.lk/article/74899
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අර විජේපාල ලොක්කා පාස්කු සීන් එකට කිව්වා වගේ "දෙවියන් වහන්සේගෙ කැමැත්ත" කියලා තමයි කියන්න වෙන්නෙ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,175
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar387534_8.gif