පාරමීට නිවාස දෙකක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පාරමීට නිවාස දෙකක්

ආජන්ටිනාවේ පැවැති තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශී‍්‍ර ලංකාවට කීර්තියක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් පිරිනැමීමට රජය කටයුතු යොදාගෙන යන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.

එහි පළමු නිවස ලබන 30 දා කරුවලගස්වැව නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේදී ඇයට බාර දීමට කටයුතු කරන බවත් ඇයගේ පුහුණු කටයුතු පහසුවෙන් කරගැනීම සඳහා කොළඹ රැඳී සිටීම පිණිස අනෙක් නිවස කොළඹින් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බව පැවසූ අමාත්‍යවරයා මෙම පහසුකම් වලට අමතරව ඇය දැනට ජිවත් වන හලාවත, ඉරණවිල පිහිටි නිවස දින 10 ක් ඇතුලත රජයේ වියදමින් අලූත්වැඩියා කර දීමටද රජය තීරණය කළ බව ප‍්‍රකාශ කළේය.මේ පණිවිඩය රැගෙන වාරිමාර්ග, ජලකලමනාකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද (21) පෙරවරුවේම ඇය පදිංචි ඉරණවිල නිවසට පැමිණියේය. මේ අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ නිලධාරින්ද එක්ව සිටියහ.

ඇය තවත් අභීයෝගයකට මුහුණ දී සිටින බවද මෙහිදී අනාවරණ වී යැයි පැවසූ රංගේ බණ්ඩාර මහතා දෙමාපියන්ගේ ආර්ථික දුෂ්කරතාව ඇගේ ගමනට ඇති බලවත්ම බාධාව බවත්, එයට විසදුමක් ලෙස පාරමී මාරිස්ටෙලා දැරියගේ අධ්‍යාපන කටයුතු හා කී‍්‍රඩා කටයුතු වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දිය යුතු බවත් පැවසීය. ඒ සඳහා අගමැතිවරයා හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.
 

Simbion

Member
Oct 13, 2018
99
6
0
රටට දෙයක් කරපු කෙනෙක්ට ඔහොම කරාට අව්ලක් නෑ .

Sirawata ara cricket gahana huththige puthalata viyadam karana salli walin lankawe Malala krida diyunu kalanam rata ada meeta wada hoda thanaka thiyenawa sports walin.