පාර්ලිමේන්තුවේ හදුන් ගේ Poem එක ...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    යකෝ මුන් රස්සාවක් නොකර අනිත් උන්ගෙන් පිනට කකා අවුරුදු තිහ හතලිහක් පාරවල් වල නිකන් ඇවිද ඇවිද ඉන්න ගමන් වාක්‍ය වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්න පුරුදු උනා නම් මේ වෙද්දී හොදට පුලුවන් !! මුන්ගේ ඕනෑකමක් නැති එකට , බැරි කමට දැන් බොරුවට අනුකම්පාව ගන්න ටෝක් දෙනවා ... . 🤌
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,846
    4,787
    113
    Oo
    යකෝ මුන් රස්සාවක් නොකර අනිත් උන්ගෙන් පිනට කකා අවුරුදු තිහ හතලිහක් පාරවල් වල නිකන් ඇවිද ඇවිද ඉන්න ගමන් වාක්‍ය වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්න පුරුදු උනා නම් මේ වෙද්දී හොදට පුලුවන් !! මුන්ගේ ඕනෑකමක් නැති එකට , බැරි කමට දැන් බොරුවට අනුකම්පාව ගන්න ටෝක් දෙනවා ... . 🤌
    Ethin 2048 wenakota ethuma Hoda fluent Minister wei ne
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    මේකෙ මොකද්ද ආතල් ගන්න තීන්නෙ? මේ මිනිහා කියන මංගල්ලෙ තේරෙනවානෙ 😑
    පාරේ පිනට කකා ඇවිදින කාලේ ඉංග්‍රීසි වාක්‍ය එක ගානේ පුරුදු උනා නම් අද ටයි කෝට් ඇදන් ඇවිත් පාර්ලිමේන්තුවේ කොලයක් බලාගෙන කෙදිරිගාන්න වෙන්නේ නෑ නේද ? 🥱
     
    • Like
    Reactions: CohenLenstra
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Meka editted da? nethnm me gona sirawatama aye haalada

    E unata Matara uge Chanda base ekata oya tika Ronald Reagan kathawak Kara wage athi lakunu daganna
    Matara unta denatath oka epa wela tyenne. Team leader nisa witarai oka athulata awe, anika mara ketha wedak kara, hema division ekema, mu 2nd or 3rd vote eka vidiyata advertise kara.
    ------ Post added on Nov 23, 2025 at 7:53 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත

    මෙතන අඩන්නේ බැරි උනා කියලා . අවුරුදු කීයක් දේශපාලන කරන්වද පැයක් නැද්ද ඉංග්‍රීසි ක්ලාස් එකක් කරන්න . බොරු ඇඩියාව නේ අර ක්‍රිකට් ගහන උන් ටිම් එකට ආවමත් බෑ අවුරුදු 2-3 යනකොට හොදට කතාකරන්නේ .
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    පාරේ පිනට කකා ඇවිදින කාලේ ඉංග්‍රීසි වාක්‍ය එක ගානේ පුරුදු උනා නම් අද ටයි කෝට් ඇදන් ඇවිත් පාර්ලිමේන්තුවේ කොලයක් බලාගෙන කෙදිරිගාන්න වෙන්නේ නෑ නේද ? 🥱
    උන් කඩ්ඩ ඉගෙනගෙන පාඩුවෙ හිටියනං අදත් ටයි කෝට් හොර කල්ලියයි උන්ට කඩේ යන අයියල ටිකයි තමයි රජ කරන්නෙ
     
    • Haha
    Reactions: supun_sg

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ ඉන්නෙ හඳුන් :love:

    1764076410905.jpeg
     
    • Love
    Reactions: planner123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ගොබ්බ චැනල් විත් ගොබ්බ නිව්ස් 🙄
    2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ ගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .

    නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන මහතා සහ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී පූජ්‍ය මාකඳුරේ රතන වංශ හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය ඉල්ලද්දි වාහන එපා කියලා ඇවිල්ලා දැන් රථ ගාය හැදිලා වගේ නිල නිවාස එපා කියලා ඇවිත් දැන් නිල නිවාස ඉල්ලනවා වගේ නුවරඑළිය නගරාධිපතිවරයාට රථ ගාය සහ නිල නිවාස මේනියාව ඇති වී මහජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීමට සූදානම් වන බවයි.

    ඔවුන් මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ පපසුගිය මාසික සභා වාර වලදී නගරාධිපතිවරයා දැනට භාවිතා කරන නිල රථය වෙනුවට සැප පහසු නිල රථයක් නගරාධිපතිවරයාට ලබා ගැනීම සදහා ජාතික ජනබල වේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී ආර්.වසීහරන්ගේ යෝජනාව සහ නගරාධිපතිවරයාට සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් නගරාධිපතිවරයා කළ ඉල්ලීම පසුගිය 2025.11.14 දින පැවැති මාසික මහ සභාවේදී සභා අනුමැතිය ලැබීමත් සමගය.

    වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන සහ ස්වාධින කණ්ඩායම නියෝජනය කරන නාගරික මන්ත්‍රී මාකදුරේ රතන වංශ හිමියන් මෙසේ අදහස් දැක්විය.

    2025.11.14 දින නුවරඑළිය මහ නගර සභාවේ මාසික මහ සභාවේදී නගරාධිපතිවරයාට අලුත් නිල රථයක් සහ නගරාධිපති නිවසක් ඉදිකිරීමේ මෙම යෝජනාවන් දෙක ඉදිරිපත් කරන අවස්ථාවේදී ද අපගේ විරෝධය අපි ප්‍රකාශ කළා.

    මේ පත්වෙලා ඉන්න නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා නුවරඑළිය මහ නගර සභාවේ 19 වෙනි නගරාධිපතිවරයා.

    මෙතෙක් කල් හිටපු නගරාධිපතිවරුන් කිසිම කෙනෙක් තමන්ගේ සුඛ විහරණය සඳහා මෙතරම් මුදල් කන්දරාවක් යට කරන යෝජනා ඉදිරිපත් කරලා නැහැ.

    මේ වන තෙක් එක් නගරාධිපතිවරයෙකු වත් නිල නිවසක් අවශ්‍යයි කියල ඉල්ලලා නෑ මොකද මේකේ නගරාධිපතිකම් කරන්න ආවෙ පිට මිනිස්සු නෙවෙයි නුවරඑළියෙම පයින් එන දුර දුරක පදිංචි වෙලා ඉන්න අය.
    වර්තමාන නගරාධිපතිවරයාටත් පයින් එන දුරක තමයි නිවස පිහිටලා තියෙන්නේ.

    තවද මෙම නිල නිවාස ඉදිකිරීමට යෝජනා කරන්නේ නුවරඑළියේ වාණිජ වටිනාකම් වලින් වැඩි පර්චසයක් රුපියල් කෝටියටත් වැඩි මුදලකට ඉල්ලුම තියෙන ස්ථාන වල ,

    නගරාධිපතිවරයාට සිය සුඛ විහරණය සඳහා නිල නිවසක් ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය හා ආණ්ඩු පක්ෂයට සහය දෙන කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඉල්ලීමක් වශයෙන් සිදු කරන්නේ නගරාධිපතිවරයා හමුවීමට පැමිණෙන අමුත්තන්ට සැලකීම සඳහා නිල නිවසක් අත්‍යවශ්‍ය බවයි.

    ඒ හැම දේකටම සරිලන පරිදි තමයි හිටපු නගරාධිප්‍තිවරුන් වන චන්දන ලාල් කරුණාරත්න මහතාගේ සහ මහින්ද දොඩම්පිකමකින් මහතාගේ කාලය තුළදී සියලු පහසුකම් සහිත නව නගර සභා ගොඩනැගිල්ල ඉදිකරලා තියෙන්නේ ඒකෙ ඔය කියන හැම සැකිල්ලක්ම සත්කාරයක්ම කරන්න පුළුවන් නීතියට පටහැනි නොවන .

    ජනාධිපති නිල නිවස් ද පොදු කටයුතු සඳහා වෙන් කිරීමේදී නුවරඑළිය ජනාධිපති නිල නිවසත් පොදු කටයුත්තකට වෙන් වෙයි කියලා අපි විශ්වාස කරනවා වත්මන් ජනාධිපතිවරයා දුන්න මැතිවරණ පොරොන්දුවල විදිහට.

    එවන් පසුබිමක නුවරඑළිය වැනි සංචාරක නගරයක අධි වටිනාකමකින් යුතු තැනක නගරාධිපතිවරයාට නිල නිවාසයක් කිසිසේත් අවශ්‍ය නොවන කාරණාවක් හැටියටයි අපි දකින්නේ ,

    ඒත් එක්කම නිල රථය ගැන සඳහන් කරනවානම් වර්තමාන නගරාධිපතිවරයාගේ නිල රථය එතරම් පරණ එකක් නෙමෙයි එය සාමාන්‍ය රාජකාරී වලට භාවිතා කිරීම සඳහා ඇති නිල රථය.

    එයට අමතරව විශේෂ අවස්ථා සඳහා භාවිතා කිරීමට සුඛෝපභෝගී කැබ් රථයක් සහ අධි සුඛෝපභෝගී වෑන් රථයක් ද නුවරඑළිය මහ නගර සභාව සතුව තිබෙන විට මහජනතාවගේ බදු මුදලින් රුපියල් මිලියන 25ක් කැබ රතයක් මිලදී ගැනීම වෙනුවෙන් වෙන් කිරීම මහජන මුදල් අවභාවිතාවක් හැටියටයි අප දකින්නේ.

    හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ මහතා ගැන විශේෂයෙන් සඳහන් කරන විට ඔහු නගරාධිපති නිල රථය කිසිම හේතුවක් මත භාවිතා කරලා නැහැ ඔහු රාජකාරී කටයුතුවලදීත් භාවිතා කළේ ඔහුගේ පෞද්ගලික රථය පමණයි.

    අඩුම තරමේ පෞද්ගලික රථයට ඉන්ධනවත් ලබා ගත්තේ නැහැ ඔහු ඉන්ධන සඳහා වැය කරපු මුදල සහ ඔහුගේ සම්පූර්ණ මාසික දීමනාවද පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යාධාර පිරිනිවීමට වියදම් කරා.

    එවන් අගය කළ යුතු ක්‍රියාවන් සිදුකළ නගරාධිපතිවරු පාලනය කල නුවරඑළිය මහ නගර සභාවේ නව නගරාධිපති උපාලි වනිගසේකර මහතාට මේ හැදිලා තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැදිලා තියෙන රථ ගාය සහ නිල නිවාස මේනියාව කියලයි අපි දකින්නේ.

    අපිට මතකයි බලයට එන්න කලින් වත්මන් ජනාධිපතිවරයා කියනවා පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන්ට තවත් එයට කලින් හිටපු මන්ත්‍රී කෙනෙකු පස්ස තිබ්බ වාහන භාවිතා කරන්න බැරි මානසික ලෙඩක් තියෙනවා ,

    අපි බස් එකේ හරි කෝච්චිය හරි ගිහිල්ලා මහජන සේවය කරනවා. මහජනතාවට නොලැබෙන වරප්‍රසාද කිසිවක් අපිට එපා කියලා. අපිට ටිකක් කල්පනා කරලා බලන්න කියලත් ඒ කාලේ කිව්වා. ඒ ජනාධිපතිවරයාගේම පාලන සමයේ පත්වෙච්ච ඔහු යටතේම දේශපාලනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔහු මුදල් අමාත්‍යවරයා වශයෙන් අළුත් වාහන ගේන්න අයවැයේදී පාර්ලිමේන්තුවට යෝජනා කරනවා
    ඒ වගේම තමයි නිල නිවාස අපි ගන්නේ නෑ ඒවා පොදු කටයුතු වලට වෙන් කරනවා කිව්වා ඒත් දැන් නිල නිවාස වලට පොර කනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ඒ ලෙඩේම නුවරඑළිය නගරාධිපතිවරයාටත් බෝවෙලා මහජන බදු මුදලින් අති විශාල මුදලක් කන්දරාවක් තනි පුද්ගලයෙකුලෙස තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වෙන් කරවා ගැනීමට එරෙහිව විපක්ෂයක් හැටියට අපි විරුද්ධ වෙනවා වගේම එම ක්‍රියාව තරය හෙලා දකිනවා.

    නගරාධිපතිවරයාගේ මේ ඉල්ලීම් දෙකට යන වියදම ගැන සලකා බලන විට නිල රථයට මිලියන 25ක් වියදම් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා ,

    ඒත් එක්කම නිල නිවාසය හදන්න යෝජනා කරන බිම් කොටස් කීපයේ වාණිජ වටිනාකම රුපියල් කෝටියක් (මිලියන 10ක්) බැගින් ගත්තත් පර්චස් දහයක ඉඩම් කොටසක නිල නිවස හදනවානම් එයින් මහ නගර සභාවට ඇතිවන පාඩුව කෝටි දහයක් (මිලියන 100ක්) ඔය කියන විදිහේ සැප පහසුකම් එක්ක නිවස හදන්න අඩුම රුපියල් කෝටියක් (රුපියල් මිලියන 10ක්) වැය උනා කියන්නේ සමස්ත වශයෙන් කෝටි 11ක් මිලියන 110 ක් නිල නිවසට විතරක් වියදම් වෙනවා ,

    එවිට ඔය යෝජනා දෙක ක්‍රියාත්මක කරන්න රුපියල් කෝටි 13.5ක් එහෙමත් නැත්නම් මිලියන 135 ක් වියදම් කරන්න වෙනවා.

    මොන පිස්සුවකටද තනි පුද්ගලයෙකුගේ සුඛ විහරණයට මෙච්චර වියදම් මහ ජනතාවගේ බදුල් මුදල්වලින් කරන්න යන්නේ.

    නුවරඑළිය නගරයේ සංවර්ධන කටයුතු රැසක් ඉතිරිව තිබෙනවා කරන්න.

    කසල කළමනාකරණ ගැටලුව නාගරික සංවර්ධන කටයුතු හා සතිපොළ සංවර්ධන කටයුතු ජල ගැටලු විසඳීම වැනි මහජනතාවට ප්‍රයෝජනවත් දේවල් සියල්ල පසෙක තබා මහජන බදු මුදලින් නගරාධිපති සැප විඳින්න යන එකට අපි තරයේ විරුද්ධයි එයට විරුද්ධව පාරට බසින්න වුනත් අපි ලෑස්තියි

    අපේ විරෝධතාවය අපි මෙලෙස ප්‍රකාශ කරත් මෙම යෝජනා ඇතුළත් 2026 නව අයවැය සභා සම්මත කර ගනී කියලත් අපි හිතවනා

    ඒකට හේතුව නියෝජ්‍ය නගරාධිපති කියන කේජු කෑල්ලට පෙරේත වෙලා කුකුලා සලකුණ කරගත් එකසත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා මහ ලේකම් කම හෙබවන ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පිහිටෙන් අයවැය දිනන්න පුළුවන් ,

    බහුතරයට විපක්ෂය තිබ්බ නුවරඑළිය මහනගර සභාවේ බලය අත්පත් කරගත්ත විදිහටම ඒකත් කර ගනිවි කියල අපිට පේනවා.

    මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රී නුවන් පෝරුතොට මහතාගෙන් අප විමසීමක් සිදු කලද ඔහු ඇතුළු සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයාට නිල රථයක් සහ නිල නිවසක් ලබාදීමේ යෝජනාවට කිසිදු අදහසක් දැක්වීම ප්‍රතික්ෂේප කර නිහඬ වීමත් දක්නට ලැබිණ ,

    ඒ පිළිබඳව අප තවත් විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සිදුකළ විමසුමකට ඔවුන් කියා සිටියේ හිටපු නියෝජ්‍ය නගරාධිපති යදර්ශනා පුත්තිර සිගාමනි මහත්මියට ජාතික ජන බලවේගය පාලනය සතු නුවරඑළිය මහ නගර සභාවේ ක්‍රීඩා හා අධ්‍යාපන ස්ථාවර කාරක සභා සභාපතිකමක් හිමිව ඇති පසු බිමක එම සභාපතිකම රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ යෝජනාවන් වලට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා මුනිවත රකින බවයි

    විපක්ෂයෙන් නගරාධිපතිවරයාට එල්ල වන මහජන මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව පිළිබඳව පිළිතුරක් ලබා ගැනීමට දුරකථන මාර්ගයෙන් කිහිප වතාවක් නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දීම ප්‍රතික්ෂේප කළේය
    මීට පෙර සිදුවීම් කිහිපයකදී අප ඔහුගෙන් ප්‍රතිචාර ලබා ගැනීමට උත්සාහ කරන විට නගරාධිපතිවරයා අපහට කියා සිටියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සිය පක්ෂයෙන් ඔහුට තහන්චි දමා ඇති බවය.

    ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,077
    4,725
    113
    Sri Lanka
    හීනමානෙ ලොකුවටම තියෙන ඩයල් එකක් තමා මූ නම්. ඉංග්‍රීසි බැරි නම් සිංහලෙන් කතා කරපන්කො. ඕකේ ලැජ්ජාවෙන්න දෙයක් නෑ. අනුර ඒ අතින් හොදයි. දන්නෙ නැති ඉංග්‍රීසි කතා කරන්න යන්නෙ නෑනෙ.

    මේකෙ නම් මූ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියාගෙන ඇවිල්ලා වගේ.
     
    Mehh too long my friend. Anyway keep on supporting your bluff boss imma work
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක

    හීනමානෙ ලොකුවටම තියෙන ඩයල් එකක් තමා මූ නම්. ඉංග්‍රීසි බැරි නම් සිංහලෙන් කතා කරපන්කො. ඕකේ ලැජ්ජාවෙන්න දෙයක් නෑ. අනුර ඒ අතින් හොදයි. දන්නෙ නැති ඉංග්‍රීසි කතා කරන්න යන්නෙ නෑනෙ.

    මේකෙ නම් මූ ඉංග්‍රීසි වචන සිංහලෙන් ලියාගෙන ඇවිල්ලා වගේ.
    ------ Post added on Nov 26, 2025 at 11:14 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,027
    113
    @dilann machan hereafter please don’t mock any government graduates in open forums. Give them a chance to correct their mistakes & learn English from this moment onwards. They’ll create a world of opportunities for future young entrepreneurs!