පාර්ලීමේන්තු ගැටුම
පාර්ලීමේන්තු ගැටුම රනිල් වික්‍රමසිංහ විසින් හිතාමතා ම සැලසුම් කළ එකක් බව ඉතා පැහැදිළි ය. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දීම අගමැතිවරයා හෝ ආරක්ෂක ඇමතිවරයා විසින් නොකොට, එය අගමැතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා සමග වෛරයෙන් පෙළෙන සරත් ෆොන්සේකා මහතාට ලබා දීම අදාළ ගැටුම ඇති කරවීමේ මූල සාධකය වූවේ ය. සුදුකොඩි ඔසවා ගෙන පැමිණි කොටි ප්‍රභලයින්ට ගෝඨාභය රාජපක්ෂගේ අණින් හමුදාව වෙඩී තැබූ බව සරත් ෆොන්සේකා 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට උසාවියෙන් සිර දඬුවම් නියම වුණි. කෙසේ වෙතත්, සමාජගත වූ මිථ්‍යාව වූයේ මහින්ද ෆොන්සේකාගෙන් පළිගත් බව ය. ඊට පසුබිමක් ද තිබුණි. එනම් ඉන්දීය හා බටහිර අවශ්‍යතාවන්ට අනුව මහින්ද පරාජය කිරීමට 2015 දී මෛත්‍රීපාල හරහා රැවටූ සිංහල බෞද්ධ ඡන්ද පදනම 2010 දී රැවටීමට උත්සාහ කළේ ෆොන්සේකා හරහා වන අතර ඒ තුළින් මහින්ද හා ෆොන්සේකා අතර දේශපාලන විරසකයක් හටගත් බවට මෙරට ජනයා දැනුවත් ව සිටීම අදාළ මිථ්‍යාව නිර්මාණය කිරීමට තෝතැන්නක් විය.
මෙසේ මහින්ද සමග දැඩි සේ විරසක ෆොන්සේකා මහතාට මහින්දගේ අාරක්ෂාව ගැන කතා කිරීමට ඉඩ දීම ම හා ෆොන්සේකා සිය අවස්ථාව පෙර සැලසුම් කළ ලෙස මහින්දට මඩ ගැසීමට භාවිත කිරීම ප්රශ්නය විසඳීමට නොව එය අවතැන් කිරීමට කළ රනිල්ගේ බාල උපක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රනිල් වික්‍රමසිංහ සැම විටම කරන්නේ පාර්ශව දෙකක් අවුළුවා ප්‍රශ්නයෙන් පැන යෑම ය. ඔහු එය ඉගෙන ගත්තේ කළු ජූලිය ඇති කොට ප්රභාකරන්ට යුද්ධය සඳහා මුදල් හා අනුකම්පාව ද දිනා ගැනීමට අවස්ථාන ලබාදුන් සිය මාමා වූ ජේ ආර් ගෙනි.
Mahinda Pathirana

Last edited: