පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මාර්‌ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic ජංගම දුරකථන යෙදවුම 2025.01.01 වන අද දින පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

    ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk ඔස්සේ E-services වෙත පිවිස e-Traffic ජංගම දුරකථන යෙදවුම ඔබගේ ජංගම දුරකථනය වෙත පහසුවෙන් බාගත කර ගැනීමට හැකියාව ඇති අතර ඒ මඟින් ඔබගේ පැමිණිලි ක්ෂණිකව පොලිස් මූලස්ථානය වෙත යොමු කල හැක.

    දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි පොලිස් ස්ථාන 607 ක රථවාහන නිලධාරීන් රාජකාරි යෙදී සිටින අතර දෛනිකව සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට මහජනයාගේ සහය ලබා ගැනීම මෙම e-Traffic ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දීම මඟින් අපේක්ෂා කෙරේ.

    මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Vedio option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කල හැක.

    එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විර්මශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාල පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.

    එම විමර්ශන කටයුතු වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මඟින් අධීක්ෂණය කරනු ලබයි.


    https://srilanka-etraffic-app.vercel.app/
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    image-33.webp
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    Digital සී ලංකා කියල සෙට් එකක් ඔසෙට ඇද ගන්නවා වගේ 🤦



    police budget එක කීයද බන් :lol:
    මුන් ඒ ඔක්කොම twitter වල cringe posts දාන්න වියදම් කරනවද දන්නේ නෑ
    ඔය තියෙන විධියට APK දාගන්නේ නෑ දැන් පොඩි එකෙක්වත්.
    ------ Post added on Jan 1, 2025 at 9:25 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය තියෙන විධියට APK දාගන්නේ නෑ දැන් පොඩි එකෙක්වත්.

    ටැක්ස් සල්ලි කීයක් ගියාද දන්නෙ නෑ වැඩේට.

    සුපිරිම ගනයේ data breach එකකට ලෑස්ති වෙන්න...

    එපික් ලංකා වැඩක් නම් ලීක් වෙන එකක් නෑ, හැබැයි ඩේටත් නෑ බැකපුත් නෑ 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,675
    100,957
    113
    ටැක්ස් සල්ලි කීයක් ගියාද දන්නෙ නෑ වැඩේට.
    Hosting නන් free ෂුවර් එකටම. site එකත් v0 ගැහුවා නන් එකත් free. නිකම්ම වගේ කරගන්න ඇති සල්ලි අපරාදේ කියල.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    @SLK_sri පරිස්සමෙන් ත්‍රෙඩ් දාපන් , පරිස්සමෙන් රෑට ඔය රිංගන අගුපිලවල් වල රිංගපන් . දැන් මේ ඇප් එකක් දාල තියෙන්නේ .

    oka hodai, police ponnayantama thamai kela wenne,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඇයි බං මිනිස්සුන්ට මෙච්චර වද දෙන්නේ.. ඉසසර ඉස්කෝලේ පිනා වගේ…
    App එක දිහා අපි වගේ උන් හැරිලාවත් බලන්නේ නැති උනාට, උන් target කරන audience එකට දැනටමත් ගිහින් තියෙන්නේ. උන් ඇවිත් ඕනි කුනුගොඩක් install කරනවා phone එකට. උන්ට privacy, data breach කියන්නේ විහිලුවක්. මේ වෙලාවේ "එහෙයි!" තමයි වටින්නේ.

    අඩුම තරමේ, app එකක් Publish කරන procedure එකවත් Follow කරන්නේ නැත්තේ ඇයි මුන්. :baffled: