පාලකයන් තෝරා ගැනීමේ වහල් චින්තනය
පාලකයන් තෝරා ගැනීමේ වහල් චින්තනය
අපේ රටේ දේශපාලන පක්ෂ හා නායකයෝ කාලාන්තරයක සිටම ජනතාව වහල් චින්තනයට හුරු පුරුදු කරමින් සිටිති. පාලන තන්ත්රයේදී රාජ්‍ය පාලකයන් තමන් කරන සොරකම් ¥ෂණ හා භීෂණ ජනතාවගෙන් වසං කොට ගෙන ඒ්වා තවදුරටත් කරගෙන යාමට ඔවුනට අවසර ලැබෙන්නේ ජනතාව වහල් චින්තනයට හුරු වන තරමටය. පක්ෂවලට ගැතිව සිතන්නන්ට තම පක්ෂ නායකයන් කවර තරමින් මහජන දේපළ සොරා කමින් ¥ෂණයන්හි නිරත වුවද ඒ්වා ගණන් ගතයුතු තත්ත්වයක නැත. සාමකාමී සංවර්ධිත රටක අවශ්‍යතාව කතා කරමින් ම තමන් ගැතිකම් දක්වන ¥ෂිතයන් බලයට ගෙන ඒමට දරදිය ඇදීම බොහෝවිට දක්නට ලැබේ.
ඉදිරිපත් වී ඇති කිසියම් ප්‍රස්තුතයක් පිළිබඳ යථාර්ථය නොදැන අප ගන්නා තීරණ කිසිසේත් අපගේත් අන් අයගේත් යහපත සඳහා නොපවතියි. එබඳු තීරණ නිබඳවම විපත්තිකර ප්‍රතිඵල උදාකරවයි. යමක යථාර්ථය වටහා ගැනීමට බාධා පමුණුවන ප්‍රබලම සාධකය වන්නේ එය පිළිබඳව නිදහස්ව සිතීමට නොහැකි වීමයි. අපගේ භෞතික වූත් ආධ්‍යාත්මික වූත් සංවර්ධනය රඳා ඇත්තේ නිදහස් චින්තනය මතය. නූතනයෙහි විද්‍යාත්මක චින්තනය යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙම නිදහස් චින්තනයයි. වර්තමාන ලෝකයෙහි දක්නට ලැබෙන විද්‍යාත්මක දියුණුවෙහි ප්රතිලාභ සියල්ල නිදහස් චින්තනයේ ප්රතිලාභ ලෙස හැඳින්විය හැකිය.
නිදහස් චින්තනය ඇති කර ගන්නා ආකාරයත් එහි අගයත් ලෝකයට පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ බුදුන්වහන්සේ විසිනි. බුදුදහම සත්‍යය පදනම් කොට ගන්නා ලද්දකි. නිදහස් චින්තනයෙන් තොරව සත්‍යයට ළඟා වියහැකි මගක් නැත. සත්‍යයෙන් තොරව මුළාවෙන් අත් කරගත හැකි යහපත් කිසිවක් ලෞකිකව හෝ ලෝකෝත්තරව කැලම නැති බැවින් බුදුන්වහන්සේ සත්‍යයට ළං විය හැකි මාර්ග හෙළි පෙහෙළි කළහ. බුදුදහමින් දැක්වෙන දුක නැති කරගත හැකි මාර්ගයෙහි පළමු පියවර වන්නේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීමයි. නිදහස් චින්තනය නිවැරදි දැකීම ඇති කරවයි.
නිදහස් චින්තනය යන්නෙන් අදහස් කරන්නේ කිමෙක්ද? බැඳීම්වලින් තොර පියෙවි මනසින් යමක් පිළිබඳව සොයා බැලීමයි. මෙය එක්තරා ආකාරයකින් පිරිසිදු මනසින් යමක් පිළිබඳව සිතා බැලීමක් ලෙසද හඳුන්වා දිය හැකිය. අපේ මනස කොටු කර තබන එසේත් නැතහොත් බැඳතබන ප්‍රධාන කරුණු සතරක් බුදුදහමින් පෙන්වා දී ඇත. ඒවා සතර අගති යනුවෙන් හැඳින්වෙයි. ඡුන්ද, දොස, භය, මොහ යනු සතර අගතියයි. මේවායින් වසා තබන මනසට යම්කිසි දෙයක හෝ යම්කිසි පුද්ගලයකුගේ පවත්නා යථා ස්වරූපය නිවැරදිව වටහා ගත නොහැකි වෙයි.
මෙහි ඡුන්දය යනුවෙන් අදහස් වන්නේ කිසියම් දෙයකට හෝ කිසියම් පුද්ගලයකුට කුමන කරුණු නිසා හෝ ඇති වන කැමැත්ත, ආශාව හෝ බැඳීමයි. ඉන්ද්රියයන් මගින් යම් අරමුණක් ගැනීමේදී එම අරමුණ ප්‍රය හෝ අප්‍රය වශයෙන් වර්ග කර ගැනීම අපගේ මනසෙහි ඇතිවන ස්වාභාවික ප්රවණතාවකි. ප්‍රය වශයෙන් ගන්නා අරමුණට කැමැත්තක්, ආශා කිරීමක්, බැඳීමක් අප තුළ ඇති වෙයි. ඡුන්දය යනුවෙන් මෙහිදී සැළකෙන්නේ එම කැමැත්ත හෙවත් බැඳීමයි. එබඳු කැමැත්තකින් පුද්ගලයකු කෙරෙහි බැඳුණු විට එම පුද්ගලයාගෙන් සිදුවන කවර අකටයුත්තක් වුව ද සාධාරණීකරණය කිරීමට අපි පෙළෙඹෙමු.
අප්‍රය වශයෙන් ගන්නා අරමුණ කෙරෙහි අප තුළ ඇති වන්නේ විරෝධී ආකල්පයකි. එම අරමුණෙන් බැහැර වීමට, එයට එරෙහි වීමට හා එය පිළිකුල් කිරීමට අප තුළ පෙළඹීමක් ඇති වෙයි. අරමුණට දක්වන විරෝධාකල්පය හැඳින්වෙන්නේ දොස හෙවත් ද්වේෂ යනුවෙනි. යම් පුද්ගලයකු කෙරෙහි අප තුළ ද්වේෂය පවත්නා තාක් කල් එම පුද්ගලයාගෙන් සිදුවන කවර යහපත් දෙයක වුව ද යහපත දැකීමට අපට නොහැකි වෙයි.
භය යනුවෙන් ගැනෙන්නේ යම් යම් හේතූන් නිසා අරමුණට දක්වන බියයි. බියට පත් මනසින් ද හරිවැරදි වටහා ගැනීමට නොහැකි වෙයි. එමගින් ස්වකැමැත්තෙන් තීරණ ගැනීමේ හැකියාව වැළැක්වෙයි. සතරවැනි අගතිය මෝහය හෙවත් මුළාවයි. යමක හරිවැරදි වටහා ගැනීමට නොහැකි බව එයින් අදහස් වෙයි. එයින් ඇති වන්නේ මනස වික්ෂිප්ත වීමකි. ඉහත දැක්වූ අගති සතරම නිදහස් හෙවත් ස්වාධීන චින්තනයට බාධාකර කරුණුයි. ඒවා අගති නමින් හැඳින්වෙන්නේ ඒ්වා මගින් පුද්ගලයා වැරදි දෙසට නැඹුරු කරවන බැවිනි. පුද්ගලයා පක්ෂග්රාහී බවට පමුණුවන අරුතින් ද ඒවා අගති නම් වෙයි.
මෙම කරුණුවලින් පුද්ගලයා තුළ ඇති වන පක්ෂග්රාහිත්වය යමක යථාර්ථය වටහා ගැනීමට බාධා පමුණුවනු පමණක් නොව පක්ෂග්රාහී තීරණවලට ද නතු කරවයි. එබඳු තීරණ ඇතැම්විට මුළුමහත් මානව වර්ගයාගේ ම අයහපතට හා විනාශයට හේතු විය හැකිය.
අගතිගාමීව ක්‍රියා කිරීම ධර්මයෙන් පිට පැනීමක් ලෙස ද අගතිවලින් තොරව ක්‍රියා කිරීම ධර්මයෙහි පිහිටීමක් ලෙස ද බුදුන්වහන්සේ විසින් සිඟාලෝවාද සූත්‍රයෙහි දී සඳහන් කොට තිබේ. එබැවින් තමන් බෞද්ධයයි ප්‍රතිඥා කරන කිසිවකුට අගතිගාමීව හෙවත් පක්ෂග්රාහීව ක්‍රියා කිරීමට හැකියාවක් නැත.
පුද්ගලයා අන්තගාමී වීමට පෙළඹෙන්නේ ද මෙම අගතිගාමිත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. රට, ජාතිය, කුලය, වර්ගය, ආගම, භාෂාව, පක්ෂය වැනි කරුණු කෙරෙහි බොහෝවිට මිනිසුන් දක්වන්නේ පක්ෂග්රාහී ආකල්පයකි. ඒ්වා තමන්ගේ කර ගන්නා විට ඡුන්දාගතියෙනුත් අනුන්ගේ වන විට ද්වේෂාගතියෙනුත් ක්‍රියා කරනු බොහෝවිට දක්නට ලැබේ. මෙම සංකල්පවලට දැඩිව බැඳී ඒවා ආධානග්රාහී කර ගැනීමෙන් ඇති වන්නේ විරුද්ධ පාක්ෂිකයන් සමග ගැටුම්වලට ඇදී යාමයි.මෙම ගැටුම් බොහෝවිට අවසන් වන්නේ මුළුමහත් සමාජයකටම මහා විනාශයක් ගෙන දෙමිනි.
ලංකා සමාජය තුළ මෙබඳු විනාශයන් වරින් වර අපි අත්දකිමු. රට ජාතිය ආගම හා භාෂාව මෙන්ම දේශපාලන පක්ෂ මුල් කොටගෙන ද තමන් ගත් මතයේ ම එල්බ ගෙන ජනතාව අතර අසමගිය ඇති කර ගැනීමෙන් සිදුවන මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශ කොතෙකුත් දක්නට ලැබේ. මතවාදවල එල්බ ගැනීමෙන් සිදුවන්නේ පුද්ගලයාගේ මනස අන්ධ වීමයි. මසැස අන්ධවීමට වඩා මනස අන්ධවීම භයානකය. තමන් කරන කියන ක්‍රියාවල ප්‍රතිඵල කෙතරම් භයානක වුවද මනස අන්ධ වූ තැනැත්තාට ඒවා ගැන සීතීමට හැකියාවක් නොලැබෙයි. එවැන්නකුට හැකිවනුයේ ප්‍රතිඵලය උදා වූ පසු ඒගැන පසුතැවිලි වීමට පමණි.
ක්‍රියාවක් කිරීමට හෝ වචනයක් ප්‍රකාශ කිරීමට පෙර එබඳු දෙයකින් අත්විය හැකි ප්‍රතිඵලය දෙස බැලීමට බුදුදහමින් උපදෙස් දෙයි. ප්‍රතිඵලය තමන්ටත් අනුන්ටත් යහපත ගෙන දෙන්නක් නම් එබඳු දේ කළයුතු බවත් ප්‍රතිඵලය අයහපතක් නම් එබඳු දෙය නොකළයුතු බවත් බුදුදහමේ උපදේශයයි. බුදුදහමෙහි කුසල් අකුසල් විවරණය වන්නේ ඒ අයුරිනි. ප්‍රතිඵලය ගැන සිතා බලමින් ක්‍රියාකාරකම් වල හැසිරිය හැක්කේ නිදහස් චින්තනය හසුරුවාලිය හැක්කෙකුට පමණි.
අපේ රටේ ජනතාව මැතිවරණයක් ආසන්නයෙදී පිල්වලට බෙදී තම තමන්ගේ ගැති හා වහල් චින්තනය සමාජයට මුදා හරිමින් සිටියි. රට ජාතිය හා ආගම රැුක ගැනීමටයයි වහසි බස් දොඩමින් එක් එක් දේශපාලන කඳවුරුවල එල්බීගෙන ඔවුනොවුන් අතර ඇති කර ගන්නා වාදවිවාද හා ගැටුම් අවසන් වන්නේ බොහෝවිට මනුෂ්‍ය ඝාතන හා දේපළ විනාශවීම් වලිනි.

රටේ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ වගකීම පැවරී ඇති භික්ෂූන් වහන්සේගෙන් බොහෝ දෙනෙක් ද පැටවුන්ට කෙළින් ඒමට කියමින් තමන් ඇදට යන කකුළු න්‍යායයෙන් ක්‍රියා කරති. පක්ෂග්රාහිත්වය ධර්මයෙන් පිට පැනීමක් බව දැන දැනම එක් එක් පිළිවලට බෙදුණු භික්ෂූහු තම තමන් ගත් මතයෙහි ජනතාව පිහිටුවන්නට කැස කවති.
ගිහියකු පක්ෂග්රාහී වනවාට වඩා භික්ෂුවක් පක්ෂග්රාහී වීම අතිශයින්ම භයානකය. භික්ෂුව ආදර්ශවත් පුද්ගලයකු ලෙස පිළිගැනෙන බැවිනි. භික්ෂුව ධර්මයෙන් පිට පැන එක් එක් පක්ෂයකට ගැතිකම් කරන විට අනුගාමිකයන්ට කාගේ සරණක්ද? පක්ෂග්රාහී තැනැත්තා හරි දේ වැරදි ලෙසත් වැරදි දේ හරි ලෙසත් දකියි. ඇතමුන්ගේ පක්ෂග්රාහිතවය කෙතරම් දැඩිද කිවහොත් ධර්ම සංකල්ප පවා අධර්ම සංකල්ප බවට හරවා දක්වන අවස්ථා ඇත. මෑතක කිසියම් භික්ෂුවක් දසරාජ ධර්ම සංකල්පය බුදුදහමට අනුකූල නොවන්නක් බවට කළ ප්‍රකාශයක් මාධ්‍ය ජාලයන්හි සංසරණය වෙයි. මෙම භික්ෂුව මෙබඳු ප්‍රකාශයක් කිරීමට පෙළඹෙන්නේ තමන් අනුමත නොකරන දේශපාලන න්‍යාය පත්‍රයක දශරාජ ධර්මය ඇතුළත් වන බැවිනි. පක්ෂග්රාහිත්වය පුද්ගලයා අන්ධ කරන බවට එය හොඳම නිදසුනකි.
බුදුදහම පුද්ගලයා වහල් මානසිකත්වයෙන් මුදා නිදහස් නිවහල් චින්තනයට පොළඹවන දහමකි. එබඳු දහමක් තමන්ගේ කරගත් ජනතාවකගේ සමාජ වටපිටාව කෙතරම් සාමකාමී වියයුතුද? දහමෙහි වුවත් ඇලීමක් තබා නොගතයුතුයයි බුදුදහම පවසයි. දිවිහිමියෙන් බුදුදහම රැුකගන්නට වහසිබස් දොඩන ගිහිපැවිදි බෞද්ධ ජනතාවට තමන් කථාකරන බුදුදහම කුමක්දැයි යළිත් ආවර්ජනය කර බැලීමට තවමත් කල් ඉකුත් වී නැත.
මව්බිම පුවත්පතේ පලවූ විශේෂාංගයක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය කාලීනව වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයා වූ මහාචාර්ය කපිල අභයවංස මහතාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.

+
ඔයාල හැමෝටම ආදරේ අපි "එලකිරි සමරිසි පෙරමුණ"