වේදාල මාලිගාවේ විප්ලවය

John_Watson

Member
Jul 15, 2023
19
19
3
සිය ජාලයේ නවතම ආයෝජකයා දෙස කුතුහලයෙන් බලා සිටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා වීදුරුවේ රැඳි මධ්‍යපානයෙන් උගුර රත් කරගත්තේය.

"උඹ මාර මිනිහෙක් බිලී. මගේ ජීවිතේ විවිධාකාර මිනිස්සු මට මුණගැහිලා තියෙනවා. හැබැයි උඹ… උඹ වගේ එකෙක්..." ව්‍යාපාරිකයා වාක්‍යය අවසන් නොකර හිස උඩ පහළ වැනුවේය.

"හි හි හි…" බිලී ලැජ්ජාවෙන් මෙන් සිනාසුනේය.

"හරි මට මේක කියපන්… මට දැනගන්න ඕනා උඹ වගේ එකෙකුට මෝල්ටාවල මගේ බිස්නස්වලට දාන්න තරම් විශාල සල්ලියක් කොහෙන්ද ලැබුණේ කියලා."

"දන්නැද්ද ඉතින් අපි විවිධ ක්‍රමවලින් සල්ලි හොයනවා." බිලී අදිමදි කළේය.

"මේක කෙරෙන්න නම් අපි දෙන්නා අතර සම්පූර්ණ විශ්වාසය තියෙන්න ඕනා. උඹ මාව විශ්වාස කරනවද?" ව්‍යාපාරිකයා තවත් විස්කි උගුරක් බීවේය.

"ඔව් ඔව්… එහෙම ප්‍රශ්නයක් නැහැ." බිලී තරමක් කලබල විය.

"එහෙනම් මට කියපන්… කොහෙන්ද උඹට ඔය සල්ලි?"

"අපි මුලින්ම 1983 කළු ජූලිය ඇති කරලා කොන්වෝල්හි රතු ඉන්දියන් ව්‍යාපාරිකයන්ගේ දේපළ මංකොල්ල කෑවා."

ව්‍යාපාරිකයා තමා දෙස නොඉවසිල්ලෙන් බලා සිටිනු දුටු බිලී දිගටම කියාගෙන යන්නට විය.

"ඊට පස්සේ 87, 88, 89 කලබල ඇති කරලා ව්යාපාරිකයන් බය කරලා කප්පම් ගත්තා. නොදුන් අයව ඝාතනය කරලා දේපළ මංකොල්ල කෑවා.

ව්‍යාපාරිකයාගේ උනන්දුව වැඩි වෙනු දුටු බිලීගේ හිතට උද්දාමයක් දැනිණි.

"ඒ සල්ලි අපි ආයෝජනය කරලා තිබුණා. ඒ අතරේ අපේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙනගන්න උන් අපි වෙනුවෙන් හිඟා කාලා විශාල මුදලක් අවුරුදු පතා එකතු කරනවා. ඒ ආදායම නැවතුනා ලැම්බට් අපිව කපලා එයාගේ පක්ෂෙට ඒ බිස්නස් එක ගත්තට පස්සේ.

"අපරාදේ…" ව්‍යාපාරිකයා චේගුවේරා සන්නාමය සහිත කියුබානු සුරුට්ටුවක් දල්වා ගත්තේය.

"ඔව්. හැබැයි අපි ඒ වෙනකොට රටේ හැම රාජ්‍ය සහ පුද්ගලික මහාපරිමාණ ව්‍යාපාරයක් ඇතුළේම අපේ වෘත්තීය සමිති හදලා තිබුණා. හැම අවුරුද්දේම වැඩ වර්ජන කරනවා කියලා බය කරලා ඒවායින් අපි ලොකු කප්පම් ගන්නවා. ඒ නිසා අර පාඩුව ප්‍රශ්නයක් වුණේ නැහැ."

"උඹ මාර යකෙක්නේ!" ව්‍යාපාරිකයාට කැස්සක් ඇති විය.

"අනික අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමනා ඔක්කොම අපේ අකවුන්ට් එක දාන්න ඕනා. එතනිනුත් එනවා ලොකු ආදායමක්."

"උඹ ඔය ඇත්තමද කියන්නේ?" බිලී කියන දේ ඇදහිය නොහැකිවාක් මෙන් ව්‍යාපාරිකයා හිස වනන්නට විය.

"පුංචි අම්මපා ඇත්ත මේ කියන්නේ" බිලීට කේන්ති ආවේය.

"අනෙක මම ලෝකේ වටෙන්ම ආධාර එකතු කරනවා. ගිය මාසේ ඕස්ට්‍රේලියාවේ ගියා. ඩොලර් මිලියන දෙසීයක් හෙව්වා. ඉතාලියේ, ජපානයේ, කොරියාවේ, ඇමරිකාවේ තව ගොඩක් රටවල ඉන්න අපේ රටේ උන් අපිට හොඳට සල්ලි එවනවා. මට කරන්න තියෙන්නේ උන්ව චූන් වෙන කතා ටිකක් කියන්න විතරයි. මේක තමයි ලේසිම බිස්නස් එක."

ව්‍යාපාරිකයා නිහඬව අසා සිටියි.

"ඔය ඔක්කෝටම වැඩිය අපිට සල්ලි එනවා ඡන්ද කාලෙට. අපිට හැම පක්ෂයකින්ම සල්ලි දෙනවා ඒ අයගේ ප්‍රතිවාදීන්ට මඩ ගහන්න. ලංකාවේ බොරු කැම්පේන් මඩ කැම්පෙන් ඔක්කොම කරන්නේ අපි. ඒකට අපි හොඳ ගාණක් ගන්නවා. තව අපි එක එක බිස්නස් ප්‍රමෝට් කරනවා. කොරෝනා කාලේ උණ්ඩියල් බිස්නස් එක ඉස්සුවේ අපි. බැංකු හරහා එවන සල්ලි මොරියාටිලා හොරකම් කරනවා කියලා පිටරට ඉන්න මෝඩයන්ව අන්දලා අපි හොඳ ගාණක් ගත්තා උණ්ඩියල් කාරයන්ගෙන්. ඊට කලින් කාබනික ගොවිතැනට විරුද්ධව ගොවියන් උසි ගන්නලා ලොකු ගාණක් ගත්තා පොහොර ආනයන බිස්නස්වලින්. පොලිට්බියුරෝ එකේ සහෝදරයන් ඔක්කෝටම එක එක ජාතියේ බිස්නස් හදලා දීලා තියෙනවා. කුඩු බිස්නස්, ආයුධ බිස්නස්, කුලියට ඝාතන බිස්නස් විතරක් නෙවෙයි ලංකාවේ ඕනම පාතාල වැඩක් අපෙන් පිට වෙන්නේ නැහැ." බිලීගේ ඇස් දිලිසිනි.

ව්‍යාපාරිකයාගේ වෙරී සිඳී තිබිණි.

"උඹේ රටට උඹේ රටේ ජනතාවට ඔහොම කරන එක ගැන උඹට පුංචිම හරි දුකක් නැද්ද?" ව්‍යාපාරිකයා ඇසුවේ සිරාවටම බව බිලීට තේරුණි.

ඉදිරියට නැවී ව්‍යාපාරිකයාගේ කණට කර බිලී මෙසේ කීවේය "ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය." නිර්මාල් දේවසිරි (2022)."

එය ඇසුණු ව්‍යාපාරිකයා සහ එය කියූ බිලී දෙදෙනාම මහා හඬින් සිනාසෙන්නට විය.

(කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න)

-එරා-