පාලිත තෙවරප්පෙරුම

naape

Active member
  • Aug 22, 2007
    553
    49
    28
    පාලිත තෙවරප්පෙරුම

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරයෙන් අස්වීමේ ලිපිය ලබාදීමට නියමිතයි.
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරයෙන් අස්වීමේ ලිපිය ලබාදීමට නියමිතයි.

    ලොකු දෙයක් . දැනට වඩා ලොකු පඩියකට පල්ලියෙ කක්කුස්සියක් හෝදන්න රස්සාව සෙට් වෙලා ඇති.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලොකු දෙයක් . දැනට වඩා ලොකු පඩියකට පල්ලියෙ කක්කුස්සියක් හෝදන්න රස්සාව සෙට් වෙලා ඇති.

    :lol::lol::lol:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරයෙන් අස්වීමේ ලිපිය ලබාදීමට නියමිතයි.

    ඉතින් අපිට පුකෙයි, පො** අවලමා :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ලොකු දෙයක් . දැනට වඩා ලොකු පඩියකට පල්ලියෙ කක්කුස්සියක් හෝදන්න රස්සාව සෙට් වෙලා ඇති.

    නෑ පොරට ඇමරිකාවේ PR හම්බවෙනවා. පව්ල පිටිං එහෙ ගිහින් ආතල් එකේ ඉන්න පුළුවන් සිංහලුන්ට පින් සිද්දවෙන්න. දැන් ලොකු පුතත් මොලේ ලෙඩක් හැදිලා නේ ඉන්නේ එහෙං බෙහෙත් අරං හොඳ කරගනී.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    apo okage moona dakkahama kiyanna puluwan kakkussi walawal kadan kana ekek kiyala.

    පොර සොත්ති උපාලි කියන පාතාලයා ගේ ගෝලයෙක්ලු. ප්‍රේමදාස ගේ ගෝලයෙක් තමයි සොත්ති උපාලි. එක නිසා තමයි පාලිත සජිත්ට උදව් කරගෙන ඉන්නේ. ට්රුත් හර්ට්ස්
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    ලොකු දෙයක් . දැනට වඩා ලොකු පඩියකට පල්ලියෙ කක්කුස්සියක් හෝදන්න රස්සාව සෙට් වෙලා ඇති.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තෙපරප්පෙරුමගේ ඉල්ලා අස්වීමේ බොරුව අතේ පත්තු

    පසුගිය ජූනි 15 වන දින අලූත්ගම හා බේරුවල ඇතිවු ගැටුම්කාරී තත්වයන් සම්බන්ධයෙන් වගකීම බාර ගෙන පොලිස්පති ඉල්ලා අස්විය නොවන්නේ නම් තමන් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප‍්‍රකාශ කල එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලා අස්වීම විපක්‍ෂ නායකවරයාට විසින් නොපිලිගෙන තිබේ. එම ලිපිය ප‍්‍රතික්‍ෂෙප කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිටත් කි‍්‍රයාත්මක වීම, බොදු බලසේනාවේ මහලේකම්වරයා රහස් පොලිසියට කැදවීම, ආරක්ෂක ලේකම්වරයා තමන් හා බොදුබල සේනාව අතර සම්බන්ධයක් නැතැයි පැවසීම යන කරුණු හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙක් කියා සිටියේ ඕනෑම මන්ත‍්‍රීවරයෙක් ඉල්ලා අස්වීම බාර දිය යුත්තේ පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට බවයි. කිසිම පක්‍ෂ නායකයෙකුට මන්ත‍්‍රීවරයෙක් ධුරයෙන් අස්වීම පිළිබඳ තීන්දු කල නොහැකි යයිද ඔහු කීය.


    උපුටා ගැනීම adaderana
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පාලිතගේ අස්වීම රනිල් බාරනොගනී - පොලිස්පති ගියොත් මර්විනුත් ඇමති තනතුර අතහරිනවාලු

    පොලිස්පති ඉල්ලා අස් නොවූ නිසා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා ඉදිරිපත් කළ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (08) ප්‍රතික්ෂේප කර තිබේ.

    අලුත්ගම ප්‍රදේශයේ පසුගියදා ඇති වු සිද්ධියට සම්බන්ධ වගකිව යුතු නිලධාරීන් ඊට නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය පළ කරමින් තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණි.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු විසින් අද බාර දී තිබේ.

    එහිදී රනිල් වික්‍රමසිංහ මහතා එම ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

    මේ අතර අලුත්ගම සහ බේරුවල සිදුවු සිද්ධීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඉල්ලා අස් වන්නේ නම් තමාද තම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වන බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට දක්ෂ නායකත්වයක් ලබා දුන් පොලිස්පතිවරයා අදාළ ධුරයෙන් ඉවත් විය යුතු බවට ඇතැමුන් නඟන චෝදනා අනුමත කළ ‍නොහැකි බවයි.

    එවැනි ගෞරවාන්විත නිලධාරියෙකු ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ඊට විරෝධය පළ කිරීම සඳහා ජනතා නියෝජිතයෙකු මෙන්ම කැබිනට් ඇමතිවරයෙකු වන තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනයක් නිකුත් කරමින් මර්වින් සිල්වා ඇමතිවරයා පවසයි.