තෙපරප්පෙරුමගේ ඉල්ලා අස්වීමේ බොරුව අතේ පත්තු
පසුගිය ජූනි 15 වන දින අලූත්ගම හා බේරුවල ඇතිවු ගැටුම්කාරී තත්වයන් සම්බන්ධයෙන් වගකීම බාර ගෙන පොලිස්පති ඉල්ලා අස්විය නොවන්නේ නම් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ ඉල්ලා අස්වීම විපක්ෂ නායකවරයාට විසින් නොපිලිගෙන තිබේ. එම ලිපිය ප්රතික්ෂෙප කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිටත් කි‍්‍රයාත්මක වීම, බොදු බලසේනාවේ මහලේකම්වරයා රහස් පොලිසියට කැදවීම, ආරක්ෂක ලේකම්වරයා තමන් හා බොදුබල සේනාව අතර සම්බන්ධයක් නැතැයි පැවසීම යන කරුණු හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හා අදහස් පල කල පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙක් කියා සිටියේ ඕනෑම මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම බාර දිය යුත්තේ පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට බවයි. කිසිම පක්ෂ නායකයෙකුට මන්ත්‍රීවරයෙක් ධුරයෙන් අස්වීම පිළිබඳ තීන්දු කල නොහැකි යයිද ඔහු කීය.
උපුටා ගැනීම adaderana