පාවාදීමට මොහොතකට පෙර...!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් දිවයින ඉස්සර දිණමිණ වගේ හිතලු ලියන්නේ ලැප් ටොප් මාධ්‍ය වේදියෝ රෙදි නැතුව කඩේ යනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් දිවයින ඉස්සර දිණමිණ වගේ හිතලු ලියන්නේ ලැප් ටොප් මාධ්‍ය වේදියෝ රෙදි නැතුව කඩේ යනවා.

    මෙකෙන් කටද කඩෙ ගිහිලා තියෙන්නෙ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ භූත ආණ්ඩුව හොඳ වෙලාවට 2005 පත් නොවුනේ , එහෙනම් වෙන හරිය කෙසේ වෙතත් මෙහෙම එලකිරි එන්නවත් අපිට ප්‍රභාකරන් මහත්තයගෙන් අවසර ගන්න වෙයි
    true:yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උබටත් ඉතින් නටන්න නාඩගමක් තියෙන්න එපැයි.. .. හොදයි ඉතින් .. රටේ නීතියක් තියෙනවා මේ පරීක්ෂණය නීති විරෝදී නම්,උබ රට ඔය කියන තරම් ආදරේ නම් මෙතන කොටන්නේ නැතුව නීති මගින් පියවර ගන්න පෙස්සමක් හරි ගහපන් බන් ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319&page=16
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බන් අපෙ රටෙ පැත්ත ගන්න බැරි මෙ ඉන්න නායකයන්ට ?

    රටේ පැත්ත ගත්ත කියල මොනවද උන්ට හම්බෙන්නේ මචන්... කුණුහරුප සහ ගල් මුල් විතරයි...ඒත් අනිත් පැත්ත ගත්තොත් ඩොලර් කුට්ටි සහ ප්‍රශංසා, නම්බු නාම...අන්තිමට යුරෝපා රටක මුළු පවුලටම PR...
    රටේ පැත්ත අරන් නිකන් ඔලුව ගලේ ගහගන්නේ මොකටද මචන්...
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    එක පාරක් ලිපිය කියවපන් නොදැක්කා වගෙ යන්න එපා බන් උබලත් අපිත් අපෙ රටට් ආදරෙනෙ වගකිමෙන් කියන කතාවක් මෙ ජතික පුත්පතක නැතිව විමෙලෙගෙ සයිට් නෙමෙ

    Bump
     
    • Like
    Reactions: gayankuwait

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ භූත ආණ්ඩුව හොඳ වෙලාවට 2005 පත් නොවුනේ , එහෙනම් වෙන හරිය කෙසේ වෙතත් මෙහෙම එලකිරි එන්නවත් අපිට ප්‍රභාකරන් මහත්තයගෙන් අවසර ගන්න වෙයි
    :baffled::baffled::baffled:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    එක පාරක් ලිපිය කියවපන් නොදැක්කා වගෙ යන්න එපා බන් උබලත් අපිත් අපෙ රටට් ආදරෙනෙ වගකිමෙන් කියන කතාවක් මෙ ජතික පුත්පතක නැතිව විමෙලෙගෙ සයිට් නෙමෙ

    mamath oka danna ban hitiye umba dala tiyenawa dwnui dekke.oka vitrak nemei me anek link walath tiyenne etta vistara.


    http://www.divaina.com/2015/03/08/feature07.html
    http://www.divaina.com/2015/03/08/feature13.html
    http://www.divaina.com/2015/03/08/feature12.html
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    UPFA හයිජැක් කරපු ෙප්ජ් ඒෙක් හම්බයයි සිංහල ඒවුනුයි ඔක්ෙකාම ඒක පැත්තක සිංහල ඒවුන්ට අමු කැවිලද දන්ෙන නෑ... ෙම්ෙක ඉන්න යහපාලන ෙපාන්නයින් පරම්පරාගත යූඒන්පී ඉතින් උන්ට ෙහන ගැහුවත් උන්ෙග මතය ෙවනස් කරන්ෙන නෑ ඒෙකක් ෙදන්ෙනක් අැෙරන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබටත් ඉතින් නටන්න නාඩගමක් තියෙන්න එපැයි.. .. හොදයි ඉතින් .. රටේ නීතියක් තියෙනවා මේ පරීක්ෂණය නීති විරෝදී නම්,උබ රට ඔය කියන තරම් ආදරේ නම් මෙතන කොටන්නේ නැතුව නීති මගින් පියවර ගන්න පෙස්සමක් හරි ගහපන් බන් ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1665319&page=16

    ඇද්ද හූ :rofl: ඒකනේ බං උසාවි ගහින් නඩුවක් දාලා රට බේර ගනින්...මෙතන ලොරි ටෝක් දෙන්නේ නැතුව :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    UPFA හයිජැක් කරපු ෙප්ජ් ඒෙක් හම්බයයි සිංහල ඒවුනුයි ඔක්ෙකාම ඒක පැත්තක සිංහල ඒවුන්ට අමු කැවිලද දන්ෙන නෑ... ෙම්ෙක ඉන්න යහපාලන ෙපාන්නයින් පරම්පරාගත යූඒන්පී ඉතින් උන්ට ෙහන ගැහුවත් උන්ෙග මතය ෙවනස් කරන්ෙන නෑ ඒෙකක් ෙදන්ෙනක් අැෙරන්න
    :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් දිවයින ඉස්සර දිණමිණ වගේ හිතලු ලියන්නේ..... ලැප් ටොප් මාධ්‍ය වේදියෝ රෙදි නැතුව කඩේ යනවා.

    සමහරක් රෙදි නැතුව රට බේරා ගත් රණවිරුවන් වෙනුවෙන් කඩේ යද්දී සම හරක් රෙදි ඇදගෙන රට පාවා දුන් UNP නඩය වෙනුවෙන් කඩේ යති....:yes::yes:

    පාවාදීමට මොහොතකට පෙර...!

    wise1.jpg

    ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රහස්‌ පොලිසිය හෙවත් සීඅයිඩීය අතීත "මිලේනියම් සිටි" මහා පාවා දීමේ දෙවැන්න අරඹා තිබෙන බව ඉකුත් සතියේ අප වගකීමෙන් යුතුව රටට අනාවරණය කළෙමු. ඒ එදා රණවිරුවන් මෙදා මිනීමරුවන් යෑයි කියමින් සීඅයිඩීය නැටීමට සැරසෙන අමන නාඩගමක්‌ පිළිබඳ ඉතා කෙටි සටහනක්‌ තබමිනි.

    මේ හමුවේ දැන් සීඅයිඩීය නටමින් සිටින නාඩගම දෙස බලා සියල්ලට පෙර වත්මන් යහපාලන ආණ්‌ඩුවෙන් මුලින්ම අසන්නට අපට එක්‌ ප්‍රශ්නයක්‌ තිබේ. ඒ ඉකුත් යුද සමයේ නාවික හමුදා නිලධාරින් පිරිසක්‌ දෙමළ ජාතිකයන් එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගොස්‌ කප්පම් ලබාගෙන ඝාතනය කළා යෑයි කියමින් සීඅයිඩීය කරනු ලබන මෙකී පරීක්‍ෂණය තුළ ඇත්තේ යහපාලනය ජාත්‍යන්තරයට පොරොන්දු වූ ඉහත කී අභයන්තර විමර්ශනයද යන්නය.

    අපට ආණ්‌ඩුවෙන් එසේ විමසන්නට තවත් හේතුවක්‌ද ඇත. ඒ සීඅයිඩීය නාවික හමුදාව මිනි මරුවේ යෑයි කියද්දී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ "ගෝඨාස්‌ බේ" නමින් කඳවුරක්‌ තිබූ බවට දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කෑගසද්දී නෝර්වේ සිටි එරික්‌ සොල්හයිම් වහාම පරික්‍ෂණයක්‌ ඉල්ලාපන් යෑයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ට ට්‌විටර් පණිවිඩයක්‌ එවීමය.

    wise2.jpg


    ඒ සිදුවීම් අනුව මේ සිදු වන්නේ ආන්ඩුවේ අභ්‍යන්තර විමර්ශනය නම් පූර්ව අපර සන්ධි ගැලපීමද අපූරුය. එදා 2002 වසරේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපතිව සිටියදී අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. එහිදී සිදුවූ "මිලේනියම් සිටි" මහා පාවා දීම තුළින් අපේ බුද්ධි නිලධාරින් විසිපස්‌ දෙනකු පමණ සතුරාට ගොදුරු වෙද්දී සක්‍රීයව තිබූ තුට්‌ටු දෙකේ දේශපාලනය විසින් වනසා දැමුවේ මේ පිංබිමය.

    මෙදා ජනාධිපතිවරයාව සිටිනුයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා 2004 වසරේ වසරේ සිට ලද වාර්තාගත පාරාජයන් මාලාවකින් පසු සුපුරුදු ලෙස දැන් යළිත් අගමැතිවරයාව සිටින්නේය. දේශපාලනය එසේ වෙද්දී දැන් එදා වූ දෙයම නැවතත් සිදු වන්නට යන වගක්‌ පෙනෙන්නට ඇත. මෙකී දෙවන පාවා දීමත් එසේම සිදුවුවහොත් මේ බිමේ අනාගත ඉරණම කුමක්‌ විය හැකිද?

    වත්මන් ආණ්‌ඩුවෙන් එසේ ප්‍රශ්න කරන අතරේ නාවික හමුදා රණවිරුවන් පිරිසක්‌ දංගෙඩිය වෙත රැගෙන යැමේ සීඅයිඩී ක්‍රියාවලියට අදාළ සැබෑ කථාව ඉකුත් සතියේ නතර කළ තැනින් දැන් අපි යළිත් ආරම්භ කරන්නෙමු.

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ "බඩියා" හෙවත් සමීප නිලධාරියා වූ ලුතිනන් කමාණ්‌ඩර් සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් කොටහේන ප්‍රදේශයේ සිටි මොහොමඩ් අලි අන්වර් හාජියාර් සිය ඔත්තුකරුවකු බවට පත් කරගනිමින් කටයුතු කරගෙන යන අතරවාරයේ දිනක්‌ සම්පත් වෙත පැමිණි හාජියාර් අලි එක්‌ සුවිශේෂී තොරතුරක්‌ ලබා දෙන්නට විය.

    "සර්.. කොළඹ ඉන්නවා එල්ටිටීඊයේ ක්‍රෙඩිට්‌ කාර්ඩ් ගේම් එකට සම්බන්ධ පස්‌ දෙනෙක්‌.. උන්ව ගත්තොත් කොටි සංවිධානයේ හුඟක්‌ තොරතුරු දැන ගන්න පුළුවන් වෙයි.." හාජියාර් අලි නේවි සම්පත්ට ලබා දුන් විශේෂ තොරතුර එය විය. "හරි උන්ව ගමු. උඹ රෙකී කරපන්.." හාජියාර් අලිගේ ඒ තොරතුරත් සමඟ නේවි සම්පත්ගෙන් ඔහුට අණ ලැබිණි. ඒ අනුව ඉන් ටික දිනකට පසුව ඉකුත් 2009 වසරේ දිනක මෙකී එල්ටීටීයට සම්බන්ධ කණ්‌ඩායම සුදු වෑන් රථයකින් පැහැර ගැනීමට හාජියාර් අලිගේද සහාය ඇතිව නේවි සම්පත්ට හැකි විය.

    මෙම පැහැරගැනීම සිදු කළේ නේවි සම්පත් විසින් බව අද දවසේ පැහැදිලිවම අනාවරණය වී තිබෙන්නකි. මන්ද ඉකුත් 2011 වසරේ මාර්තු තිස්‌ වැනි දින සීඅයිඩියේ විශේෂ ඒකකයේ ස්‌ථානාධිපතිවරයාව සිටි පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා විසින් මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති වැඩි දුර වාර්තාවේ ඒ බව නිශ්චිතව සටහන් කර තිබෙන බැවිනි.

    නේවි සම්පත් විසින් හාජියාර් අලිගේද සහාය ඇතිව එසේ පැහැරගනු ලැබූ තරුණයන් පිරිස අවසානයට ගෙන එනු ලැබුවේ කොළඹ චෛත්‍ය පාරේ පිහිටි නාවික හමුදා මූලස්‌ථානයේ වූ නේවි සම්පත්ගේ නිල කාමරය තිබූ තැන වු ගොඩනැගිල්ලක්‌ වෙතය.

    "ඔව්. ඒ දවස්‌වල නේවි සම්පත් නාවික හමුදාපතිවරයාගේ සමීප නිලධාරියා නිසා ඔහු කරන දේවල් පිළිබඳ කිසිවෙක්‌ සොයා බැලුවේ නැහැ. නේවි සම්පත් ලුතිනන් කමාන්ඩර් කෙනෙක්‌ වුණත් ඔහුට වඩා උසස්‌ නිලධාරින් පවා ඔහුගේ වැඩවලට ඇඟිලි ගහන්න ගියේ නැහැ. අපි දැනගෙන හිටියා ඔහු ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ පුද්ගලයන් පැහැරගෙන ඇවිත් සඟවාගෙන සිටිනවා කියලා.. ඒත් හැමෝම හිතාගෙන හිටියේ හැම දෙයක්‌ම වෙන්නේ ඉහළ දැනුවත්ව කියලා.. ඒ නිසා කවුරුත් කිසි දෙයක්‌ හොයන්න ගියේ නැහැ.." ඉකුත් දා එක්‌තරා නාවික හමුදා නිලධාරියෙක්‌ නේවි සම්පත්ගේ එකල වැඩපිළිවෙළ අපට පහදා දුන්නේ එසේය. නමුත් මෙසේ නාවික හමුදාව තුළ ප්‍රබල චරිතයක්‌ වී සිටියද ඒ වන විට නේවි සම්පත් යනු රට වෙනුවෙන් නොව බඩ වෙනුවෙන් වැඩ කරන පුද්ගලයකු බවට පත්ව සිටි වගක්‌ එකල නාවික හමුදාපතිවරයා පවා නොදැන සිටියේය.

    මෙසේ තරුණයන් පස්‌ දෙනා පැහැරගෙන ඒමෙන් පසු නේවි සම්පත් තමන්ට සුපුරුදු ක්‍රියාදාමය ආරම්භ කරනු ලැබිණි. ඒ තරුණයන් පැහැරගැනීමට සම්බන්ධ වූ හාජියාර් අලි ලවාම තරුණයන්ගේ ඥතීන්ට පණිවිඩ යවමින් එම තරුණයන් මුදා හැරීම සඳහා විශාල මුදලක්‌ ඉල්ලා සිටීමෙනි. නමුත් මෙහිදී නේවි සම්පත් බලාපොරොත්තු වූ අයුරින් මුදල් ලබා ගැනීමට ඔහුට නොහැකි විය. ඒ, පැහැරගත් තරුණයන්ගේ ඥතීන්ට තරුණයන් බේරා ගැනීම සඳහා සම්පත් ඉල්ලන අයුරින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දීමට හැකියාවක්‌ නොතිබූ බැවිනි.

    නේවි සම්පත් මෙසේ පැහැරගත් තරුණයන්ගේ ඥතීන්ගෙන් කෝටි ගණනින් මුදල් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වන අතරේ ඒ දිනවල තවත් විශ්මිත දෙයක්‌ද සිදුව තිබිණි. ඒ නේවි සම්පත්ගේ ඔත්තුකරුවා වූ හාජියාර් අලිවද සුදු වෑන් කල්ලියක්‌ විසින් පැහැරගෙන යැමය.

    නමුත් තොරතුරු වසන් කිරීමේ අරමුණින් හාජියාර් අලිවද පැහැරගනු ලැබුවේ නේවි සම්පත්ම බව මේ වන විට කියෑවෙමින් තිබෙන්නකි. මෙසේ නේවි සම්පත්ගේ පැහැරගැනීමේ ක්‍රියාදාමය සිදු වෙමින් තිබියදී මීට කලකට ඉහතදී තවත් ආන්දොaලනාත්මක සිදුවීමක්‌ පොලිසියෙන් වාර්තා වූයේ රටේ ජනතාවද අන්ද මහන්ද කරමිනි. ඒ එවකට ගුවන් හමුදාපතිවරයාගේ "බඩියා" හෙවත් සමීප නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටි නිශාන්ත ගජනායක නමැත්තා පිටකොටුව ප්‍රදේශයේදී දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස්‌ කප්පම් ගැනීමට යැමේ සිද්ධියකට රහස්‌ පොලිසියට කොටු වීමය.

    මෙහිදී පොලිසියට කොටු වූ නිශාන්ත ගජනායකගෙන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් ආරම්භ කෙරිණි. එම ප්‍රශ්නකිරීම් හමුවේ ඔහු සීඅයිඩියට ලබා දී තිබූ වැදගත්ම ප්‍රකාශය වූයේ තමන් දෙමළ ව්‍යාපාරිකයා පැහැරගනු ලැබුවේ නේවි සම්පත්ගේ මෙහෙයවීම අනුව බව සඳහන් කිරීමය.

    නමුත් එහිදීද පොලිසියෙන් බේරී සිටීමට සම්පත්ට වාසනාව තිබිණි. එය එසේ වුවද මේ අයුරින් වැඩි දිනක්‌ සිය වෙස්‌ මුහුණ පෙන්වමින් ගැලවී සිටින්නට නේවි සම්පත්ට අවසානයේ නොහැකි විය.

    ඒ පසුගිය රජයේ ඇමැතිවරයකු වූ µSලික්‌ස්‌ පෙරේරා මහතා දිනක්‌ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට දුරකථන ඇමතුමක්‌ ලබා දෙමින් සිදු කළ විමසීමක්‌ හේතුවෙනි. මෙහිදී ඇමැතිවරයා නාවික හමුදාපතිවරයාගෙන් විමසා සිටියේ පැහැරගනු ලැබූ කිසියම් තරුණයන් පිරිසක්‌ නාවික හමුදා මූලස්‌ථානයේ රඳවා සිටින්නේද යන්නය.

    ඇමැතිවරයාගේ එකී විමසීමත් සමඟ ඒ මොහොතේම ක්‍රියාත්මක වූ වසන්ත කරන්නාගොඩ මහතා නාවික බුද්ධි අංශයේද කටයුතු කරන තමන්ගේ සමීප නිලධාරියා වූ නේවි සම්පත් කැඳවා කිසියම් තරුණයන් පිරිසක්‌ පැහැරගෙන විත් නාවික හමුදා මූලස්‌ථානයේ රඳවාගෙන සිටින්නේදැයි ප්‍රශ්න කළේය. එහිදී "නැහැ සර්" කියමින් වසන්ත කරන්නාගොඩ මහතාට පිළිතුරු දෙන්නට වූ නේවි සම්පත් වැඩි දුරටත් කියා සිටියේ ත්‍රිකුණාමල කඳවුරේ කිසියම් පිරිසක්‌ රඳවාගෙන සිටින බවට තොරතුරු තිබෙන බවය.

    එහිදී සම්පත් කී දේ පිළිබඳ සොයා බලන කරන්නාගොඩ මහතාට පෙනී යන්නේ ඔහු තමන්වද නොමඟ යවමින් අසත්‍ය ප්‍රකාශයක්‌ කර ඇති බවකි. නේවි සම්පත් පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතාට මුලින්ම සැකයක්‌ උපදින්නේ එතැනදීය. ඒ සමඟම නැවතත් නේවි සම්පත් තමන් වෙත කැඳවන වසන්ත කරන්නාගොඩ මහතා ඇමැතිවරයා ඇසූ කතාව පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කරනුයේ සත්‍ය අනාවරණය කරගත යුතුම වූ බැවිනි.

    එකී ප්‍රශ්න කිරීමේදී නේවි සම්පත්ට කිසිත් වසන් කිරිමට ඉඩක්‌ නොලැබිණ. තමන් භාරයේ තරුණයන් පිරිසක්‌ සිටින බව ඔහු හෙළි කළේය. නමුත් ඒ වන විට හාජියාර් අලි ඇතුළු පැහැරගෙන ආ තරුණයන් සියලු දෙනා ඝාතනය කර තිබෙන බව දැන සිටියේ නේවි සම්පත් පමණක්‌ම විය.

    නේවි සම්පත් කළ එකී හෙළිදරව්වත් සමග දැඩි ලෙස කෝප වන වසන්ත කරන්නාගොඩ මහතා ඒ මොහොතේම එවකට ආරක්‍ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවී සිද්ධිය පිළිබඳ ආරක්‍ෂක ලේකම්වරයා දැනුවත් කර තරුණයන් පැහැර ගැනීම සම්න්ධයෙන් විමර්ශනයක්‌ සඳහා නේවි සම්පත්ව රහස්‌ පොලිසියට භාර දිය යුතු බවට තීරණය කරනුයේ කළ වරදට ඔහුට දඬුවමක්‌ ලැබිය යුතු බැවිනි.

    එහෙත් නාවික හමුදාපතිවරයා සැරසෙන්නේ තමන්ව රහස්‌ පොලිසියට භාර දීමට බව ඉවෙන් මෙන් වටහා ගන්නා නේවි සම්පත් ඒ මොහොතේම කරනුයේ එතෙක්‌ රාජකාරි කළ නාවික හමුදාවට ආයුබෝවන් කියා රහසේම සැඟවී පලා යැමය. එසේ නාවික හමුදාවෙන් පැන ගිය නේවි සම්පත් ඉන් දින කිහිපයකට පසු එවකට යුද හමුදාවේ සිටි එක්‌තරා උසස්‌ නිලධාරියකු හමුවීමට යන්නේ තමන්ට වැදගත් හෙළිදරව්වක්‌ කිරීමට ඇති බව පවසමිනි.

    එකී යුද හමුදා නිලධාරියා සහ වසන්ත කරන්නාගොඩ මහතා අතර දිගු කලක සිට පවතින විරසකයක්‌ ඇති බව එකල ප්‍රකටව තිබූ කරුණක්‌ විය. ඉන් ප්‍රයෝජන ගැනීමේ අදහස ඇතිව යුද හමුදා නිලධාරියා සොයා යන නේවි සම්පත් ඔහු ඉදිරියේ කියා සිටින වැදගත් කරුණ වුයේ කුමක්‌ද?

    එහිදී හේ කියා සිටිනුයේ වසන්ත කරන්නාගොඩ මහතා විසින් එකී යුද හමුදා නිලධාරියා ඝාතනය කිරීම සඳහා තමන්ව යොදා ගැනීමට උත්සාහ ගත්තද තමන් ඊට අකමැති වීම නිසා දැන් වෙනත් වරදකට පටලවා රහස්‌ පොලිසියට භාර දීමට යන බවකි. එකල එම යුද හමුදා නිලධාරියාට සමීපව සිටි මාධ්‍යවේදීන් පස්‌ දෙනකු ඝාතනය කරන ලෙස වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිවරයා තමන්ට උපදෙස්‌ දුන් බවද නේවි සම්පත් කියා සිටින්නේය.

    එහෙත් මෙහිදී යුද හමුදා නිලධාරියා කරනුයේ නේවි සම්පත් කී සියල්ල පටිගත කර ගැනීමෙන් පසු ඔහුව රැගෙන ගොස්‌ රහස්‌ පොලිසියට භාර දීමය. ඒ වන විට නේවි සම්පත් නමැති නාවික නිලධාරියා එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් සමඟ සබඳතා පවත්වා ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශනයක්‌ සිදු කරන ලෙස එවකට නාවික හමුදාපති වූ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද රහස්‌ පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබිණි. ඒ ඉකුත් 2009 වසරේ මැයි මාසයේදීය.

    එම පැමිණිල්ල රහස්‌ පොලිසියට ලැබී තිබුණේ "කොළඹ නාවික හමුදා මූලස්‌ථානයේ සේවය කළ නාවික නිලධාරි එම්.ඒ.ඩී.එන්.එස්‌. මුණසිංහ, එන්.ආර්.එක්‌ස්‌. 0945 යන අය ත්‍රස්‌තවාදීනA සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඒ අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් නාවික හමුදා මූලික පරික්‍ෂණයක්‌ සිදු වෙද්දී ඔහු සේවා ස්‌ථානයෙන් බැහැරව ගොස්‌ ඇති බවත් එහිදී ඇති වූ සැකය මත ඔහුගේ නිල කාමරය පරීක්‍ෂා කිරීමේදී සැකකටයුතු ලියකියවිලි, ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්, චෙක්‌ පත් ඇතුළු ලියකියවිලි රාශියක්‌ සොයා ගත් බැවින් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනයක්‌ සිදු කරන ලෙස" ඉල්ලා සිටිමිනි.

    අද දවසේ නාවික හමුදා නිලධාරින් පිරිසක්‌ දෙමළ තරුණයන් පැහැරගෙන කප්පම් ලබා ගැනීමෙන් පසු ඝාතනය කර ඇතැයි කියමින් සීඅයිඩීය දෙවන "මිලේනියම් සිටි" පාවා දීම අරඹා ඇත්තේ මෙසේ නේවි සම්පත් පිළිබඳ හිටපු නාවික හමුදාපතිවරයා කළ පැමිණිල්ලට අනුව කෙරෙන විශ්මිත විමර්ශනයක්‌ ඔස්‌සේය.

    මෙකී විශ්මිත විමර්ශනයට අනුව යමින් එවකට නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකවරයාව මෙන්ම නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි කපිතාන් ඩී.කේ.පී. දසනායක කැඳවා ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඉකුත් සතියේ සීඅයිඩීය ක්‍රියාකර තිබිණි. එහිදී සීඅයිඩීය ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණේ කුමක්‌ පිළිබඳවද?

    ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ කළ සීඅයිඩීයේම එක්‌තරා නිලධාරියකු "දිවයින"ට කියා සිටියේ දසනායක මහතා එකී වකවානුවේ කිසියම් නාවික නිලධාරින් කණ්‌ඩායමක්‌ අධීක්‍ෂණය කළේද යන්න රහස්‌ පොලිස්‌ නිලධාරින් විමසා සිටි බවකි. නමුත් රහස්‌ පොලිසිය නොදැන සිටියාට කපිතාන් දසනායක මෙකී කාල සීමාවේ රාජකාරි කරනු ලැබුවේ කොතැනකදැයි යන්න අපි දැන සිටින්නෙමු.

    මානුෂීය මෙහෙයුමේ අවසන් කාලයේ ප්‍රභාකරන් මුහුදින් පැන යනු ඇතැයි සිතා මුලතිව් සහ චලෙයි මුහුද ආවරණය කරමින් ආරක්‍ෂක වළල්ලක්‌ යෙදීමට ඒ දිනවල නාවික හමුදාව පියවර ගෙන තිබිණි. ඒ ආරක්‍ෂක වළල්ලේ වූ වේග ප්‍රහාරක සහ ක්‍ෂණික විහිදුම් බළකායට අණ දෙනු ලැබුවේ අද සීඅයිඩීය ප්‍රශ්න කරන කපිතාන් දසනායක විසිනි.

    එකල මේ ලියුම්කරුද සිටියේ අවසන් සටන පැවති යුද බිමේය. එහිදී දිනක්‌ චලෙයි ප්‍රදේශයේ භූගත බන්කරයක්‌ අසලදී කපිතාන් දසනායක හමු වූවා දැනුදු මගේ මතකයේ ඇත. එදා කපිතාන් දසනායකගේ නවාතැන වී තිබුණේ එකී භූගත බන්කරය ය. දසනාකලා රට වෙනුවෙන් කැපවී සිටියේ එසේය

    කෙසේ වෙතත් කපිතාන් දසනායකගෙන් සීඅයිඩීය කළ මෙකී ප්‍රශ්න කිරීමෙන් පසු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අපේ හිතවත් නීතිඥ අජිත් රෝහණ මහතා ඉකුත්දා මාධ්‍ය ඉදිරියේ අපූරු ප්‍රකාශයක්‌ද කරනු ලැබිණි.

    ඒ නාවික හමුදා ඝාතක කණ්‌ඩායම අධීක්‍ෂණය කර ඇත්තේ දසනායක බැවින් ඔහුගෙන් ප්‍රශ්න කළේය යන්නය. එහිදී හිටපු නාවික හමුදාපතිවරයා සීඅයිඩියට පැමිණිල කර ඇත්තේ නාවික හමුදාවේ කප්පම් කල්ලියක්‌ පිළිබඳව යෑයිද අජිත් රෝහණ මහතා කීය.

    කෙසේ වෙතත් ඒ පිළිබඳ අජිත් රෝහණ මහතාගෙන් අප කළ විමසීමකදී හේ කියා සිටියේ වෙනත් කතාවකි. නමුත් අජිත් රෝහණ මහතා කරන එකී වෙනත් කතාවෙන්ම මේ මොහොතේ සිදු වන්නට යන්නේ කුමක්‌දැයි වටහා ගැනීමට අපට අපහසු නැති බවද මෙහිදී සඳහන් කළ යුතුය.

    අද නාවික හමුදාව සම්බන්ධයෙන් සීඅයිඩීය අරඹා තිබෙන මෙකී හතරබීරි විමර්ශනය සම්බන්ධයෙන් නාවික හමුදාවේ මතය කුමක්‌දැයි අපි වත්මන් නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයන්ත පෙරේරාගෙන්ද විමසිමක්‌ කළෙමු. එහිදී "නොදන්නාවාදය" සමඟ නාවික හමුදාපතිවරයා දුන් පිළිතුරද අප මෙහි පසෙක සටහන් කරනුයේ රටේ ජනතාවට සියල්ල අවබෝධ කර ගැනීමට පහසු වනු පිණිසය.

    කෙසේ වෙතත් නේවි සම්පත්ගේ කතාවේ ආරම්භයේ සිට අද සිදුවන සීඅයිඩී පරීක්‍ෂණය දක්‌වා විමසීමෙන් බලන කල පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ මේ මොහොත වන විට නාවික හමුදාවේ රණවිරුවන් පිරිසක්‌ නිකරුණේ අත්අඩංගුවට ගෙන නීතියට මුවා වී දඬුවම් කිරීමට කිසියම් බලගතු හස්‌තයක බලපෑමක්‌ තිබෙන බවය. යහපාලන ආණ්‌ඩුවේ මහත්වරුනි මේ සිදු වන්නේ ජාතයන්තරයට කී අභ්‍යන්තර පරික්‍ෂණයද?

    සමන් ගමගේ
     
    Last edited: