පාවිච්චි කරපු CPU සහ Motherboard ගන්නකොට

Darks3id

Active member
  • Aug 9, 2021
    124
    111
    43
    පාවිච්චි කරපු CPU එකක් සහ Motherboard එකක් ගන්නකොට බලන්න ඕනි මොනවද ?
    කොහොමද චෙක් කරගන්නේ ?
    චෙක් කරගන්න මොනවා හරි software තියෙනවද ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එහෙමම කරන්න පුළුවන් නම් එකක් හිතාගන්න බැහැ. ස්ට්‍රෙස්ස් ටෙස්ට් එකක් වගේ කරොත් නම් හොඳයි කියල හිතෙනවා. benchmark ටෙස්ට් එකක් වගේ දාල බලපන්.
    visuallyth හොඳට බලපන් capacitors issues තියෙන්න පුළුවන්. පරණ නිසා.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    CPU walanam 99% withara issues enne ne. Check karanna thiyenne pins thama pins thiyenawanam. Mobo ekenam socket eka, capacitors hodata check karapan. Aniwa stress test ekak karala ganin
     
    • Like
    Reactions: Voltage

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනිවාර්යෙන් දවස් 7 හරි වරන්ටියක් ගනින් ගෙදර ගිහින් හරි හෙමිහිට චෙක් කරගන්න පුළුවන් නැත්නම් ගන්න එපා .උන් කියන "ඕන විදියට චෙක් කරලා අරන් යන්න " ගැටේට අහුවෙන්න එපා 99% මොකක් හරි අව්ලක් තියෙනවා
     
    • Like
    Reactions: Voltage and xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අනිවාර්යෙන් දවස් 7 හරි වරන්ටියක් ගනින් ගෙදර ගිහින් හරි හෙමිහිට චෙක් කරගන්න පුළුවන් නැත්නම් ගන්න එපා .උන් කියන "ඕන විදියට චෙක් කරලා අරන් යන්න " ගැටේට අහුවෙන්න එපා 99% මොකක් හරි අව්ලක් තියෙනවා
    Aniwa. Dawas 7 ma puluwan nam monawa hari wadak kara kara on eke thiyapan.
     
    • Like
    Reactions: wca

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    1. චෙකින් වොරන්ටි - අඩුම දවස් 7ක් වත් ඉල්ලන්න. ‌ෂොප් එකකින් නම් ගන්නේ සාමාන්‍යයෙන් මාස 3-6 අතර කාලයක් ලැබෙනවා.
    2. චෙක් කිරීම - එතනම ප්ලග් කරලා, වින්ඩෝස් බූට් වෙන තැන වෙනකන්ම බලන්න. බූට් වුනාට පස්සේ, ගේම් එකක්, ස්ට්‍රෙස් ටෙස්ට් එකක් (CPU Z) කරලා බලන්න
    3. චෙක් කිරීම - මදර්බොඩ් එකේ කැපෑසිටර්ස් පුපුරලා ද, ඉදිමිලා ද, කියලා බලන්න. ඇසිඩ් කලලා තැන්තැන්වල මළකඩ වගේ තියෙනව ද, කියලා බලන්න. පිටි පස්සේ අයිඔ් ෂීල්ඩ් එකේ විතරක් එහෙම තිබුණට කමක් නැහැ, නමුත් බෝඩ් එක උඩ එහෙම වෙලා නම් හොද නැහැ. මේ වගේ දේවල් වෙලා තියෙනවා නම්, කොහෙත්ම ගන්න එපා මොකද, දැන් වැඩ කළාට ටික කාලෙකින් අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ නැති වෙනවා. ඊළග වැදගත්ම දේ තමයි මදර්බෝඩ් සොකට් එකේ තියෙන පින්. සමහරවෙලාවට නැමිලා, ඇදවෙලා තිබුණත් බඩු වැඩ. හැබැයි සමහර රැම් ස්ලොට් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා, එහෙම නැමිලා, ඇදවෙලා තියෙනව නම්, හැම රැම් ස්ලොට් එකටම රැම් එක ගගහ, චෙක් කරන්න.

    මම ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් මදර්බෝඩ්, සීපීයු අරගෙන තියෙනවා. ෂොප්වලින් වගේම ගෙවල්වල පාවිච්චි කරපු අයගෙන්. අවුරුදු 10කට එහා පරණ ඒවා ඇරෙන්න, ඊට මෙහා ඒවල නම් අවුල් එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. Processors වල නම් එහෙම අවුලක් එන්නේම නැති තරම්.
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මං ගත්ත මචං H81 චයිනීස් බෝඩ් එකක්
    සෙකන්ඩ් හෑන්ඩ් ගාණටම
    තාම මාස 4යි. කිසි අවුලක් නෑ හොඳට වැඩ කරනව
    කියක් උනාද
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මදර්බෝඩ් එක පාස්සපු තැන් බලන්න පාස්සල තියෙන හැටි අනිත්වට වඩා වෙනස් ද?, කැපෑසිටර් එහෙම අනිත් ඒවාට වඩා වෙනස් ද? ලීක් වෙලා තියෙන ලකුණු, ඔක්සයිඩ් අසාමාන්‍ය විදියට වැඩි ඒවා වගේ තියෙනවා නම් වෙනස් නම් ඒවා රිපෙයා කරපුව. හොඳට රිපෙයා කරපුව අවුළක් නැහැ. එත් සමහර ඒවා තියෙනවා ලෙඩේ හොයන්නේ නැතිව මතුපිටින් වැඩේ ගොඩ දාපු. එහෙම එකක් නම් ආපහු මදර්බෝඩ් එකට කෙල වෙනවා. ප්‍රොසෙසර් සොකට් එකේ පින් ඇද වෙලාද බලන්න. ප්‍රොසෙසර් එකේ බර්න් මාක්ස් තියේද බලන්න. ප්‍රොසෙසර් එක සාමාන්‍යයෙන් ගොඩක් ඩියුරබ්ල් එක නිසා ලොකු අවුළක් නැහැ. හාඩ් ඩිස්ක් එකක් නම් පාවිච්චි කරලා තියෙන පැය ගාන බලන්න.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Kohomada HHD pavichchi karapu peya gana balanne?