1. චෙකින් වොරන්ටි - අඩුම දවස් 7ක් වත් ඉල්ලන්න. ෂොප් එකකින් නම් ගන්නේ සාමාන්‍යයෙන් මාස 3-6 අතර කාලයක් ලැබෙනවා.
2. චෙක් කිරීම - එතනම ප්ලග් කරලා, වින්ඩෝස් බූට් වෙන තැන වෙනකන්ම බලන්න. බූට් වුනාට පස්සේ, ගේම් එකක්, ස්ට්‍රෙස් ටෙස්ට් එකක් (CPU Z) කරලා බලන්න
3. චෙක් කිරීම - මදර්බොඩ් එකේ කැපෑසිටර්ස් පුපුරලා ද, ඉදිමිලා ද, කියලා බලන්න. ඇසිඩ් කලලා තැන්තැන්වල මළකඩ වගේ තියෙනව ද, කියලා බලන්න. පිටි පස්සේ අයිඔ් ෂීල්ඩ් එකේ විතරක් එහෙම තිබුණට කමක් නැහැ, නමුත් බෝඩ් එක උඩ එහෙම වෙලා නම් හොද නැහැ. මේ වගේ දේවල් වෙලා තියෙනවා නම්, කොහෙත්ම ගන්න එපා මොකද, දැන් වැඩ කළාට ටික කාලෙකින් අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ නැති වෙනවා. ඊළග වැදගත්ම දේ තමයි මදර්බෝඩ් සොකට් එකේ තියෙන පින්. සමහරවෙලාවට නැමිලා, ඇදවෙලා තිබුණත් බඩු වැඩ. හැබැයි සමහර රැම් ස්ලොට් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා, එහෙම නැමිලා, ඇදවෙලා තියෙනව නම්, හැම රැම් ස්ලොට් එකටම රැම් එක ගගහ, චෙක් කරන්න.
මම ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් මදර්බෝඩ්, සීපීයු අරගෙන තියෙනවා. ෂොප්වලින් වගේම ගෙවල්වල පාවිච්චි කරපු අයගෙන්. අවුරුදු 10කට එහා පරණ ඒවා ඇරෙන්න, ඊට මෙහා ඒවල නම් අවුල් එන්න තියෙන ඉඩකඩ ගොඩක්ම අඩුයි. Processors වල නම් එහෙම අවුලක් එන්නේම නැති තරම්.