රත්තරං;13605723 said:
ඒ මොනවා කලත් හොයන්න පුලුවන් බන්. ටැපට් කවරෙන්... පිට්ටනියකට දාලා ෆුල් කපලා රවුමක් ගැහුවහම බෝල්, සීවී ජොයින් රැක් බර බර ගානකොට මයිලේජ් මාට්ටු.. එක දේකින් විතරක් බලන්න අමාරුයි, සේරම බලලා සේරගෙන්ම අදහසක් ගන්න ඔනේ
හැබැයි මචන් මේවා දන්න එකෙක් ගේම දුන්නොත් හොයන්න අමාරුයි, මොකෝ බලන තැන් අපි දන්නවනම් අපි වෙනස් කරන්නෙත් ඒ තැන්මනේ බන්
ඒක ඇත්ත බන්
මං පහු ගිය දවස් ටිකේ යාලුවෙක්ට වෑන් එකක් හොයන්න රට වටේ ඇවිද්දා
මාත් එක්ක ගියා මචං කොළඹ සේල් එකක් වැඩ කරන බාස් කෙනෙක්
ඌ කියන කථා ඇහුනම පිස්සු හැදෙනවා
රීකන්ඩිෂන් එන වාහන වල කෑලි මාරු කරනවාලු
පොඩි පොඩි තැලිච්චි ඒවා හදලා පේන්ට් එක ගහලා
මීටර් කරවලා
ඇන්ජිං එකටත් ජිල්මාට් එකක් දාලා
අලුත්ම වාහනයක් වගේ ලු එලියට දාන්නේ
ඌ ලෙසම වැඩ්ඩා
ඌ වාහනේ දකින කොටම කියනවා වැදිච්චි තැන්
වැදුනු විදිහ
කොච්චර කල්ද කියලා
ඌ කරන්නේ වාහනේ වටේ රවුමක් ගිහින්
අයිතිකාරයට කියනවා ස්ටාර්ට් කරන්න කියලා
ඉස්සරහට පස්සට අරන් බේක් පාරක් ගහලා
අය්තිකාරයට කියනවා ටික දුරක් ට්රයල් එකක් යන් කියලා
ඌ එලවන්නේ නෑ
අයිති කාරයට තමයි එලවන්න කියන්නේ
ඊට පස්සේ අංජනමෙන් බැලුවා වගේ විස්තර කියන්න ගන්නවා බන්
ලොවෙත් කොර
අනිවාර්යෙන්ම තමන්ට වාහන ගැන දැනුමක් නැත්නම්
වාහන ගැන හොන්දට දන්න කෙනෙක් නෙවෙයි
ගරාජ් බාස් කෙනෙක් අරන් යන්න ඕනි විස්වාසවන්ත එකෙක්
ලංකාවේ වාහන ගැන දන්න එව්වෝ අඩුයි
උන් දන්නේ වාහන වල මාර්කට් එක විතරයි