පාවෙන අවි ගබඩාව

neonz

Member
Mar 31, 2008
1,349
55
0
පාවෙන අවි ගබඩාව

ලැබුණු පැමිණිල් ලක් මත ජනවාරි 18 වැනිදා ගාලූ වරායේදී අත්අඩංගුවට ගන්නා ලද පාවෙන අවි ගබඩාව පිළිබඳ පරීක්ෂණයේ උණුසුම මැකී යන ආකාරයක් දක්නට ලැබේ. ඊට හේතුවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් බී.එම්.යූ.ඞී. බස්නායක මහතා එම පාවෙන අවි ගබඩාව නීත්‍යනුකූල එකක් බවට ප‍්‍රකාශයක් සිදුකර තිබීමය.

එම පාවෙන අවි ගබඩාවට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය හා අනුග‍්‍රහය ලැබී තිබුණා වුවත් ඒ මගින් ඇති කරන ප‍්‍රශ්න රාශියක් සඳහා රටේ පොදු මහජනයාට හා විචාරශීලී පුද්ගලයන්ට පිළිතුරු අවශ්‍ය වී ඇත.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාට අනුව එම පාවෙන අවි ගබඩාව ගාලූ වරායේදී අත්අඩංගුවට ගැනීමේදී එහි තුළ තිබී ගිිනි අවි 3150ක් හා පතොරොම් හත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් සොයාගෙන ඇත.

එමෙන්ම එම අවි ගබඩාව සහිත නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එය රූපගත කළ රූපවාහිනී නාලිකාවක් පෙන්වා දුන්නේ එහි තුළ සිටි විදේශකයන් පිරිසක් ගමන් මලූ නොවන ඇසුරුම් රැුසක් නැවෙන් ඉවතට රැුගෙන යන ආකාරයය.

මේ පාවෙන අවි ගබඩාව සහිත නැව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යනවායැ’යි කියන ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් ආයතනයේ උපදේශකයකු ලෙස තමන් හඳුන්වා ගත් හිටපු නාවික හමුදාපතිවරයකු වූ සෝමතිලක දිසානායක මහතා මාධ්‍යයට ප‍්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යාංශය, නාවික හමුදාව හා ඇවන්ගාඞ් සමාගම ඒකාබද්ධව එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන බවයි.

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී ඔවුන් කියන්නේ මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සියලූ අනුමැතියන් හා අවසරයන් ලැබී ඇති බවත්ය. එමෙන්ම මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය රක්නා ආරක්ෂක ලංකා ආයතනය සමග ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන බවය. තවද එම අවි ගබඩාව තුළ ආරක්ෂාව මෙන්ම එම අවි ගබඩාව සහිත නැව මුහුදේ තිබියදී නාවික හමුදාවේ ජංගම මුර සංචාරක යාත‍්‍රා විසින් ඊට ආරක්ෂාව සපයන බවයි. එමෙන්ම ඇවන්ගාඞ් වෙබ් අඩවිය තවදුරටත් කියන්නේ ඔවුන් විසින් අදාළ ව්‍යාපෘතිය සඳහා භාවිතයට ගන්නා ගිනි අවි ශ‍්‍රී ලංකා රජය සතු ඒවා බවයි.
ගාලූ වරායේදී අත්අඩංගුවට ගත් ‘මහනුවර’ නමැති පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ ඇති විස්තර අනුව ඔවුන්ගෙන් අවි ඇතුළු සේවාවන් ලබාගැනීමේදී ඒ සඳහා වැඩිදුර විමසීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක රක්නා ආරක්ෂක ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙල, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ, දකුණු පළාත භාර නාවික අණදෙන නිලධාරී හා ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයා නම් කර ඇත.

තවද ගාලූ මුහුදේ නවතා ඇති මෙම පාවෙන අවි ගබඩාවට අමතරව ‘සින්බෑඞ්’ යනුවෙන් වූ පාවෙන අවි ගබඩාවක් සහිත නෞකාවක් ගල්ෆ් මුහුදු ප‍්‍රදේශයේ ඕමානය අසල රඳවා ඇති බවත්, ‘ඇවන්ගාඞ්’ යනුවෙන් වූ පාවෙන අවි ගබඩාවක් සහිත නෞකාවක් රතු මුහුදේ රඳවා ඇති බවත් එම වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ‍්‍රී ලාංකික පොදු ජනයා ඇවන්ගාඞ් කියූ විට බොහෝ විට දැන සිටියේ ඇවන්ගාඞ් සිකියුරිටි සර්විසස් පෞද්ගලික සමාගම යනුවෙන් හඳුන්වන ලද රට තුළ ගොඩබිම ආරක්ෂක සේවා සපයනපෞද්ගලික සමාගමක්ය. ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් නමැති සමාගමක් පිළිබඳව පොදු ජනයා දැනගන්නට ඇත්තේ ගාලූ වරායේ මෙම සිදුවීමත් සමගය.

ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස්ට අනුව ඔවුන් රට තුළ ක‍්‍රියාත්මක සමාගම් නීතිය යටතේ ලියාපදිංචි වී ඇත්තේ 2011 ජුනි 24 වැනිදාය. (එදින සිට ඔවුන් ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු කළායැ’යි ඉන් හැඟවෙන්නේ නැත.) අවදානම හා ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්න ඇති ඕනෑම වෙළෙඳ නෞකාවකට ගිනි අවි සහ මුහුදු ආරක්ෂකයන්(Sea Marshals) සැපයීමට එම සමාගමට ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයෙන් සම්පූර්ණ අවසරය ලැබී ඇත.

ඒ අනුව මෙවැනි පාවෙන අවි ගබඩාවක කාර්යය ලෙස පෙනෙන්නේ ආරක්ෂාව පිළිබඳ ගැටලූ ඇති වෙළෙඳ නෞකාවලට ගිනි අවි සහිත මුහුදු ආරක්ෂකයන් සැපයීමය. එමෙන්ම එම පාවෙන අවි ගබඩාවක තවත් කාර්යයක් ලෙස හඳුන්වන්නේ වෙනත් ස්ථානයකින් රැුගෙන එන ආරක්ෂකයන් සතු ගිනි අවි වරායන් වෙත සේන්දුවීමට පෙර මෙවැනි අවි ගබඩාවක තැන්පත් කර ආපසු යනවිට රැුගෙන යෑමය. (ගිනි අවි සහිතව වෙළෙඳ නෞකාවකට වරායකට ඇතුළුවීමට අවසර නැත.)

මේ ආකාරයට වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලූ මතුවූයේ සෝමාලියානු කොල්ලකරුවන් එම නෞකාවලට ආයුධ සන්නද්ධව ඇතුළු වී කප්පම් ගැනීම ඇතුළු ක‍්‍රියාදාමයන් සිදුකිරීම හේතුවෙන්ය. ඒ නිසාම වෙළෙඳ නෞකා වලට කොල්ල කරුවන්ගේ ආධිපත්‍යය හිමි සමහර මුහුදු ප‍්‍රදේශවලදී ආරක්ෂාව වුවමනා වීමේ විභවයක් මතුවී ඇති අතර ඒ සඳහා විසඳුම වශයෙන් මෙම පාවෙන අවි ගබඩා සංකල්පය ආරම්භ වී ඇත.

මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය මුලින්ම ශ‍්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇත්තේ ශ‍්‍රී ලංකා නාවික හමුදාවය. ඔවුන් එම ව්‍යාපාරයට අත ගසා ඇත්තේ 2011 වර්ෂයේදීය. ඒ මගින් අතිවිශාල මුදලක් නාවික හමුදාව හරහා රජයේ භාණ්ඩාගාරයට ලැබී ඇත. එහෙත් 2012 වර්ෂයේ මැද භාගයේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දුන් නියෝගයක් අනුව නාවික හමුදාව මෙම ක‍්‍රියාවලියෙන් ඉවත් වී ඇත. එම ඉවත්වීමත් සමග එම ක‍්‍රියාවලියට පැමිණ ඇත්තේ ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමය. ඒ නිකම්ම නොවේ. ශ‍්‍රී ලංකා රජයේ ගිනි අවි සහිතව හා ශ‍්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන රක්නා ආරක්ෂක ලංකා සමාගමේ දායකත්වය ඇතිවය. මාර්ෂල්ලා හෙවත් මුහුදුආරක්ෂකයන් සැපයීම සිදුකර ඇත්තේ රක්නා ආරක්ෂක ලංකා සමාගමය. හිටපු යුද, ගුවන් හෝ නාවික හමුදා සාමාජිකයන් ඒ සඳහා යොදවාගෙන ඇත.

ඒ අනුව පෙනෙන්නේ රජයේ නාවික හමුදාව විසින් සිදුකළ හා රජයේ ආරක්ෂක අංශයන්ට සිදුකළ හැකි කටයුත්තක් මෙම පාවෙන අවි ගබඩාව හරහා පෞද්ගලික අංශයට ලබාදී ඇති බවය. මේ වුවමනාව ඇතිවූයේ කාටද? එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂටද? ඔහුගේ අනුදැනුමෙන් තොරව ඒ තුළ කිසිවක් සිදුවිය නොහැකි බව අප දන්නා සත්‍යයය. ගෝඨාභය රාජපක්ෂට එවැනි වුවමනාවක් ඇතිවූයේ ඇයි? ඒ සඳහා බලපාන ලද හේතු කවරේද? මේ විමර්ශන කණඩායම් විසින් අවධානය යොමු කළ යුතු කරුණුය.

අමතරව අවධානය යොමුකළ යුත්තේ රජය සතු ගිනි අවි කිනම් හෝ කටයුත්තක් සඳහා පෞද්ගලික ආයතනයකට ලබාදිය හැකිද? රජයෙන් ලබාගන්නා එම ගිනි අවි වෙනත් පෞද්ගලික සමාගමට කුලියට හෝ බද්දට ලබාදිය හැකිද? මෙවැනි ව්‍යාපෘතියකට රජය සතු ගිනි අවි ලබාදීමේදී ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබුණේද යන කරුණු කාරණා පිළිබඳවය.

ඊටත් අමතරව IMO හෙවත් ජාත්‍යන්තර නාවුක සංවිධානයේ අවසරය මෙම ඇවන්ගාඞ් ව්‍යාපෘතියට හෝ එම සමාගමට ලැබී තිබුණේද යන්න හා නොඑසේ නම් එම අවසරය ලැබී තිබුණේ ශ‍්‍රී ලංකා රජයට හෝ ශ‍්‍රී ලංකා රජයේ ආයතනයකටද යන්න සෙවිය යුතුය.

මෙම පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය ගැන ඇති සැකසංකා නැතිකරගත හැක්කේ ඉහත සඳහන් ප‍්‍රශ්නවලට පිළිතුරු ලැබෙන ආකාරයේ විමර්ශනයකින් පසු පමණය. ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ලේකම්වරයා ඒ සඳහා සූදානම්ද යන්න අපගේ ඊළඟ ප‍්‍රශ්නයය.

Source: Ravaya
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඒ අනුව පෙනෙන්නේ රජයේ නාවික හමුදාව විසින් සිදුකළ හා රජයේ ආරක්ෂක අංශයන්ට සිදුකළ හැකි කටයුත්තක් මෙම පාවෙන අවි ගබඩාව හරහා පෞද්ගලික අංශයට ලබාදී ඇති බවය. මේ වුවමනාව ඇතිවූයේ කාටද? එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂටද? ඔහුගේ අනුදැනුමෙන් තොරව ඒ තුළ කිසිවක් සිදුවිය නොහැකි බව අප දන්නා සත්‍යයය. ගෝඨාභය රාජපක්ෂට එවැනි වුවමනාවක් ඇතිවූයේ ඇයි? ඒ සඳහා බලපාන ලද හේතු කවරේද? මේ විමර්ශන කණඩායම් විසින් අවධානය යොමු කළ යුතු කරුණුය.