පාවෙන නිවර්තන කලාපීය දූපතක්

punaruwan

Active member
  • Feb 22, 2009
    744
    120
    43
    පාවෙන නිවර්තන කලාපීය දූපතක්


    නැව් සමාගම් මගින් නිර්මාණය කරන විවිධ අධිසුඛෝපභෝගී නෞකා පිළිබඳව ලොව නන්දෙසින් විවිධ පුවත් අසන්නට ලැබේ. ලොව වෙසෙන සුපිරි ධනවතුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද අපූරු නෞකාවක් පිළිබඳව මෙම පුවත වාර්තා වේ. "නිවර්තන කලාපීය දූපත් පාරාදීසය" ලෙස නම්කර ඇති මෙම නෞකාව නිර්මාණය කර ඇත්තේ ඉතා සුන්දර නිවර්තන කලාපීය දූපතක් ලෙසය.



    මීටර් 90 ක දිගින් යුක්ත මෙම නෞකාවෙහි අමුත්තන් 10 දෙනෙකු සඳහා විවේකය ගතකිරීමට ඉඩ පහසුකම් ඇත. මෙම නෞකාවෙහි විවේකය ගතකරන්නන් වෙත දූපතක විවේකයක් ගතකරන ලෙසම අවශ්‍ය සියලුම පහසුකම්වලින් මෙම දූපත් නැව සමන්විතය. එමෙන්ම නෞකාව ඇතුළත සිනමා ශාලාවක්, පුස්තකාලයක්, ක්‍රීඩාගාරයක් සහ ව්‍යායාම ශාලාවක්ද සහිතය.






    ස්ටර්ලිං පවුම් බිලයන 03 ක් වියදම් කරමින් රත්‍රන් හා ප්ලැටිනම් යොදාගෙන කුඩා යාත්‍රාවක් නිර්මාණය කිරීමට මැලේසියානු ව්‍යාපාරිකයකු කටයුතු කර තිබේ. මෙම යාත්‍රාව නිර්මාණය කිරීම සඳහා රත්‍රන් හා ප්ලැටිනම් කිලෝග්‍රෑම් 100,000 ක් යොදාගෙන ඇති අතර යාත්‍රාවට රනින් නිමකරන ලද නැංගුරමක් ද අයත්ය. මෙම යාත්‍රාව සම්පූර්ණයෙන්ම නිමකිරීම සඳහා වසර 03 ක කාලයක් ද ගතව ඇති බව සඳහන්ය
     
    Last edited: