පාසල් යන අයියා මලෝ
පැල්පතක ජීවත්වෙමින් දවසට වේලක් කා පාසල් යන අයියා මලෝ (වීඩියෝව)
================================
ළමයින්ට සිදුවන අකටයුතුකම් පිළිබද මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා. ගල්ගමුව, මීගලෑව ප්‍රදේශයේදී දිනිදු යෂේන් දරුවා පැහැර ගෙන යාමෙන් පසු මීට දින කිහිපයකට පෙර කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේදී තවත් දැරියක් පැහැර ගැනීමට ලක්වුණා. දිනිදු යෂේන් දරුවා පැහැර ගැනීමෙන් දින කිහිපයකින් පසුව සොයා ගැනුණත් වැල්ලවදී පැහැර ගැණුනු දැරිය තවමත් සොයාගෙන නැහැ. රාජාංගණය ප්‍රදේශයේදී දරුවන් තුන් දෙනෙකු පාසල මගහැර රැකියාවකට යාමේ පුවතක්ද ඉකුත්දා වාර්තා වුණා.
මේ අතර මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අහිමිව පැල්පතක හුදකලා වූ දරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරක් ලැබී තිබෙනවා.මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අහිමිව පැල්පතක හුදකලා වූ මෙම දරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන්. වැඩිමහල් සහෝදරයා මේ වනවිට උසස් පෙළ විභාගයට සූදානම් වනවා. බාල සහෝදරයා සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින්නෙක්. ඔවුන් ජීවත් වන පැල්පත නාවුල, කඩවත, ඇලගමුව මහා විදුහලට යාබදව පිහිටා තිබෙනවා.
අපි දෙන්නා උදේ 5.30ට නැගිටින්නේ. පහ හමාරට නැගිටලා ගෙදර වටේ තියෙන ටික අස් කරනවා. ඊට පස්සේ හයට විතර මූණ හෝදන්න යනවා. මූණ සෝදගෙන ඇවිත් හය හමාරට හයයි හතළිස් පහට විතර ලැහැස්ති වෙලා ඉස්කෝලෙට යනවා. ඉස්කෝලේ ඇරලා ඇවිත් එක හමාරට දෙකට විතර උයන්න පටන් ගන්නවා. තුන විතර වෙද්දී උයලා ඉවර කරනවා දවල්ට සහ රෑ දෙකටම. උදේට මම නම් කන්න කැමැත්තක් නැහැ. මල්ලිත් ඉතින් කන්නේ නැහැ ඉතින්. එයාටත් කන්න තැනක් නැහැ. උදේ වරුව කන්නේ නැතිව තමයි ඉන්නේ.
අප සමග මෙලෙස කතා කළේ හුදකලා වූ සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමහල් සහෝදරයායි. මව්පියන් හෝ වෙනත් වැඩිහිටියෙකු නොමැතිව තමන් තනිවීමට හේතුවද මෙම හුදකලා ජීවිතයේදී තමන් මුහුණ දුන් දුෂ්කරතාද ඔහු අප සමග විස්තර කළා.
කලින් හිටියේ මහ ගෙදර. මහගෙදර බාප්පා විතරයි ඉන්නේ. බාප්පා අපිට හැම වෙලාවේ රණ්ඩු කරනවා. ඒ හින්ද තමයි මේ විදිහට ඉන්නේ.
අම්මටයි තාත්තටයි මොකද වුණේ?
අම්මා අපි පොඩි කාලේම නැති වුණා. තාත්තා කොළඹ වැඩ කරනවා. අපි පොඩි කාලේ ඉඳලම අපි හදාගත්තේ අත්තම්මා. අත්තම්මා ඇවිදින්න බැරි වෙලා රෝද පුටුවේ ඉන්නේ. ඒක නිසා තමයි අපිට මෙහෙම වුණේ. අත්තම්මා හොඳින් හිටියා නම් අපි තාමත් එහේ. බාප්පා ඉතින් අපිත් එක්ක තරහ නිසා තමයි අපට මෙහෙම කරන්නේ. නිවාඩු කාලේට ඉතින් එක එක කුළි වැඩ කරනවා. ගඩොල් කපන්න ගිහින් මල්ලි දාද්දී ඔලූවේ ගලක් වැදුණා. දවස් තුනක් ඉස්පිරිතාලේ හිටියා.
වැඩිවිය පැමිණෙන තුරු දරුවෙකුට මව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ රැකවරණය අවශ්‍ය බව විවිධ අවස්ථාවලදී අවධාරණය කෙරෙනවා. නිසි රැකවරණයක් අහිමි වුවහොත් දරුවන් පහසුවෙන්ම නොමග යා හැකි බවයි සමාජ විශ්ලේෂකයන්, වෛද්‍යවරුන් සහ ආගමික නායකයන් උපුටා දක්වමින් නෙත් නිවුස්ද මීට පෙර පෙන්වා දුන්නේ.
සිය නැගණියට පිහියකින් ඇණ ඝාතනය කළේ යැයි ඉකුත්දා වාර්තා වූ දැරියද නිසි රැකවරණයක් නොලැබූවෙක් බව විමර්ශනවලදී හෙළි වුණා. නාවුල ප්‍රදේශයේ පැල්පතක හුදෙකලා සිටින මෙම දෙසොයුහරන් පිළිබදවද ඔබට වාර්තා කිරීමට නෙත් නිවුස් අදහස් කළේ ඒ අනුවයි. ඔවුන් ඉගෙනුම ලබන කඩවත ඇලගමුව මහා විද්‍යාලයේ විදුහල්පති පී ජී තිලකරත්න මහතාද අප සමග කතා කළා.
මේ දරුවෝ දෙන්නා මෙන්න මේ වගේ නිවසක ඉන්නේ කියලා මට ආරංචියක් ආවා. පාසලේ ඉගෙන ගන්න වෙනත් දරුවන්ට ඒ වගේම රටේ ඉගෙන ගන්න වෙනත් දරුවන්ට සාපේක්ෂව චාමල් පුතා සහ චාමර පුතා ලොකු අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ තමන්ගේ ජීවිතයත් ගෙන යන ගමන් අධ්‍යාපන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් එවෙලාවේ මට ලොකු වේදනාවක් දැනුණා. හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෝ දෙන්නෙක්.
අපේ හමිබ රජා නොපැකිළිව පලස්තිනේ හමිබයන් සතුටු කිරිමට ඩොලර් මිලියන ගණන් දෙනවිට මෙවන් දරැවන්ට උදවිවක් කරන්න යෙදෙවිවනමි මොකද වෙන්නේ. බැනේ හමිබ රජාට සිංහලයන්ට වඩා හමිබයන් ලොකුයිනේ.

නැති එකා තැලෙනවා,,, මහ උන් සැප විදිනවා