පාසල්-වෑන්-ගාස්තු
පාසල් වෑන් ගාස්තු හෙට සිට ඉහළ නගී
අකිත පෙරේරා
පාසල් සිසුන් ප්රවාහනය කිරීමේ වෑන් රථ ගාස්තුව හෙට (01 වැනිදා) සිට 15% කින් වැඩි කිරීමට නියමිතය.
ඉන්ධන ගාස්තු ඉහළ යැම මත තමනට දරන්නට සිදුවන පිරිවැය ඉහළ යැම හේතුවෙන් අදාළ ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇතැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්රවාහනය කිරීමේ සංගමයේ සභාපති මල් ශ්රී ද සිල්වා මහතා "දිවයින" ට පැවසීය.
වත්මන් ඉන්ධන මිල ඉහළ යැම හේතුවෙන් සිය සේවා සඳහා රජය විසින් සහනාධාරයක් හඳුන්වා දෙන බව ප්රකාශ වුවද එය මෙතෙක් නොලැබුණු නිසා ගාස්තු ඉහළ දැමීම සිදුකරන බව ද හෙතෙම කීය.
සහනාධාර ලබාදීමක් හෝ ඒ සඳහා මෙතෙක් නිසි වැඩපිළිවෙළක් හෝ යෝජනා වී නැතැයි ද පැවසූ ඒ මහතා වෑන් රථ නවතා තැබීමට තමන්ට රුපියල් 600 ත් 2000 ත් අතර මුදලක් වැයවෙන බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යැම නිසා ඇතැම් පාසල් වෑන් රථ හිමියන් දැනටමත් ගාස්තු ඉහළ දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.
http://www.divaina.com/2012/02/29/news07.html