පාසල්-වෑන්-ගාස්‌තු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාසල්-වෑන්-ගාස්‌තු

    පාසල් වෑන් ගාස්‌තු හෙට සිට ඉහළ නගී

    අකිත පෙරේරා

    පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ වෑන් රථ ගාස්‌තුව හෙට (01 වැනිදා) සිට 15% කින් වැඩි කිරීමට නියමිතය.

    ඉන්ධන ගාස්‌තු ඉහළ යැම මත තමනට දරන්නට සිදුවන පිරිවැය ඉහළ යැම හේතුවෙන් අදාළ ගාස්‌තු වැඩි කිරීමට සිදුවී ඇතැයි සමස්‌ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා "දිවයින" ට පැවසීය.

    වත්මන් ඉන්ධන මිල ඉහළ යැම හේතුවෙන් සිය සේවා සඳහා රජය විසින් සහනාධාරයක්‌ හඳුන්වා දෙන බව ප්‍රකාශ වුවද එය මෙතෙක්‌ නොලැබුණු නිසා ගාස්‌තු ඉහළ දැමීම සිදුකරන බව ද හෙතෙම කීය.

    සහනාධාර ලබාදීමක්‌ හෝ ඒ සඳහා මෙතෙක්‌ නිසි වැඩපිළිවෙළක්‌ හෝ යෝජනා වී නැතැයි ද පැවසූ ඒ මහතා වෑන් රථ නවතා තැබීමට තමන්ට රුපියල් 600 ත් 2000 ත් අතර මුදලක්‌ වැයවෙන බව ද සඳහන් කළේය.

    ඉන්ධන මිල ඉහළ යැම නිසා ඇතැම් පාසල් වෑන් රථ හිමියන් දැනටමත් ගාස්‌තු ඉහළ දමා ඇතැයි ද ඒ මහතා පැවසීය.



    http://www.divaina.com/2012/02/29/news07.html

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රට වෙනුවෙන් ඕව ඉවසලා ඉමු:lol::lol:
    බඩගින්නේ හරි අපේ නායකයෝ ආරක්ෂා කරන ආඩම්බර කාර ගැත්තෝ අපි
    (හොඳ වෙලාවට මම තාම බැඳලා නැත්තේ )
    :P;)
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    images
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    තාත්තා ආඩම්බරයිනේ............
    ඒක හින්දා අවුලක් නැහැ...................
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රට වෙනුවෙන් ඕව ඉවසලා ඉමු:lol::lol:
    බඩගින්නේ හරි අපේ නායකයෝ ආරක්ෂා කරන ආඩම්බර කාර ගැත්තෝ අපි
    (හොඳ වෙලාවට මම තාම බැඳලා නැත්තේ )
    :P;)
    එකනම් ඇත්ත මචෝ ....................