මේ පාසල් වෑන් එක traffic ගෘප් එකේ ෂෙයාකරාම පැය කීපෙකදී දාස් ගානක් කම්පිත වෙලා. බහුතරේ කියන්නේ වාහන ගණන්, පාට්ස් ගණන්, පව් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ, දරුවන්ගේ ජීවිත අනතුරේ ආදිය මිස ප්‍රශ්නයට හේතුව නෙමෙයි.
බහුතරය එකඟ වෙනවද මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ මේ රටේ සහමුලින් වැරදි ප්‍රවාහන සහ අධ්‍යාපන ක්‍රම නිසා බවත්.......
මේකට එකම විසඳුම රටේ පොදු ප්‍රවාහනය දියුණු කිරීම සහ හොඳම පාසල ළඟම පාසල කිරීම බවත් කිව්වොත්?
හැබැයි ඒ දෙකම නෙමෙයි නේද අපි මෙච්චර කල් දේශපාලකයන්ගෙන් ඉල්ලුවෙත්, දේශපාලකයන්ට ඡන්දෙ දුන්නේත්?
ඉල්ලුවේ ලාබෙට වාහන, ලාබෙට තෙල් නේද?
පගාවෙං බොරුවෙන් හරි හැදුවේ නගරයේ හොඳ පාසල් වලට ළමයි දාන්න නේද?
දැන් ඉතින් ප්‍රශ්නය ඔඩුදුවලා තියෙන්නේ මේක විසඳන්න අති විශාල ප්‍රතිපත්තිමය වෙනසක් කරන්න ඕන, මිනිසුන්ගේ ජීවන තත්ව උසස් වෙන්න ඕනේ. අනේ පව් කියාගෙන හැමදේම ලාබෙට ඉල්ලගෙන මේ රට ගොඩ දාන්න බෑ!
අඩුම ගානේ දැං රැළි හදාගෙන හොරු අල්ලං දූෂණ නැති කරලා රට හදන්න එන අයගෙන්වත් අපි ඒ අය රට හදන ආර්ථික ප්‍රතිපත්තිය, සංවර්ධන ක්‍රමවේදය මොකක්ද කියලා අහනවාද? නෑ නේද?
ඔහොමම යං
