පාසල්_ප්‍රේමය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
54729106_2337618753123313_3052127004624158720_n.jpg





යාන්තමට නොතෙමී ඉන්න පුලුවන් කුඩේක ඈත් එක්ක තෙමි තෙමී ඈව නොතෙම්මවමින් ගිය අතීතයක් ඔබටත් තියෙන්න ඇති...

හැම තිස්සෙම වාහන එන පැත්තෙන් ඔබ ගිහින් ඈව පාරෙ අයිනෙන් එක්කන් යන්න ඔබ පරිස්සම් වෙන්න ඇති...

පාසලේ අනන්‍යතාවය හිමිහිට හන්ගගෙන මෙහෙම පාරෙ ඇවිදින එක ඒ කාලෙ හැටියට නම් සාපරාධි වරදක් කියලා හිතුනත් දැන්නම් සාමාන්‍යකරනය වෙලා...

ගුරුවරයෙක් විදියට මේ දේ මට අනුමත කරන්න බැරි උනත් ප්‍රතික්ශේප කරන්නත් මට සාධාරන අයිතියක් නෑ..මොකද මටත් මෙහෙම අතීතයක් උරුමය්..

එකම කුඩේ යට එකෙම කෙනත් එක්ක ගෑවී නොගෑවී ..ලෝකාපවාදයට බයෙන් ගමන් කරපු අතීතයක් තීබුනා..

එහෙම ගියපු සමහර කතාවල කුඩේ විතරක් මාරු වෙලා ඇති..එහෙම නැත්තම් ප්‍රේම වන්තයො මාරු වෙලා ඇති..

කව්රු කොහොම මොනවා කිවත් පාසල් ප්‍රේමය හරි සුන්දර අත්දැකීමක්..හැබැය් යම් සීමාවක් තුල විදිය යුතු...

පාසල් ප්‍රේමය ගැන කියවෙන අපූර්වතම ගීය..

දගකාර ඔය දෑස දුටුවා එදා..
දුර ඈත පාසල් වියේ..
නොදැනීම අපගේම සිත් යා වුනා..
දසුනින්ම හසුනක් මවා..

දෙදෙනෙක්ගෙ හිත් මුලින්ම ආකර්ශනය වෙන්නෙ පෙනුමට ..ඒක තමය් ඇත්ත..ආදරේට පෙනුම වැදගත් නෑ කියන එක සීනි බෝල කතන්දරයක් විතරය්..

ඒත් පාසල් කාල සීමාවෙ චායාරූපයක ඔබේ පෙනුම..තෙල් ගාලා පැත්තට පීරපු කොන්ඩෙය්..මැදින් බෙදපු දෙපැත්තට එල්ලෙන කොන්ඩ කැරලි දෙකය් දැක්කම ඔබටම හිනා යය්..

හැබැය් අන්න ඒවෙලාවට හිතෙනවා පෙනුමත් එහා ගිය මොකදෝ බැදීමක් නොතිබුනාම නොවෙය් කියලා..

උදයේ හවා ඔබ හමු වී එදා..
දෙඩුවා බැදීලා සෙනේ..
දෙකොපුල් විලේ හසරැල් පිපී..
සතුටින්ම කල් යා වුනා..

ලියුම් හුවමාරු කරන් ප්‍රේම කරපු අතීතෙක පාසල් යන වෙලාවට බස් රතයක තමය් පෙම් හමු සිද්ද වෙන්නෙ..ගෑවෙන නොගෑවෙන ගානට බොහොම සන්වර විදියට..මුවින් නොදොඩමින් ඇසින් ඉගි මරමින් ප්‍රේම කරන්න සිද්ද උනා පාසල් නිල ඇදුම නිසාම..

එක අතකට සියලු අවසර සහිතව විදින ප්‍රේමයට වඩා ඒ කාලෙ ප්‍රේමය ගොඩක් සුන්දරය් කියලා නොහිතෙනවම නොවෙය්..

සසරෙහි සදා අප බැදෙමුය් පතා
වැඩුනා හදේහි සෙනේ..
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කදුලින්ම වෙන් වී ගියා..

පාසල් ප්‍රේමය විවාහයක් දක්වාම දිවෙන්නෙ බොහොම අතලොස්සය්..ඒ වගේම බහුතරයක් දෙනාගෙ ප්‍රථම ප්‍රේමය වෙන්නෙත් පාසල් ප්‍රේමයම තමය්..

අවසානයට ...

ප්‍රථම ප්‍රේමය කිසිදා අමතක කල නොහැකිය් කියලා කොහෙදෝ සටහනක් තිබ්බා..

ඒ ඔබ කාටවත් නොකීව රහසක් වෙන්නත් පුලුවන්..ඔබටත් රහසිගත ඒක පාර්ෂවික ප්‍රථම ප්‍රේමයක් තිබුනා වෙන්න පුලුවන්.ඒ රහස හැමදාම රහසක් උනාවෙ..


Facebook post
 

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අවුරුදු 16 ආදරේ කරලා මගේ පාසල් ප්‍රේමය නම් මගේම වුනා මචන් අපිදෙන් බෙදලත් ගොඩක්කල්.
    මේ හෙමදේම මමත් ඔය විදියටම වින්ද.මම යාලු වුනෙ 9 වසෙරෙ අන්තිම වාරේ ගොඩක් ප්‍රශ්න එක්ක අද්‍යපනයයි ආදරෙයි දෙකම ගොඩ දාගත්ත කොහොමහරි.
    ඒ කාලේ;) මතක් වෙද්දීත් සතුටුයි ;);)
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අවුරුදු 16 ආදරේ කරලා මගේ පාසල් ප්‍රේමය නම් මගේම වුනා මචන් අපිදෙන් බෙදලත් ගොඩක්කල්.
    මේ හෙමදේම මමත් ඔය විදියටම වින්ද.මම යාලු වුනෙ 9 වසෙරෙ අන්තිම වාරේ ගොඩක් ප්‍රශ්න එක්ක අද්‍යපනයයි ආදරෙයි දෙකම ගොඩ දාගත්ත කොහොමහරි.
    ඒ කාලේ;) මතක් වෙද්දීත් සතුටුයි ;);)

    :love::love:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    50kg දැන් වැඩිය දේශපාලන නුල් වල නැහැ නේද. fake වලින්ද එන්නේ. රනිල් හොද කොල්ල මචන් :lol::lol::P:P
     
    • Like
    Reactions: KDH

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ෆොටෝ එකේ ඉන්න කෙල්ලයි කොල්ලයි, සහෝදරයෝ/කසින්ලා වගේ වෙන්න බැරිද?
     

    Saradiyal Putha

    Active member
  • Jan 29, 2017
    212
    117
    43
    අවුරුදු 16 ආදරේ කරලා මගේ පාසල් ප්‍රේමය නම් මගේම වුනා මචන් අපිදෙන් බෙදලත් ගොඩක්කල්.
    මේ හෙමදේම මමත් ඔය විදියටම වින්ද.මම යාලු වුනෙ 9 වසෙරෙ අන්තිම වාරේ ගොඩක් ප්‍රශ්න එක්ක අද්‍යපනයයි ආදරෙයි දෙකම ගොඩ දාගත්ත කොහොමහරි.
    ඒ කාලේ;) මතක් වෙද්දීත් සතුටුයි ;);)


    :love::love::love::love::love::)
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මගේ අත්අකුරැ ලස්සනයි..කොල්ලෝ ඒ දවස් වල මට කියල තමයි ලියුම් ලියා ගන්නේ..දැන්නම් හොරාට ලියුම් දෙන සීන් එකක් නැ කෙලින්ම ෆෝන් නම් එක..⁣ආසයි ඒ කාලෙට යන්න තිබ්බ නම්