පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳු&#3525

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳු&#3525

    පාසලේදී පහර කා පීඩාවට පත්වන දරුවන්ගේ කඳුළු කතාව


    ගුරුන් සිසුන්ට ශාරීරික දඬුවම් දීම ගැන විද්වත් අදහස්:

    සරසවියෙන් උපාධිය ලද අලුතම වාගේ පත්වීමක් ලද ගුරුතුමා පාසලේ තමාට නියමිත පන්ති කාමරයට ගියේය. එය 12 වසරේ පන්තියකි. ගුරුතුමා සිටියේ තරුණ වියේය. නියමිත පන්තියට ගිය ගුරුතුමාට දකින්නට ලැබුණේ සිත කළඹන දසුනකි.
    යාබද පන්තියේ, එනම් 11 වසරේ සිසුවකු පන්තිය ඉදිරියේ දණ ගසා සිටීමය. විෂය දැනුමෙන් ආඪ්‍යව සිටියද ගුරුතුමා සාමාන්‍ය පාසලක ක‍්‍රියාදාමය පිළිබඳ දැනුමෙන් අඩුය. පන්තිය ඉදිරියේ දණ ගසා සිටි ළමයා හිස බිමට නමාගෙන මුහුණ සඟවාගෙන සිටියේය. එය ඔහු තමාගේ දණ හිසෙන් නැගෙන වේදනාවට වඩා සිතට නැගෙන වේදනාව බලවත් බව කියනා ලකුණකි.

    image_abb46416d1.jpg
    එහෙත් පෙනෙන්නේ, අදාළ පන්තියේ ගුරුතුමාට නම් මේ ගැන වගක්වත් නැති බවය. ළමයා දණ ගසා සිටින්නේ ඔහු කළ යම්කිසි වරදකට විය හැකිය. දණ ගසා සිටීම එයට දුන් දඬුවමය.


    මොකක්දෝ හේතුවක් නිසා මේ ක‍්‍රියාව අපේ අලුත් ගුරුතුමාට ඇල්ලුවේ නැත. ඔහුගේ සිත බෙහෙවින් නරක් විය. ගුරුතුමා සිතුවාක් මෙන්ම දණ ගසා සිටි ළමයා ඉන්පසු පාසලට ආවේ නැත. අද එයි හෙට එයි කියා සිතුවද ඔහු ආවේම නැත. ඔහුට ගුරුතුමා පමණක් නොව පාසලද එපා වී ඇති හැඩය.

    මේ සිද්ධිය ඇවිස්සී ගියේ සති අන්තයේ පැවැති ගුරු රැස්වීමේදීය. අලුත් ගුරුතුමා මේ සිද්ධිය සඳහන් කොට ඉන් සිසුවාට ඇති විය හැකි පීඩාකාරී තත්ත්වය ගැන විස්තර කළේය. ඔහු ඒ දිනවල මනෝ විද්‍යාව ගැන දැන නොසිටියද මනුස්සකම දත් හොඳ පියකු සතු දරුවන්ට ඇති ආදරය ගැන දැන සිටියේය. ගුරු භූමිකාවේ ධනාත්මක පැත්ත ගැන ඔහුට දැනුමක් තිබිණ.

    ගුරුමණ්ඩලය තුෂ්ණිම්භූතව සිටියද විදුල්පතිතුමා මැදහත් ලෙස ගැටලුව දෙස බැලූවේය. රැස්වීමෙන් පසු ගුරුතුමා කැඳවූ විදුහල්පති හැකිකමක් ඇත්නම් එම සිසුවා නැවත පාසල වෙත කැඳවා ගෙන එන්නැයි ඉල්ලීමක් කළේය.
    පුුදුමයකි. අලුත් ගුරුතුමාගේ බස පිළිගත් සිසුවා නැවත පාසලට ආවේය. සිසුවාගේ මාපියන් සිටියේ දණගැස්වූ ගුරුවරයා ගැන දැඩි කලකිරීමකිනි. ඔවුන් කියා සිටියේ අදාළ ගුරුවරයා තම දරුවාගෙන් පළිගන්නා බවකි.


    කලකට ඉහත සිදු වූ මේ සිදුවීම අපට කීවේ වී. පී. චන්ද්‍රසේන මහතා ය. ඔහු ගුරුවරුන්ටත් උගන්වන හැටි උගන්වන ගුරුවරයෙකි. මාතර නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ පීඨාධිපතිව සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන පීඨ කොමසාරිස්ව සේවය කොට දැනට විශ‍්‍රාමිකව සිටින්නෙකි.

    අප එතුමාගේ නිවෙසට ගියේ ගුරුවරුන් ඉවක් බවක් නැතිව තම සිසුන්ට දැඩි ශාරීරික දඬුවම් පැමිණවීමේ ප‍්‍රවණතාවක් මතුවෙමින් ඇති නිසා ඒ පිළිබඳ තතු දැන ගැනීම පිණිස ය.

    “ඉතින් ඊට පස්සෙ මොකද වුණේ?”

    “ඒ ළමයා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට ගියා. අනතුරුව රජයේ බැංකුවක කළමනාකාර තනතුරක් ලැබුවා”
    පාසලක සිටින්නේ ගුරු දෙවිවරු වෙනුවට රකුස් වෙස් ගත්තවුන් නම් එය අවධානයට ලක්විය යුතු බරපතළ කරුණක් බවට සැකයක් නැත. අද පාසල්වල ඇතැම් ගුරුවරුන් හා ගුරුවරියන් තම සිසු සිසුවියන් අමානුෂික ශාරීරික දඬුවම්වලට යටත් කරන බවට මාධ්‍ය වාර්තා කරයි.


    පසුගියදා එවැනි එක් පුවතක් වාර්තා වන්නේ අනුරාධපුරයේ ගම්බිරිගස්වැව පෙදෙසේ විද්‍යාලයකිනි. පහර දීමට ලක් වී ඇත්තේ 7 වසරේ 12 හැවිරිදි දරුවෙකි. තමාට බැණවැදුණේ යයි චෝදනා කරමින් පාසල අවසානයේදී පහර දෙනු ලැබ ඇත්තේ එම පාසලේ ගුරුවරයකු විසිනි.

    “මගේ පුතාට හිසටත් පිටටත් ඔහු පහර දී තිබෙනවා. දරුවා සිහිසන් නැතිව පලුගොල්ලෑව වැව් බැම්ම මත වැටී සිටියදී ඔහුගේ යාළුවන් දෙදෙනෙක් තමයි ගෙදරට ගෙන විත් බාර දුන්නේ. ඉන් පසු ඔහුට දෙපාරක් සිහිනැති වුණා. ඊට පසුවයි අප එයාව අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළු කළේ. දරුවන්ට ඇයි මෙහෙම ගහන්නේ කියන එක අපට හිතා ගන්නවත් බෑ” දරුවාගේ පියා කියා සිටියේ වේදනාවෙනි.

    මේ ආකාරයට ගුරුවරුන් ළමයින්ට කෲර දඬුවම් දීම නිසා අගතියට පත් දරුවාට ඇතිවන පීඩනය කෙබඳු විය හැකිදැයි චන්ද්‍රසේන මහතාගෙන් ඇසුවෙමු.

    ”ඇත්තටම මෙහිදී අපට මතුපිටින් පෙනෙනවාට වඩා තදබල මානසික හා කායික පීඩනයක් අගතියට පත් දරුවා තුළ ඇති වෙනවා. සෑම කායික පීඩනයක් සමගම එයට පසුබිමින් ගොඩනැගෙන මානසික පීඩනය අතිප‍්‍රබලයි.

    ප‍්‍රථමයෙන් ඔහු අධික ලජ්ජාවකට පත් වෙනවා. ගුරුවරයා කෙරෙහි තිබූ අපේක්‍ෂා පළුදු වීමෙන් අපේක්‍ෂාභංගත්වයට පත්වෙනවා.

    පාසලේදී ශාරීරික දඬුවම් ලැබූ දරුවෙකුට වන හානිය විවිධාකාර වන අතර එය බරපතළ ස්වභාවයක්ද ගනී. සිරුරේ ඉන්ද්‍රියයන්ට (ඇස, කන, නාසය, දත්) හානි විය හැකි ය. අනතුරුව ඔහු වෙත එල්ල විය හැකි අනතුරු පිළිබඳ සාධක 5ක් මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.


    image_3d26ae4997.jpg
    මින් සාධක දෙකක් දඬුවමට භාජනය වූ දරුවා කෙරෙහි බලපාන සාධකයි. ඒ ඉච්ඡාභංගත්වය හා කාංසාවයි. ‘ඉච්ඡාභංගත්වය යනු අපේක්ෂිත ආදරය නොලැබී යාමෙන් ඇතිවන චිත්ත පීඩාවයි’. ‘කාංශාව යනු තමා වරදකාරයකු යයි යන හැඟීම හා ඒ සමගම මතුවන ලජ්ජාව හා පරාජිත බව එක්ව නැගෙන සංකීර්ණ චිත්තාවලියකි’.


    මේ චිත්ත පෙරළිය පිටතට නොපෙනෙන නමුත් එය දරුවාගේ සිත තුළට පිවිස සෙමින් වර්ධනය වන්නට පටන් ගෙන අවසානයේ මුළු ආත්මයම විනාශකර දැමීමට වුවද බලවත් වන බව කිව හැකිය. ඔහුට ඉගෙනීම පවා එපා විය හැකි අතර තම මාපියනට හා මිතුරන්ට මුහුණ දීමට ඇති ලජ්ජාවෙන් පීඩාවට පත්වන තත්ත්වයකට පත්විය හැකිය.

    මෙයින් දරුවා තුළ ආසන්න ප‍්‍රතික‍්‍රියා තුනක් ඇතිවිය හැකියි. මුලින්ම ඔහුට ගුරුවරයා කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඔහුව එපා වෙනවා. දෙවනුව අධ්‍යාපනය එපා වෙනවා. අවසානයේ පාසලම එපා වෙනවා. මෙය කොතරම් බරපතළ තත්ත්වයක්දැයි සෑම ගුරුවරයකුම වටහා ගත යුතු කරුණක් බව කිව හැකියි. මා මුලින් සඳහන් කළ දරුවාට සිදු වූයේ ඒ දෙයයි.


    අපගේ සංවාදයට එක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, ආචාර්ය චන්දිමා ගයාත‍්‍රි විජයසුන්දර මහත්මියගෙන් අප ඇසුවේ ගුරුවරුන් මෙලෙස පන්ති කාමරය තුළ රළු ලෙස ක්‍රියා කරමින් සිසුන්ට ශාරීරික දඬුවම් දීමට පෙළඹෙන්නේ කුමක් නිසා ද කියා ය.

    “මෙයට බොහෝ හේතු තියනවා. එකක් ගුරුවරයාගේ බෙලහීන මානසිකත්වය. පන්ති කාමරයට පිවිසෙන ගුරුවරයා ඇතැම් විට මානසික අවපීඩනයකින් යුතුවන්නකු විය හැකිය. එය නිවසේ දී ඇති වූ කිසියම් (ඇතැම් විට බිරිය සමඟ) කලහකාරී තත්ත්වයක් නිසා හෝ පාසලේ දී විදුහල්පති හෝ වෙනත් ගුරුවරයකු සමඟ ඇති වූ උණුසුම් කතාබහක් විය හැකියි. මෙවැනි ගුරුවරයෙක් තම සිතේ ඇතිවූ කෝපය හා පරපීඩනය තමාට මුලින්ම හමුවන සේවාදායකයා වන දරුවා කෙරෙහි මුදාහැරීමට ඇති ඉඩකඩ වැඩියි.


    ඒ වගේම ඔහු ජීවත්වන වාණිජ, බහුභාණ්ඩික සමාජ ක‍්‍රමය විසින් ඔහු තූළ පවතින යහගුණ සිඳ බිඳ දමනු ලැබ තිබීම තවත් කරුණක්. හැම දෙයම මුදල් මත යැපෙන වටිනාකම් මුදලින් මැනෙන යුගය ඔහුගේ ගුරුභූමිකාවේ උතුම් අභිලාෂ විනාශ කරලයි තියෙන්නේ. ගැටලුව දෙස ඔහු සුසමාහිතව නොබලා ආඥාදායක මනසකින් බැලීම තවත් හේතුවක්.

    එමෙන්ම බිඳුණු පවුල්, දුබල මානව අන්තර්පුද්ගල සබඳතා, අධික වැඩ, පරිපාලන ගැටලු වගේ දේවල් වගේම පවුලේ ආරාවුල් වශයෙන් පවතින කලහකාරී පළිගැනීම අවසාන එකම විසඳුම ලෙස සැලකීම වැනි තත්ත්ව මෙයට බලපානවා”

    ගුරුවරුන් මේ අශෝබන චර්යාවෙන් මුදවා ගැනීම සඳහා කවර අන්දමේ පිළිවෙතක් අනුගමනය කළ යුතු දැයි ඔබ සිතනවාද?

    ”ඇත්තටම මේ සඳහා දැනුම්වත් කිරීමේ සැසි පැවැත්විය හැකියි. ඒ සඳහා අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, සම්පත් පුද්ගලයන් ලෙස යොදවා ගත හැකියි.

    ළමයා යනු කවුදැයි ඔහුට ඇති මූලික හිමිකම් ගැන ගුරුවරයා දැනුම්වත් කරන්නට පුළුවන්. ළමයා කියන්නේ මිනිසාගේ කුඩා මොඩල් එකක් සාම්පලයක්් නෙවි. මව්පියන් ළඟ සිටියත් පාසලක ගුරුන් භාරයේ සිටියත් ළමයා නීතිය සළකන්නේ තනි පුද්ගල ඒකකයක් ලෙසයි. 1989දී එක්සත් ජාතින්ගේ ළමා ප‍්‍රඥප්තිය අනුව දරුවන් කායික හා මානසික පීඩාවලට පත්කිරීම නොකළ යුතු බව නිර්දේශ කර ඇත. බොහෝ රටවල මෙය අනුදක්නා අතර ලංකාවේ ළමා රක්ෂණ පනත් අනුව දරුවන්ට ශාරීරික දඬුවම් දීම නීතියෙන්ද දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම දණගැස්සවීම, පොත් හිස මත තබා අව්වේ සිටවීම, බංකු මත නැංවීම, ප‍්‍රසිද්ධියේ අවමන් කිරීම හා වේවැලින් තැලීම අනුමත කළ හැකි දඬුවම් නොවෙයි.

    තුවාල සිදුවන ලෙස ශාරීරිකව පහර දීම දණ්ඩ නීති සංග‍්‍රහයේ 314 හා 317 වගන්ති අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව සෑම ගුරුභවතකුම දැන සිටීම ඉන් තමාට එල්ල වන අපකීර්තීය හා තර්ජනයෙන් වැළකිය හැකි කරුණක් විය හැකි බව කිව හැකියි”

    පාසලක වැදගත්ම සාධකය දරුවා ය. විශේෂයෙන් නොදත් දරුවා ය. හරියට රෝහලකට රෝගීන් අවශ්‍ය ලෙසිනි. ඒ නිසා දරුවා රැක ගැනීම ඔහුට ආදරය කිරීම පාසලේ යුතුකම බව කිව යුතු නැත.



    ජාතික අධ්‍යාපන ආයතනයේ
    අධ්‍යපන ඩිප්ලෝමා පාඨමාලාවේ
    හිටපු කථිකාචාර්ය
    ලීලානන්ද වික‍්‍රමසිංහ
     
    • Like
    Reactions: CONCORDE777

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    ඒ වගේම මුරන්ඩු දරුවන් හික්මවන්නේ කෙසේද යන්න දැනුවත් කිරීම වැදගත්ය . බොහෝ විට දරුවන් නොව කොලු තත්තලා , ගන්ජා කුඩු ගසන්නන් පාසල් වල දැකිය හැක .
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒ වගේම මුරන්ඩු දරුවන් හික්මවන්නේ කෙසේද යන්න දැනුවත් කිරීම වැදගත්ය . බොහෝ විට දරුවන් නොව කොලු තත්තලා , ගන්ජා කුඩු ගසන්නන් පාසල් වල දැකිය හැක .
    හොදින් කියලා දියණ මචන්. ගහන්න එපාලු. ගන්ජා ගහන ළමයි ලගට ගිහින් ආතල් නොකඩා හොදින් කියලා දෙන්න පුතාල ගංජා ගැහුවම එන පන් එක ටෙම්පරරි කියලා.
     
    හොදින් කියලා දියණ මචන්. ගහන්න එපාලු. ගන්ජා ගහන ළමයි ලගට ගිහින් ආතල් නොකඩා හොදින් කියලා දෙන්න පුතාල ගංජා ගැහුවම එන පන් එක ටෙම්පරරි කියලා.

    eka aththa ban gahuwoth hadanawa boru :yes: