උඹත් උඩ මම quote කරලා තියෙන එකාගේ ඉස්කෝලෙම ද කොහෙද... දැන් Vice Principal ජීවතුන් අතර නෑ නේද?අම්බෝ යකෝ කියනවා නම් කියන්න දේවල් බර ගාණක් තියෙනවා![]()
අපි ඒ ලෙවල් කරන මුල් කාලේ වගේ IT Day එක තිබ්බා. අපි තමා ඉතින් පුරෝගාමියෝ. වැඩ ගොඩ, කොහොම හරි අපිට ඒකේ වැඩ වලට වෙනම ලැබ් එකක් දීලා තිබ්බා ඒ දවසට විතරක්. ඕක ඇතුලේ අපේ එවුන් සෙට් එකක් කාඩ් ගහනවා දැන්. මායි තව 4 5 දෙනෙක් එලියේ හිටියා රිමෝට් කාර් එකක් PC එකකින් Control කරන සිස්ටම් එකක් ටෙස්ට් කර කර. එක පාරටම ඉස්කෝලේ වයිස් පිනා මතු වුනා. පොර පට්ටම වස චරිතයක්, එකෙක්ට වත් පේන්න බෑ වැරද්දක් හොයලා හරි ගහන ටයිප්. අපේ එවුන් බූලා කියලා කිව්වේ. මූ එනවා දැක්ක ගමන් මගෙත් එක්ක හිටි තව එකෙකුයි මායි සෙනික ඇතුලට ආව ලැබ් එකේ අරුන් සෙට් එකට කාඩ් ටික හංඟගනින් කියන්න. මේකා සෙනික ගිහින් කිව්වා "අඩෝ බූලා එනවා බූලා එනවා කියලා" ....








