අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ...
"ආ.. හා.... ඔයා අඬන්න එපා පැටියෝ,ඔයා නෙවෙයි ගෑනි මෙයා තමයි ගෑනි" කිය කියා අරුව නලවන්න ගත්තා. මිස් දැනගත්තා මට මුකුත් කිව්වනම් අරූට එහා වෙනවා කියලා, 'ඇයි උට්ට උට විතරද අඬන්න පුළුවන්'.



අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ...
"ආ.. හා.... ඔයා අඬන්න එපා පැටියෝ,ඔයා නෙවෙයි ගෑනි මෙයා තමයි ගෑනි" කිය කියා අරුව නලවන්න ගත්තා. මිස් දැනගත්තා මට මුකුත් කිව්වනම් අරූට එහා වෙනවා කියලා, 'ඇයි උට්ට උට විතරද අඬන්න පුළුවන්'.



Trigger wela![]()
10 වසරෙදි අපේ පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු කුජීතම පන්තිය. කොටින්ම සමහර මිස්ල "මට ඒ පන්තියට යන්න බෑ" කියල ආවෙත් නෑ. ඒ නිසා පිනා 11 වසරේදි අපිව බාර දුන්නෙ ඉස්කෝලේ හිටපු සැරම සර් කෙනෙක්ට. ...
හහා සේම් හියර්....හරියටම 2003 ජනවාරි 23.....දවස හොදටම මතකයි....අපි නන් ලොකු අවුලක් ගියේ නෑ ගෙදර ඉදම්මනේ ගියේ...පලවෙනි සති 2 වගේ නන් අවුරුද්දක් ගියා වගේ....පට්ට සීතලක් ජනවාරියෙ අනික...වෑන් එහෙක ගියේ....අපේ සෙක්සන් හෙඩා නන් දේසනයක් දුන්නා අපිව වෙන් කරලා ගියපු වෙලේ.........''ඔව් මේ ශිශ්යත්වධාරීන් දැනගන්ඩ ඕන අද ඉදන්.........''
මන් බැලුව මේ මොනුන්ද යකෝ, ශිෂ්‍යත්වධාරීන්....ආආ....
පළවෙනි දවස ඔහොම ශේප් එකේ ගියා ඉතින්....හම්මේ ඒ කාලේ....
92ද ඉපදුනේ..
දැන් මේ කෙල්ලෝ 3න් මැද ඉන්න කෙල්ල එක්ක චිට් යවනවා එක එක විකාර (දන්නේ නැද්ද ඉතින්
) ඔහොම ඉන්නකොට අපිට බුද්ධාගම උගන්නන හාමුදුරුවෝ ගොඩක් සැරයි.
දැන් හාමුදුරුවෝ පන්තියේ උගන්නවා , මං මේ අතරේ කෙල්ලගෙ අත යටින් ඒකි එක්ක චිට් ලියනවා.එක චිට් එකක් ලියලා මාත් ගොනා වගේ කෙල්ලගේ අතට කිට්ටු කළා(චිට් එකෙන් අතට ඇනලා signal දෙන්නේ ගන්නෙයි කියලා
) කරුමෙට චිට් එකේ කොනක් උල් වෙලා අර කෙල්ලට ටච් එක දුන්න පාර ඒ කෙල්ල උඩ ගිහින් විසික් උනා කියහන්කෝ. හාමුදුරුවෝ එක පාරට ම "මොකද ඔය ළමයා" කියලා මගෙන් ඇහුවා හදවතේ RPM ගියා රතු කට්ටෙත් පනිනකම්
පස්සේ කෙල්ලම ශේප් කළා මගේ අච්චු පොතේ කොනක් වැදිලා කියලා, හම්මෝ එදා නම් 
අරූව තමා මාට්ටු
මිස් හොද හින්දා බැන්නේ නෑ ඉතින්














අලුත් ඉස්කෝලෙකට බාර දුන්න දවසේ උදේ රැස්වීම ඉවර වෙනකොටම වැරැද්දකට සෙක්ෂන් හෙඩ්ගේ ඔෆිස් එකට ගෙනිච්ච එකෙක් දන්නවද? මේ ඉන්නේ එහෙම එකෙක් තමයි.
.......................................................















ටඋකන්ඩ මුලු පංතියෙම උන් මගෙ පැත්ත හැරුනා කියපන්කෝ .ඒමදිවට මට එහායින් හිටපු එකත් මගෙ දිහා බැලුවා කරුමෙටම. ඔච්චර වෙලා නෝමල් එකේ හිටපු මට එක පාරටම දාඩිය දාලා අමුතු වෙන්න ගත්තා. .[/B]

O/L කාලේ IT උගන්නන මිස් කෙනෙක් හිටියා පට්ට ලස්සනයි. හැබැයි පට්ටම නපුරුයි වසයි. කෙල්ල වගේ ලස්සනට හිටියට කිසිම ආසාවක් හිතෙන්නෙ නෑ ඒකිගෙ වස පාටයි නපුරු වැඩයි නිසා.
දවසක් අපි පිටිපස්සෙම සෙට් එක හිස් පීරියඩ් එකක් තිබ්බා රස්තියාදු පාරක් දැම්මා. ඊලගට තියෙන්නේ IT පීරියඩ් එක.
බෙල් එක ගැහුවම අපි හිටපු තැන් වලින් ආයේ පංතියට එන්න ගත්තා. අපි පංතියට ආවම මේකි වේලපහින්ම ඇවිත්
උගන්නන්න පටන් අරගෙන.
අපි සෙට් එකත් ඉතින් වැඩි අවුලක් නෑනේ බෙල් එක දැන්නෙ ගැහුවෙ කියලා හිතාගෙන පංතිය ඇතුලට ආවා.
හම්මට මේකි එකපාරටම ආච්චි වැහිලා වගේ "ආ උබලා ආවද, උබලා එනකල් තමයි මං බලන් හිටියේ" කියලා කිව්වා. අපේ එකෙක් මේකිගෙ ඇක්ෂන් දැකලා හිනා උනා. තවත් මල පැන්නා.
කට්ටියටම පෝළිමේ ඉන්න කිව්වා පංතිය ඉස්සරහා.
හිනා උන එකාට කනට එකක් දුන්නා චටාස් ගාලා. අපිට පිට පැත්ත හරෝලා යකින්නියක් වගේ අතින් ගහගෙන ගහගෙන ගියා. ගෙදර ඇවිත් ෂර්ට් එක ගලෝලා බලනකොට ඒකිගෙ නියපොතු පාරවලුත් හිටලා..
තව එකක්..
මම 8 වසරෙදි අලුත් ඉස්කෝලෙකට බාර දුන්නා. එචා සදුදා දවසක්. රැස්වීම ඉවරවෙලා පංතිවලට ආවා. මට දැන් නිකං හොල්මං වගේ. ඇයි එකෙක්වත් අදුරන්නෙත් නෑ කම්මැලි කමෙත් බෑ..
උදේ පාන්දර දැන් පංතියේ ඉන්නවා අනිත් උන් පිස්සු කෙල කෙල. අනික හිස් පීරියඩ් එකක් ඒකත්..
ඔය කාලේ තමයිනේ ඉතින් එක එකා කුනුහරප වචන ඉගෙන ගන්න කාලේ...
මම දැන් පාඩුවේ පංතියේ ඉදගෙන ඉන්නවා තව එකෙකුත් මගෙ එහා පැත්තෙ ඉන්නවා. අපි දෙන්නා ඇර අනිත් උන් ඔක්කොම පංතියෙ හැම තැනම පිස්සු කෙලිනවා අලුත් කුනුහරප වචන කිය කිය කෑ ගහනවා.
සමහරැන්ට ඔය වචන අලුත් නිසා තේරුම් දන්නේ නෑ ඔහේ හයියෙන් කෑ ගහලා හිනා වෙනවා.
ඔය අස්සෙ පන්තිය ඉස්සරහින් වයිස් පිනා ගියා. මම නම් දැක්කා. ටික දෙනෙකුත් දැක්කා පිනාව.ඒත් එකෙක් දැක්කේ නෑ.
පිනා පංතිය ඉස්සරහින් යනවත් එක්කම ඌ හු#තෝ කියලා කෑ ගැහුවා. පිනා දැක්කෙ නෑ කව්ද කෑ ගැහුවේ කියලා. ඇස්ගෙඩි දෙකත් ලොකු කරන් පිනා ආවා පංතිය ඇතුලට කඩාගෙව. මුලු ඉස්කෝලෙටම ඇහෙන්න කෑ ගහලා ඇහුවා කවුද ඒක කිව්වේ කියලා.
ටඋකන්ඩ මුලු පංතියෙම උන් මගෙ පැත්ත හැරුනා කියපන්කෝ .ඒමදිවට මට එහායින් හිටපු එකත් මගෙ දිහා බැලුවා කරුමෙටම. ඔච්චර වෙලා නෝමල් එකේ හිටපු මට එක පාරටම දාඩිය දාලා අමුතු වෙන්න ගත්තා. දැන් මට තේරෙනවා මට බඩු පැකට් එකක්ම හම්බවෙන්නයි යන්නෙ කියලා.
පිනා ලගටම ඇවිත් කිව්වා "නැගටපිය" කියලා. මට ඒ වෙලාවේ නැගිට ගන්නත් පන නෑ වගේ. අමාරුවෙන් ඩෙස් එක අල්ලන් නැගිට්ටා.
පිනා මුකුත් ඇහුවෙ නෑ උබ මටද කිව්වේ/ ඇයි කෑ ගැහුවේ/ උබද කිව්වේ කියලා.
දුන්නා කනේ පාරක් කැරකිලා විසිවෙලා ගිහින් මට එහාහින් හිටපු එකාගෙ ඇග උඩට වැටුනා. කන අල්ලගෙනම මම ආයේ කෙලින් උනා. පිනා ආයේ පාරක් දෙන්න හදලා ඌ දැනගත්තා මම එකෙන් ඩවුන් තව එකක් දුන්නොත් මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙනවා කියලා.
ඊට පස්සෙ පලු යන්න බැන්නා. හැබැයි සීන් එක කියන්නේ ඌ දන්නේ නෑ මම අද තමයි ඉස්කෝලෙට ආවේ මම අලුත් කියලා. මම ඔව්වා මොකුත් කියන්න ගියේ නෑ. මොකද මට කතා කරන්න පනත් නෑ කතා කරන්න ගියොත් තව ෂොට් එකක් ෂුවර් නිසා කට වහන් හිටියා.
අන්තිමට පිනා පලු යන්න බැනලා හෙට අම්මවයි තාත්තවයි එක්කගෙන වරෙන් අනිවාර්යෙන් කියලා යන්න ගියා.
අමතක වෙන්නෙම නැති එකක් තමයි ඕක.

same hereඔව් බං 92, මාත් ගෙදර ඉඳන්මයි ගියේ, අපේ ස්කූල් බස් එක ආතල් ඉස්කොලෙටත් වඩා,පැයක්ම බස් එකේ ඉන්නවනේ. කුණුහරප කතා, වතුර ගැහිලි, චුට්ට ඇත්තන් ට්‍රිගර් වෙන කෙල්ලෝ, අපිට කුණුහරප කතා කියල දෙන අක්කලා, වලි, බුතයා ගැහිලි ඔක්කොම එක්ක පට්ට ආතල් එකක් ගත්තේ බං.



Girls school එක අරෙනකන් ද van එක ඉන්නේ? මම හිතන්නේ මම ඉස්කෝලෙත් දන්නවා.ඔව් පට්ට ආතල් කාලයක් ඒක...ගමේ ඉස්කෝලෙ දාල යන එක තමා ඒ කාලේ අමාරුම වැඩේ උනේ...අපේ වෑන් එකේ අන්කල්කාරය වෑන් එක නවත්තන පොට් එකක් තිබ්බා...කුණු ඇලක් ගාව....අපිත් ඉතින් කලින් ඇරිච්ච දවස් වලට ඔතෙන්ට යනව ඇවිදගෙන.......
කුණු ඇලට අපි කියන්නෙ බූ ඇල කියල...පොර වෑන් එක නවත්තගෙන ඉන්න හන්දා, අන්කකාරයගෙ බූ ඇල ඔෆිස් එක කියල කීවේ..12 විතර ඇරුනම ඔතෙන්ට ගිහින් පැය 2ක් විතර ඉන්නවා....පිස්සෝ වගේ,ගස් වල ගෙඩි කඩ කඩා....නිවාඩු දෙන දවස් වලට මෑන් හැමදාම පාටියක් දෙනව ළමයින්ට...ඒකත් පට්ටම ආතල්...යුද්දෙ අන්තිම කාලෙ වගේ, අපේ ඉස්කොලේ බෝම්බයක් තියෙනවා කියල කෝල් එකක් ආවා...ඔක්කොම එලියට දැම්ම පන්ති වලින්...බෝම්බ් ඩිස්පෝසල් එකෙන් ඇවිල්ලා සීන් එක ක්ලියර් කරනකන් ඔක්කොම එලියේ...දැන් නන් එහෙම බයක් නෑ පොඩි එවුන්ට....