පාසලේ දෙ වැනි මාසයේ දී ගුරුතුමා අපට කෙටි ප්‍රශ්න මාලාවක් දිනි. හොඳින් වැඩ කරන සිසුවකු වූ මම අන්තිම ප්‍රශ්නයට එළැඹෙන තුරු ප්‍රශ්න මාලාවට සාර්ථක වැ පිළිතුරු දී-ගෙන ගියෙමි. අන්තිම ප්‍රශ්නය මෙ සේ විය - ''පාසල පිරිසිදු කරන කාන්තාව ගේ මුල් නම කුමක් ද ?"සත්තකින් මැ, මෙය නම් විහිළුවක් විය යුතු යැ. පිරිසිදු කරන කාන්තාව මම කිහිප විටක් මැ දැකැ ඇත්තෙමි. ඈ උස යැ, කළු කෙසින් යුතු යැ, වයසින් 50 ගණන්වල යැ. එහෙත්, මා ඇගේ නම දන්නේ කෙසේ ද ? කෙසේ හෝ මා පිළිතුරු පත්‍රය භාර දුන්නේ අවසන් ප්‍රශ්නයට පිළිතුරක් නොමැති ව යි.
පන්තිය නිම වෙන්න ඔන්න මෙන්න කියා තිබිය දී, අවසන් ප්‍රශ්නය අපේ ලකුණුවලට බලපානු ඇති දැයි එක් සිසුවෙක් ප්‍රශ්න කෙළේ යැ. ''සත්තකින්ම !" යි ගුරුතුමා පිළිතුරු දිනි. ''ඔයාලගෙ වෘත්තීය ජීවිතේදි හුඟාක් මිනිස්සු මුණගැහේ වි. ඒ හැම කෙනෙක් ම වැදගත්. එයාලට ඔයාලගෙ අවධානය වගේ සැලකිල්ලත් වුවමනා යි. හිනා වෙලා 'හලෝ' කිව්වත් ඇති.
මට ඒ පාඩම කිසි දා අමතක නො විණි. එ සේ මැ, ඇය ගේ නම ඩොරති බව ද දැනැ-ගතිමි.
-උපුටා ගැනීමකි -
