පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජානාධිපති කොමිසම හමුවට සාක්ෂිදීමට පැමිණි "සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ" සභාපති රිස්වි මුෆ්ති මහතා කොමිසම් සභා අභ්‍යන්තරයට ඇතුළුවන අවස්ථාවේ සැකකටයුතු පාර්සල් කිහිපයක් රැගෙන ඒම ඊයේ (10) මතභේදයට තුඩුදුනි.
අප වාර්තාකරු සඳහන් කළේ, එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බවය.
කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදි ද එම සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබාදුන් සාක්ෂිය ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කරමින් සිටියදි හඳුනාගැණුනි.
මුෆ්ති මහතා සාක්ෂි ලබා දීම සඳහා කොමිසම් සභාවට ඇතුළුවන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද පාර්සල් කිහිපයක් පාස්කු කොමිසමට රැගෙන යනු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදින් නිරීක්ෂණය කර තිබේ.
මේ පිළිබද අප වාර්තාකරු කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරින්ගෙන් සිදුකළ විමසීමකදි කියා ඇත්තේ "අදාළ පාර්සල් පරීක්ෂාකට ලක්කර අතර, එහිදි එම පාර්සල් තුළ වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වු අතර කුමකටද රැගෙන යන්නේ යැයි විමසු විට කොමිසම් සභාවේ නිලධාරින්ට දීමට රැගෙන යන බව," සඳහන් කළ බවය.
පොලිස් නිලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ, වෙනත් දිනවලදී ද කොමිසම් සභා අභ්‍යන්තරයට එහි රැඳීසිටින රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙනයන බැවින් මෙම පාර්සල් රැගෙනයාමට විරුද්ධ නොවු බවත් කොමිසමේ සේවයේ නියුතු සේවකයෙකු ද පැමිණ එම පාර්සල් කොමිෂන් සභා අභ්‍යන්තරයට ගෙනයාමට සහය වූ බවත්ය.
කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු අදාළ පාර්සල් ඇතුළත් මලු කොමිෂන් සභා අභ්‍යන්තරයෙන් පිටතට ගෙනවිත් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරය මාධ්‍යවේදින්ට නිරීක්ෂණය විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.
කෙසේ වෙතත් මිනිස් ජීවිත 265 කට වැඩි ගණනක් බිළිගත් ඉස්ලාම් ත්‍රස්තවාදින් සිදුකළ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව නෛතික විමර්ශනයක් සිදුකරන ජනාධිපති කොමිසමට ඉස්ලාම් වියතුන්ගේ සංවිධානයේ සභාපතිවරයා මෙලෙස වටලප්පන් රැගෙන ඒම ප්‍රශ්න සහගත වන්නක් බව මාධ්‍යවේදීන් කීය.
මෙම සංවිධානයේ ම වැඩබලන ලේකම්වරයෙකු මීට පෙර අවස්ථාවකදී ද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂිය කොමිෂන් සභාව තුළ රහසිගතව පටිගත කරමින් සිටිය දී හමුවු අතර අදාළ සැකකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හරහා නීතිමය පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා නියෝග කළේය.

