පාස්කු කොමිසමට ගෙන ආ වටලප්පන් පාර්සලය

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    1607663871-Pasku_Ulama_L.jpg



    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජානාධිපති කොමිසම හමුවට සාක්ෂිදීමට පැමිණි "සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ" සභාපති රිස්වි මුෆ්ති මහතා කොමිසම් සභා අභ්‍යන්තරයට ඇතුළුවන අවස්ථාවේ සැකකටයුතු පාර්සල් කිහිපයක් රැගෙන ඒම ඊයේ (10) මතභේදයට තුඩුදුනි.

    අප වාර්තාකරු සඳහන් කළේ, එම පාර්සල්වල තිබී ඇත්තේ වටලප්පන් බවය.

    කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකදි ද එම සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකු පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලබාදුන් සාක්ෂිය ජංගම දුරකථනයකින් රහසිගතව පටිගත කරමින් සිටියදි හඳුනාගැණුනි.

    මුෆ්ති මහතා සාක්ෂි ලබා දීම සඳහා කොමිසම් සභාවට ඇතුළුවන අවස්ථාවේ බාහිරින් ආවරණය කරන ලද පාර්සල් කිහිපයක් පාස්කු කොමිසමට රැගෙන යනු එම ස්ථානයේ සිටි මාධ්‍යවේදින් නිරීක්ෂණය කර තිබේ.

    මේ පිළිබද අප වාර්තාකරු කොමිසම් සභාව ඉදිරිපිට සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරින්ගෙන් සිදුකළ විමසීමකදි කියා ඇත්තේ "අදාළ පාර්සල් පරීක්ෂාකට ලක්කර අතර, එහිදි එම පාර්සල් තුළ වටලප්පන් තිබෙන බව නිරීක්ෂණය වු අතර කුමකටද රැගෙන යන්නේ යැයි විමසු විට කොමිසම් සභාවේ නිලධාරින්ට දීමට රැගෙන යන බව," සඳහන් කළ බවය.

    පොලිස් නිලධාරින් වැඩිදුරටත් සඳහන් කළේ, වෙනත් දිනවලදී ද කොමිසම් සභා අභ්‍යන්තරයට එහි රැඳීසිටින රජයේ නීතිඥ මණ්ඩලය ආහාර රැගෙනයන බැවින් මෙම පාර්සල් රැගෙනයාමට විරුද්ධ නොවු බවත් කොමිසමේ සේවයේ නියුතු සේවකයෙකු ද පැමිණ එම පාර්සල් කොමිෂන් සභා අභ්‍යන්තරයට ගෙනයාමට සහය වූ බවත්ය.

    කෙසේ වෙතත් ඉන් මොහොතකට පසු අදාළ පාර්සල් ඇතුළත් මලු කොමිෂන් සභා අභ්‍යන්තරයෙන් පිටතට ගෙනවිත් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා පැමිණි මෝටර් රථයට යළි දමාගන්නා ආකාරය මාධ්‍යවේදින්ට නිරීක්ෂණය විය.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම් සභාව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.

    කෙසේ වෙතත් මිනිස් ජීවිත 265 කට වැඩි ගණනක් බිළිගත් ඉස්ලාම් ත්‍රස්තවාදින් සිදුකළ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව නෛතික විමර්ශනයක් සිදුකරන ජනාධිපති කොමිසමට ඉස්ලාම් වියතුන්ගේ සංවිධානයේ සභාපතිවරයා මෙලෙස වටලප්පන් රැගෙන ඒම ප්‍රශ්න සහගත වන්නක් බව මාධ්‍යවේදීන් කීය.

    මෙම සංවිධානයේ ම වැඩබලන ලේකම්වරයෙකු මීට පෙර අවස්ථාවකදී ද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සාක්ෂිය කොමිෂන් සභාව තුළ රහසිගතව පටිගත කරමින් සිටිය දී හමුවු අතර අදාළ සැකකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හරහා නීතිමය පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා නියෝග කළේය.
     
    • Like
    Reactions: kinkon

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එහෙන් අධිකරණෙ තම්බියෙක් දාගෙන ඒක නටෝනවා, මෙහෙන් වලලන්න දුන්නා ගාගෙන ස්තුති කරලා ලියුන් ගහනවා, දැන් බේරුවට වටලප්පන් අරන් යනවා. පඹයෙක් ජනපති වෙලා පොන්නයෙක් අගමැති උනාම මෙහෙම වෙනවා :yes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඉන්දියාවෙන් පරිප්පු දැම්මා වගේ මේකත් කිංඩියට කරපු වැඩක්ද මංදා..😁
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හාමුදුරුවන්ට වටලප්පන් කවලා ස්වර්ගයට යවන්නද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    පාස්කු කොමිසමෙන් කරනෙනෙ ප්‍රහාරේ තනුක කරන එක.විත්තිකාරයා ගේන කෑම කකා නඩු අහලා රටට විහිලුවක් වෙනවා කොමිසම... ඕක අස්සේ සල්ලි තියෙන්නත් පුලුවන්නේ උපකල්පනයක් විදිහට ගත්තොත්
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හාමුදුරුවන්ට වටලප්පන් කවලා ස්වර්ගයට යවන්නද?

    ඇමති කොරෝනා පැණිය බොන්න එපා කියනවා

    https://elakiri.com/threads/❌කොරෝනා-බෙහෙත-බොන්න-එපා.1966101/

    දැන් අපි පිළිගන්න ඕන දේශීය වෙදකම ප්‍රවර්ධන ඇමති සිසිර ජයකොඩි තුමා කියන එක ද ?

    කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියන එක ද ?

    ඇවිල්ලා රචනාවක් ලියලා මේක අපිට පැහැදිලි කොරලා දීපන්කො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නියම විදියට නීතිය ක්‍රියාත්මක වෙන රටකනම් ඒකත් අල්ලසක් විදියටයි පිලිගැනෙන්නෙ
    නානා බබා...ඒවා දන්නේ නෑ