පාස්කු බෝම්බයට සම්බන්ධ උනුත් නිදහස්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113

    පාස්කු ඉරිදා මරාගෙන මැරුණ කෝටිපතියාගේ කම්හලේ දහදෙනාම නිදහස් – ලංකාදීප​


    පාස්කු ඉරිදා මරාගෙන මැරුණ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ(19) නියෝග කළාය.

    මෙම සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් නීති මඟින් කටයුතු නොකරන බවට නීතිපතිවරයා ලබා දී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කළාය.

    ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම මත සැකකරුවන් 10 දෙන නිදහස් කල අධිකරණය සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.
    ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ
    පුත්තලමේ පදිංචි සෙයියදු අලි මොහොමඩ් අෆීල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොමදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙල්ලම්බොඩ පදිංචි මොහොමඩ් සාලිහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්නින්, වෙල්ලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රේෂන් ගොවින්දසාලි, මුරුතලගහමුල්ල පදිංචි හනීෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා යන අයවලුන්ය.
    මෙහි නවවැනි සහ දසවැනි සැකකරුවන් දෙනෙනා වන හනීෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා යන අය මේවනවිටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදාහරින ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

    මෙහි මුල් සැකකරුවන් නව දෙනාට එරෙහිව ඇප ප්‍රතිකෙෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලිසිය B වාර්තාව මඟින් අධිකරණය වෙත ඉදිරිපත්කර නොමැතිවීම හේතුවෙන් අධිකරණය ඔවුන්ට ඇප නියම කළේ ඉකුත් 2019 වර්ෂයේ මැයි මස 06වනදාය ඒ එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය පසුව එයින් එක් සැකකරුවෙක් නැවත රක්ෂිත භාරයට පත්කරනු ලැබීය.
    ඒ අනුව සැකකරුවෝ දෙදෙනෙක් ඊයේ (19) වන විටත් රක්ෂිත භාරයේ පසු වූහ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මරුණ බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 116/6A, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය. ප්‍රදේශයේ පිහිටි (කොලෝසස්) නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවකයින් සිය දෙනෙකු පමණ සේවය කර ඇති බවත් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් පසු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කළ වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත්කර තිබුණි.

    මෙම සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වූ දින සහ ඊට පසුදින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත් සැකකරුවන් සිම්කාඩ් පත් දෙකකට වැඩි ගණනක් භාවිතා කර ඇති බවත් සඳහන් කරමින් වැල්ලම්පිටිය පොලිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

    ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවීමට අවශ්‍ය බවද පොලිය අධිකරණයට කරුණු සනදහන් කළේය.පසුව මෙම සිද්ධිය ත්‍රස්තමර්ධන ග විමර්ශන මධ්‍යස්ථානය වෙත මාරු කෙරුණ අතර සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම්දී තිබුනේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 04 වැනිදාය.

    කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටල් 03ක් ඇතුළු ස්ථාන 08ක 2019 වසරේ අප්‍රේල් මස සිදු වූ බෝම්බ පිපිරීම් සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දස දෙන ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 22වැනිදා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් අතර වැල්ලම්පිටිය පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේය.
    උපුටා ගැනීම – ලංකාදීප (2021-01-21)


    qQV1IJP.jpg
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩයිහාර්ඩ් බයියො නැතුව මේ අාණ්ඩුවට ජන්දෙ දීපු ගොඩක් අය දැන් දන්නව පාස්කු ප්‍රහාරය කාගෙ ප්ලෑන් ඵකක්ද කියල..ජන්දෙට මාස ගාණක් තියෙද්දි පිපිරුවා..මළ කඳන් උඩින් බලය ගත්තා..කවදහරි අැත්ත ඵළිවෙයි..ඵදාට මුංට රට දාල අැමරිකාවට තමා පනින්න වෙන්නෙ..බොරුව තාවකාලිකයි..
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුදු බන සත්ය නම්
    බුදුන් ශ්‍රී පතුල ලන්කාදීපයෙහි තැබුවේ නම්
    එම අනුහසින් දැහැමි පාලකයන් දැහැමි මිනිසුන් මෙම බිමෙහි පහල වේවා....

    wena monaa kiyannada ban :(
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අහිංසකයෝ මරලා විකුණන් කාපු කඩේ ගියපු හැම එකාගෙම පවුල පිටිම්ම විනාස වෙලා පලයල්ලා. අහිංසක අම්මලට දරුවෝ නැති කරපු දරුවන්ට දෙමවුපියෝ නැති කරපු ඒ වේදනාව ඕකුන් හැමෝටම සාපයක් වේවා !!! සාප වේවා !!! සාප වේවා !!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,268
    25,010
    113
    tracing Geo-location.. ... ...
    ස' දැනගත්තොත් හොඳටම බනී නේද? ස' එක්ක ඕවට ඉඩ නෑ.

    හොඳම සීන් එක ස' ගේ රෙදි හෝදන සෙට් එක යන්තම් එක situation එකක් clean කරගෙන එද්දී ආපහු මොකක්හරි රෙදි ගැලවෙන වැඩක් වෙනවා.. උන්ට නම් නිවනක් නෑ රචනා ලියලා.. දැන් ඉතින් මේකටත් ලියපන්කො කොනක ඉදන්..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අහිංසකයෝ මරලා විකුණන් කාපු කඩේ ගියපු හැම එකාගෙම පවුල පිටිම්ම විනාස වෙලා පලයල්ලා. අහිංසක අම්මලට දරුවෝ නැති කරපු දරුවන්ට දෙමවුපියෝ නැති කරපු ඒ වේදනාව ඕකුන් හැමෝටම සාපයක් වේවා !!! සාප වේවා !!! සාප වේවා !!!
    :yes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අධිකරණය ස'වාදිනයි!

    - සනත් විජේවර්ධන

    අහිංසකයෝ මරලා විකුණන් කාපු කඩේ ගියපු හැම එකාගෙම පවුල පිටිම්ම විනාස වෙලා පලයල්ලා. අහිංසක අම්මලට දරුවෝ නැති කරපු දරුවන්ට දෙමවුපියෝ නැති කරපු ඒ වේදනාව ඕකුන් හැමෝටම සාපයක් වේවා !!! සාප වේවා !!! සාප වේවා !!!
    අනිවාර්යයෙන් මචන්ලා.. අහින්සක දරුවො ගිණි තියපු හෑම එකාටම, ඒකට සම්බන්ධ වුන හෑම එකාටම, උන්ව බේරන හෑම එකාගෙම පවුල පිටිම්ම විනාස වෙලා පලයල්ලා. අහිංසක අම්මලට දරුවෝ නැති කරපු දරුවන්ට දෙමවුපියෝ නැති කරපු ඒ වේදනාව ඕකුන් හැමෝටම සාපයක් වේවා !!! සාප වේවා !!! සාප වේවා !!!
     

    Similar threads