පාස්කු වින්දිතයන්ට වන්දි

AEG

Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113


    පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමට නියෝග කර ඇත. කොච්චර ගෙව්වත් නැති උන ජීවිත ආපහු ගන්න පුලුවන්ද ? මුන් කාලකන්නි ටික සේරම එක පාර පරද්දන්න ඕන.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සාදු සාදු සාදු.

    හෙලිකොප්ටරේ රාජපක්ෂලාට වික්ක නම් ඔය මුදල ගෙවන්න පුළුවන්.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගෙවුවේ නැත්තන් සිරාව හිරේ දායිද ?

    සිරා ආණ්ඩුවට ප්ලග් එක ගහල අපේ සල්ලි වලින් ගෙවයි ද දන්නේ නෑ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

    ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10 ද සිය පුද්ගලික මුදල් වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම කලා.

    ඊට අමතරව රජයේ විසින් මිලියනයක් වන්දි වශයෙන් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.

    අදාල ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12 ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙනිය ,මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්. එම්. ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
    බෝම්බ ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා මිය ගිය පියකු වන නන්දන සිරිමාන්න,සංචාරක ව්‍යපාරිකයකු වන ජනත් විදානගේ , සරත් ඉද්දමල්ගොඩ ඇතුළු කතෝලික පියතුමන්ලා තිදෙනෙකු , ෂැංග්‍රිලා බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ මෝදිත ඒකනායක , ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර තිබුණා.
     
    • Like
    Reactions: NRTG and AEG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත්"

    උස්සවීමක්....
     
    • Like
    Reactions: NRTG and AEG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,345
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    "ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත්"

    උස්සවීමක්....

    පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ධුරයට නිලන්ත ජයවර්ධන​

    ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිගෙන් පසු ඇති ඉහළම නිලය වන පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානී ධුරයේ වැඩ ආවරණය කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කර තිබේ.

    පොලිස්පතිවරයා විසින් ඊයේ (02) මෙම පත්වීම කර ඇති අතර, පොලිස්පතිවරයාගෙන් පසු ශ්‍රී ලංකා පොලිසියේ මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ නිලන්ත ජයවර්ධන මහතාය.

    පොලිසියේ සහායක සේවා ප්‍රධානියා ලෙස මේ වන විට සේවයේ නිරතව සිටින නිලන්ත ජයවර්ධන මහතාව පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධුරයේ වැඩ බැලීමට පොලිස්පතිවරයා විසින් පත්කර ඇත්තේ මෙම තනතුරට ස්ථීර නිලධාරියකු පත්කරන තුරුය.

    පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පසුගිය 21 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ එම තනතුරෙහි පුරප්පාඩුවක් ඇති විය. එම පුරප්පාඩුවට පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නිලන්ත ජයවර්ධන මහතා පත් කරන ලෙස පොලිස්පතිවරයා විසින් සිය නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මඟින් ජාතික පොලිස් කොමිෂන් සභාවට ද මේ වන විට ඉදිරිපත් කර තිබේ.

    නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයට එක්ව ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස 1998 වසරේ පෙබරවාරි 23 වෙනිදාය. මේ වන විට වයඹ පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද නිලන්ත ජයවර්ධන මහතා සමඟ එකම දින පොලිස් සේවයට එක්වූ නිලධාරින්ය. මේ අය අතරින් නිලන්ත ජයවර්ධන මහතා පැවැති පුරප්පාඩු අනුව ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදා උසස්වීම් ලබන අතර, ලලිත් එස්. පතිනායක මහතා 2019 වසරේ නොවැම්බර් 20 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබා තිබේ. දේශබන්දු තෙන්නකොන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස්වීම් ලබන්නේ 2020 වසරේ ජනවාරි 01 වෙනිදාය. නිලන්ත ජයවර්ධන මහතා 2033 වසරේදී ද ලලිත් එස්. පතිනායක මහතා 2032 වසරේදී ද දේශබන්දු තෙන්නකෝන් මහතා 2031 වසරේදී ද වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට නියමිතය.

    ගයාන් කුමාර වීරසිංහ

    http://www.dinamina.lk/2023/01/03/ප...න-අංශයේ-වැඩ-බලන-ප්‍රධානී-ධුරයට-නිලන්ත-ජයවර්ධන
     
    • Like
    Reactions: NRTG, U-tag and AEG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමට නියෝග කර ඇත. කොච්චර ගෙව්වත් නැති උන ජීවිත ආපහු ගන්න පුලුවන්ද ? මුන් කාලකන්නි ටික සේරම එක පාර පරද්දන්න ඕන.

    මේක වෙන එවුන් දාපු නඩුවකට නේද? ආන්ඩුවෙන් මොනවත් විමර්ශණ කරලා වැරදි එවුන්ට දඬුවම් දීලා නෙවෙයිනෙ @erozan @nicjosh83 @2osama
     
    • Like
    Reactions: AEG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අවුලක් නෑ. මොංගල් මෛත්‍රියගේ ගාන ඩඩ්ලි මලයා ගෙවලා දායි සුටුස් ගාලා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කෝ එවකට හිටපු අගමැති රනිල් වගකීම් පැහැර ඇරියට මිලියන් 100ක් අර අහින්සකයන්ට ගෙවන්නම ඕනෑ..නීතියෙ හිල තිබ්බට කමක් නෑ ඔයා ගෙවන්න රනිල් :lol:
     
    • Like
    Reactions: NRTG and AEG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,065
    198,504
    113
    Colombo, Sri Lanka
    වන්දි විතරක් මදි හිරේ දාන්නත් ඕනේ මුන්ව රාජකාරිය නොසලකා හරියට. ඒ දවස් වල මුන්ට පුදුම සහජීවන පිස්සුවක්නේ ගහලා තිබුනේ. අන්තිමට කෙලලා යනකන් දන්නේ නැහැ
     
    • Like
    Reactions: kinkon