පාස්කු_බෝම්බය_දෙවියන්ගේ_කැමත්තලු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    72908520_2639140809705991_680010678643195904_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ






    https://www.facebook.com/WeR4SL1/videos/559699688114778/

    ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

    නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා සිය මැතිවරණය ව්‍යාපාරය අතරතුර එම පරතරය ඉක්මවා ජයග‍්‍රහී තත්වයය අවසන් සති සති දෙකේදී සම්පූර්ණ කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

    දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

    ලක්‍ෂ 130ක් මෙවර ඡන්දය ලබා දේ යයි මැතිවරණ කොමිසම විසින්ම දැනට සිදු කර ඇති පුරෝකථනයන් මත 11%ක් යනු ලක්‍ෂ 15කට ආසන්න ප‍්‍රමාණයකි.


    :lol:හරින් කිව්වට චන්දෙ ලං වෙනකොට ඕක තව අඩුවෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ:lol:


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රීපාදස්ථානයේ සවි කර තිබූ ඝන්ඨාරය පිලිබඳ වැදගත් පැහැදිලි කිරීමක් මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය මුහුණු පොතට එක්කර තිබුණි. මේ එම සටහනයි.

    සිරීපාදේ ඝන්ඨාරේ…

    ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ නව ඝන්ඨාරයක් සවි කිරීමේදී එහි තිබූ ඉපැරණි අමිල ඝන්ඨාරය ගෝඨාභය රාජපක්ෂ මහතා ගලවාගෙන ගිය ගිය බවත්, එය පසුව ඇමරිකාවට විකුණා දැමු බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ වේදිකාවේ දී ප්‍රකාශ විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනකු කළ මේ චෝදනාවට සමාජ මාධ්‍ය මගින් සහ පසුව විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලැබිණි.

    මේ සම්බන්ධයෙන් මා මුහුණ දුන් අත්දැකීමක් නිසා සිරීපාදේ ඝන්ඨාරේට සිදු වූ දේ හරියටම දැන ගත හැකි විය.

    පෙර යොදා ගත් කටයුත්තක් සඳහා සුප්‍රකට සිංහල ව්‍යාපාරිකයකු වන තුසිත විජේසේන මහතා (කැන්ඩි සිටි සෙන්ටර් සහ තවත් ව්‍යාපාර ගණනාවක හිමිකරු) හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි.

    අප හමු වූ කටයුත්ත පිලිබඳ කතාබස් කරන අතරේ විජේසේන මහතා ප්‍රකාශ කළේ

    “බලන්න ඩොක්ටර් මුන්ට හෙණ ගහනවනේ, බලන්න දැන් අර සිරීපාදේ ඝන්ඨාරේ ගැන කියන කතාව” යනුවෙනි.

    ඒ ඇයි ?

    “ඔය අලුත් ඝන්ඨාරේ මමනේ පූජා කළේ. මම පේ වෙලා බොහොම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමක්. මට ඕකට මිලියන 100කට වඩා ගියා”.

    ඇයි එච්චර වියදමක් ගියේ?

    “ඝන්ඨාරේ හැදුවේ මොරටුවේ. ඒක ශ්‍රී පාදස්ථානේ උඩ මළුවට අරන් ගියේ ගුවන් හමුදාවෙන්. හෙලිකොප්ටර් යොදා ගෙන කරපු ඒ වැඩේ විශ්වකර්ම වැඩක්. ඒ හෙලිකොප්ටර්වලට ගිය වියදමත් මම ගෙව්වේ. ඒ ඇරුනම උඩ මලුව සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළා”.

    එතකොට මේක ආණ්ඩුව මුල් වෙලා කරපු වැඩක් නොවේද?

    මොන පිස්සුද ඩොක්ටර්. මේක සම්පුර්ණයෙන් මම කරපු පිංකමක්.

    එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ සම්බන්ධෙ මොකක්ද?

    “මේ වැඩේට ගුවන් හමුදා සහාය ලබා ගන්න එතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස අනුමැතිය දුන්නා. උඩමළුව ප්‍රතිසංස්කරණය කරලා විවෘත කරන උත්සවේ ප්‍රධාන අමුත්තා විධියට සහභාගී වුනේ එතුමා. එදාට මහින්ද සර් එන්න හිටියට එන්න බැරි උනා”.

    එතකොට අර පැරණි ඝන්ඨාරේට උනේ මොකක්ද?

    “හඃ හඃ, උඩ මළුවේ තිබුනු කිසිම වටිනා දෙයක්, පෞරාණික දෙයක් අපි අයින් කළේ නැහැ. පැරණි ඝන්ඨාරේත් ප්‍රමාණයෙන් පොඩි එකක්. ඒක උඩ මලුවේම නැවත සවි කළා. ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් ඒ ඝන්ඨාරේ තාම තියෙනවා”.

    එක රත්තරන් ද ?

    “රත්තරන්වලින් ඝන්ඨාර හදනවද? සද්දේ එනවද? “

    එහෙනම් කියන්නේ ඒක රත්තරන් ඝන්ඨාරයක්, ගලෝගෙන ගිහින් ඇමරිකාවට විකුණුවා කියලා.

    “ඒකනේ මම කිව්වේ මුන්ට හෙණ ගහන්න ඕන කියලා”.

    සමනල කන්දට අධිගෘහිතව වැඩ වසන සමන් දෙවියෝ සෝවාන් ඵල ලැබූ උතුමෙකි. උන්වහන්සේ හෙණ ලබා නොදුන්නද මේ කතා පවසන පිරිසට සුදුසු දඬුවමක් ලබා දෙනු නිසැකය.

    – චන්න ජයසුමන FB

    vds