පාස්පෝට් කන්තෝරුව

toiya

Well-known member
  • Jan 8, 2007
    12,854
    4,145
    113
    පොන්සි ආණ්ඩුව
    243327887_10226223257918732_3333323337710265937_n.jpg
    243369871_10226223258478746_526490551853698982_n.jpg

    පාස්පෝට් කන්තෝරුව ගාව කවදාවත් නැති තරමට මහා පෝළිම් ගැහිලා කියලා පහුගිය දවස්වල කතා බහක් තිබුණා. මේ රටේ හෙළ යක්ඛ දූ පුත්තු මේ රට ඇරලා යන්න මහා වලිකෑමක් කරන්නේ කියලාත් විවිධ පින්තූර එක්ක වෝල් වල සටහන් තියලා තිබ්බා. ඔය කතා පින්තූර ඔක්කොම අස්සේ පහුගිය දවසක මටත් ඔතනට යන්න සිද්ධ වුනා.
    යන්න කලින් දන්න කියන හිතවතෙක්ට කතා කරලා, මචං සප් එකක් දීපන් ඇතුළට පැනගන්න කියලා කෝල් එකක් එහෙම දීලා වැඩේ සෙට් කරගත්තා. ඒ විදිහට කලින් ඇතුළට යන්නේ කොහොමද කියන විදිහ මෙතන ලියන්න බෑ.
    ඒ කෙසේ වෙතත් ඕන දේකට කල්තියා පිටත් වෙන දැවෙන රුදාවෙන් පෙළෙන රෝගය හින්දා උදේ පාන්දර 5 වෙද්දි ගෙදර උන්දෑවත් කැන්දගෙන ගියා බත්තරමුල්ලට. දෙන්නටම යන්න වුනේ මගේ වගේම දරුවන්ගේත් බලපත්‍ර ටික කල් ඉකුත් වෙලා තිබුණ නිසා.
    හරියටම පාන්දර 5.45 වෙද්දි ආගමන විගමන කාර්යාලය ඉස්සරහට යනකොට පෝළිම පටන් අරන් ඉවරයි. ගේට්ටුව ගාව ඉඳලා හමුදා මූලස්ථානයට දිවෙන නව මාර්ගයේ අඩක් විතර සෙනඟ. හරියට බැලුවොත් පොළිමේ 250ක් 300ක් ඉන්න ඇති. කතාව ඇත්ත යකෝ මෙච්චර උන් රට යනවාද? කියලා නොහිතුනා නොවේ.
    පෝළිමේ හිටගෙන ඉන්නකොට වටේ පිටේ අයගේ කතා ඇහෙනවා. සමහරු ඊයේ ආපු අය. ඊයේ ඇතුළට අරන් නෑ. හරවලා යවලා. තව සමහරු කලින් ඇවිල්ලා තියෙන්නේ පරක්කු වෙලා. සමහර අය කුඩ ඉහළගෙන පෝළිමේ මුල් හරිය පරීක්ෂා කරනවා. හොරෙන් පනින උන්ව බලනවා. පොලිසියට දෙස් දෙවොල් තියනවා. පනින උන්ගෙන් ගේම ඉල්ලනවා. සමහර උන් පෝළිමේ ඉඳලා කාර් වලින් ඇවිත් බහින උන්ට ඉඩ දෙනවා. සමහර උන් මාස 3/4 ඉඳලා අවුරුදු 5/6 වෙනකන් වයසැති පොඩි දරුවෝ වඩාගෙන. ඔය අතරේ වහිනවා. එතකොට මිනිස්සු ළඟ ගස් යටට දුවනවා. සමහරු කුඩ ඉහළගෙන. අහස දම්පාටට හැඩවෙලා.
    පෝළිමේ විනාඩි 45ක් විතර ඉන්නකොට 6.30ට ඇතුල්කරන්න පටන්ගන්න බව දැනගත්තා. ඔන්න දැන් ටික ටික ඉස්සරහට ඇදෙනවා. හරියටම 7.10 විතර වෙනකොට ගේට්ටුව ගාවට ආවා. දැන් ඇවිල්ලා පැය 11/2ට ළඟයි. ඔය පැය 1 1/2 හෝ දෙක අනිවාර්යෙන් පෝළිමේ ඉන්න වෙනවාමයි.
    ගේට්ටුව ගාවට එන්න කලින් සින්ක් හතරක් දාලා තිබ්බා. ඒ සින්ක් හතරටම එක හෑන්ඩ් වොෂ් බෝතලයක් තිබුණා. අපි දෙන්නා ඇතුළු කිසිම එකෙක් වතුර කරාම දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ. ඒත් අපේ එක්කෙනා සැනිටයිසර් බෝතලේනම්... ගිහින් එනකන් සැරෙන් සැරේ මගේ අතේ ඇතිල්ලුවා.
    ගේට්ටුව ගාව ඉඳන් ට්‍රැෆික් පොලිසියේ හතර පස් දෙනෙක් සහ ආගමන විගමනේ ආරක්ෂකයින් මිනිස්සු හසුරවනවා. මීටරේ තියා මිනිස්සු අතර සෙන්ටිමීටරයක්වත් දුරක් නෑ. එතන තිබ්බ පොඩි කවුන්ටර් 4කින් ID නම්බර් එක ලියාගන්නවා. මෙන්න මේකා අද මෙහෙට ආවා කියලා. ඔය මිනිස්සු ඔක්කොගෙම උණ බලන්න PPE Kit එකක් ගහලා එකම එක මනුස්සයෙක් හිටියා. ඒ මිනිහා උණ බැලිල්ල කෙසේ වෙතත් මිනිස්සු අතර තෙරපිලා බේරිලා හිටියේ අමාරුවෙන්. බැලුව උණක් නෑ.
    😧

    දැන් 7.20යි. ස්කෑන් මැෂින් එකක් තිබුණා ඇතුල් වෙනකොටම. ඇත්තටම මම හිතුවේ එයාර්පෝට් එකේ වගේ Covid Sacn වෙන එකක් කියලා. නෑ ගියපු ගමන් නෝනාගේ හෑන්ඩ් බෑග් එක අල්ලලා එබුවා. අවුලක් නෑ බෑග් චෙක් කෙරිල්ලක්.
    රතුපාට කාඩ් එක්දින සේවයට, නිල් පාට කාඩ් සාමාන්‍ය සේවයට. ඇතුල් වෙන තැනම ඉන්න සිකුරිටිලා දෙන්නා අහ අහා බෙදනවා. වාඩි කරවනවා. එක්දින සේවය වෙනත් පැත්තකට යවනවා. දැන් 7.30යි.
    පහළ කැන්ටිමේ බනිස්, රෝලස්, වතුර බෝතල්, බීම වර්ග, මයිලෝ, කිරි පැකට් තියෙනවා. පිරිසිදු පාටයි. මිලත් සාධාරණයි. ඇප්ලිකේෂන් නැති අයට එතනදි පුරවගන්න පුලුවන්. පින්තූර ඕන්නම් ගන්න පුලුවන්. මගේ ඔය අමුතු පුරුදු වලට අනුව... කලින්‍ ෆිල් කරලා ප්‍රින්ට් අවුට්ම දාගෙන ගියා. පින්තූරත් කලින්ම පිළිවෙලකට ඇඳලා කරලා අරන් තිබුණා.
    හම්බවෙච්ච අංකේ සාමාන්‍ය සේවා 69. වාඩි වෙලා හිටියා පැය භාගයක්. 8.00 වෙද්දි යැව්වා ආගමන විගමන එක ඇතුළට. එක්දින සේවා 2 වැනි තට්ටුවට, සාමාන්‍ය සේවා 1 වෙනි තට්ටුවට. පෝළිම යනවා. ටක් ටක් ගාලා යනවා. කලින් Appointment දාන්න පුලුවන් විදිහක් තියෙනවාලු. ඒක දැනගත්තේ පස්සේ. එහෙම උන් ටික ටික අපිව පහුකරන් යනවා. දැන් 8.15යි.
    කවුන්ටරේකින් ටෝකන් දෙනවා. ගත්තා ටෝකන් තුනක්. එකේම ඉන්නවා නිළධාරියෙක් ටක් ටක් ගාලා අඩුපාඩු බලලා අයැදුම්පත් පිළිවෙලට හදනවා. අත්සන් අඩුපාඩු බලනවා. වැඩේ පිළිවෙලයි. යන්න කිව්වා D පර්යන්තයට. එතනට ඇතුල් වෙනකොට යන්තන් සැනිටයිසර් පාරක් ගහන්න සිකුරිටි මහත්තයෙක් හිටියා.
    D පර්යන්තේ කවුන්ටරෙන් ආයේ ටෝකන් එක ස්කෑන් කරනවා. ඒ එක්කම අයැදුම්පත් භාර ගන්නවා. භාර ගන්න ඉසසෙල්ලා අපි ගත්ත ෆොටෝ එක ටෝකන් නම්බර් එකත් එක්ක වැටෙනවා. මරු මරු. වැඩේ හරිම ආකර්ෂණීයයි. ඔන්න දැන් තමා යාලුවා පොත අත්සන් කරලා ඉබේම මාව හොයාගෙන ආවේ. යකෝ කලින් වැඩට වරෙන්. සිනහා. යාලුවා එන්නත් කලින් වැඩවලින් 75%ක් ඉවරයි. දැන් 8.30 යි.
    ඇප්ලිකේෂන් භාර දුන්නා. එකක එයාලා නිකුත් කරපු ටෝකන් එකේම වැරැද්දක්. ටක් ගාලා සමාව ඉල්ලලා යැව්වා. ආපහු මුල තැනට. ගියපු ගමන් වැඩේ කරලා දුන්නා. ආපහු ඇවිත් බාර දුන්නා. කිසිම නොසතුටක් නෑ.
    🤗
    . ඇඟිලි සලකුණු ගත්තා. සල්ලි ගෙවන්න යන්න කිව්වා. 8.40යි.
    සල්ලි ගෙවපු කවුන්ටරයේ මහත්තැන් ගාණ කිව්වා. සල්ලි ගෙව්වා. රිසිට් ටික දුන්නා. මහත්තයා දැන් ගෙදර යන්න කිව්වා. සති තුනකින් පාස්පෝට් ගෙදරට එයි කිව්වා. 8.45යි වැඩේ ඉවරයි. 9.15 වෙනකොට මම රාජකාරියට වාර්තා කළා.
    ⛔
    උදෑසන 6.30ට රාජ්‍ය සේවය ආරම්භ කළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියළුම සේවක මණ්ඩලයට මාගේ ප්‍රණාමය.
    🙏

    ⛔
    ආදාළ තාක්ෂණික කටයුතු සහ ක්‍රියාලිය මනාවට සකස් කර රස්තියාදුව වළකා තිබූ සැමට ස්තූතියි.
    ⛔
    වසංගත තත්වය හමුවේ මූලික සෞඛ්‍ය උපදෙස් හෝ නොපිළිපැද්ද ජනතාව ගැන හරි කලකිරීමයි.
    ⛔
    ඕනෑම වැඩකට කුකුළා අතින් අරන් යෑම කොතරම් වටින්නේදැයි නැවත නැවතත් තේරුම් යාම ගැන අප්‍රමාණ සන්තෝෂයි.
    🌐
    අවසාන වශයෙන් මේ ලෝකයේ රටකින් රටකට යෑමට ගමන් බලප‍ත්‍රය ලබාගැනීම යනු ප්‍රාථමිකම කාරණාවයි. අධාපනයට, රැකියාවකට, සංක්‍රමණයට මෙරටින් පිටවීමට ඊට වඩා තව වැදගත් වන දේ බොහෝමයක් ඇත. විශේෂයෙන් යුරෝපයට, අමෙරිකාවට, නවසීලන්තයට හෝ ඕස්ට්‍රේලියාවට. එබැවින් ඔබ ගන්නා පාස්පෝට් එක පූස් පාට් දමමින් නැවත අලුත් කරන තුරු ඔබගේ නිවසේ අල්මාරියක තිබෙනු ඇත. පාස්පෝට් කන්තෝරුවට ගොස් ගමන් බලප‍ත්‍රය ලබාගත් එකෙක් අනිත් අතට රට නොපනින බව කාරුණිකව සලක්න.
    (අර යාලුවා මා වෙනුවෙන් උදව්වක් කිරීමට නොහැකි වීම පිළිබඳව "යන්නං මචං" කියලා කියද්දිත්, අඩෝ බලපංකෝ ෂික් කියලා කිව්වා. උඹට ස්තූතියි...
    ♥
    🙏
    🤗
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,832
    8,375
    113
    උඹම කියනවා ඇතුලේ යාලුවෙක්ගෙ මාර්ගෙන් වැඩේ ලේසි කරගන්න හැදුවා කියලා. ඕකම නේද හැමෝම බනින ජරා සිස්ටම් එක? ඔන්න ඔතන තමයි ලංකාවේ උන්ගේ වැරැද්ද. රටේ සිස්ටම් එකට බනින උන්ම ඒ ජරා සිස්ටම් එකේ කොටස්කරුවෝ නේ බන් බලන් ගියාම.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,092
    13,194
    113
    124
    Hogwarts

    Athule card payments puluwan neda mchan?. 1st time apply karana professionally qualified ekek uge profession eka pasport eke print karaganna aran yanna one documents monada bn?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,056
    1
    94,047
    113
    32
    Kalutara
    ඔන්ලයින් ඇපොයිමන්ට් දාගත්ත උනුත් පාන්දර 5 ඉඳන් පෝලිමේ ඉන්න ඕනද?
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,006
    3,363
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ ඔය ෆෝම එක පුරවලා තව ලෝය කෙනෙකේගෙන් හරි කාගෙන්හරි අත්සන් කරගන්න ඕනෙ නේද? ඒක ඔහෙන ෆෝම් එක ගත්තම කරගන්නේ කොහොමද බන් :confused: :confused:
     
    • Like
    Reactions: willpower

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,514
    9,872
    113
    Man hithanne covid nisa polima. covid nisa lankawata awa ayath apahu yanna epai. :baffled: e athara aluthen yana set ekath athi sahenna o_O
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw
    ada malli giya, booking dala tibbe kalin. 10.16 -10.30 ta enter wenna tibbe. passport eka athata hambeddi 3.50 :baffled:

    ඔන්ලයින් ඇපොයිමන්ට් දාගත්ත උනුත් පාන්දර 5 ඉඳන් පෝලිමේ ඉන්න ඕනද?
    ne, eke denawa enter wena time eka bn. mallita tibbe 10.16 - 10.30 tima eka bn,
    ------ Post added on Oct 8, 2021 at 11:00 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,056
    1
    94,047
    113
    32
    Kalutara
    ada malli giya, booking dala tibbe kalin. 10.16 -10.30 ta enter wenna tibbe. passport eka athata hambeddi 3.50 :baffled:

    ne, eke denawa enter wena time eka bn. mallita tibbe 10.16 - 10.30 tima eka bn,
    ------ Post added on Oct 8, 2021 at 11:00 PM
    කීයළුද වන්ඩේ සර්විස් එකට? ඌ එඡ්චාර වෙලා මොකෝ කරලා තියෙන්නේ?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    උඹම කියනවා ඇතුලේ යාලුවෙක්ගෙ මාර්ගෙන් වැඩේ ලේසි කරගන්න හැදුවා කියලා. ඕකම නේද හැමෝම බනින ජරා සිස්ටම් එක? ඔන්න ඔතන තමයි ලංකාවේ උන්ගේ වැරැද්ද. රටේ සිස්ටම් එකට බනින උන්ම ඒ ජරා සිස්ටම් එකේ කොටස්කරුවෝ නේ බන් බලන් ගියාම
    ඔබතුමා ලංකාවේද ඉන්නේ ,පිටරටකද කියල මම දන්නේ නෑ.නමුත් රටවල් කීපයක වැඩ කරලා තියන හිටපු රාජ්‍ය සේවකයෙක් විදියට මට එකක් කියන්න පුළුවන්.ලෝකේ හැම තැනම ඇදුනුම් කම කියන සිස්ටම් එක තියනවා.මම ෂෙනගන් පාස්පෝට් පවා හදාගෙන තියනවා කරදර නොවී.(අල්ලස් ගැන නෙමේ කියන්නේ,ඇදුනුම් කම් ගැන)ලංකාවේ නුසුදුසු කමටත් ඇදුනුම් කම සුදුසු කමක් කර ගන්න සිස්ටම් එකයි නැති වෙන්න ඕන.අපේ වගේ රටවල් වල එක ටිකක් අමාරුයි.ලෝකේ පවතින ප්‍රධානම සිස්ටම් එක නැදෑ කම.දෙවනුව ඇදුනුම් කම.මේකට උත්තර බලා පොරොත්තු වෙන්නේ නෑ.අත් විදපු දේ ,අත් විදින දේ කිවුවේ.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    7,934
    6,653
    113
    Chilaw

    hunk99sl

    Active member
  • May 7, 2013
    121
    120
    43
    කීයළුද වන්ඩේ සර්විස් එකට? ඌ එඡ්චාර වෙලා මොකෝ කරලා තියෙන්නේ?
    Oneday RS. 15000i,, oneday eke kohomath passport eka hadenna paya 4k wage yanawa,, application baara deela thamange wadak kara gena enna tiyenne,, passport eka hadunama phone ekata msg ekak enawa.. Etokota awith gaththanam hari
     
    • Love
    Reactions: Heshan Daminda

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    12,251
    9,592
    113
    Ohio, USA

    පාස්පෝට් නිකුත් කිරීම නතර කරයි

    විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම හේතුවෙන් ආරම්භ කළ මාර්ගගත ක්‍රමයට දිනයක් වේලාවක් වෙන්කර ගෙන ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

    මීට හේතුව වී ඇත්තේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ඔක්තෝබර් මාසය දක්වා සම්පූර්ණ වී ඇති බැවිනි. මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    මේ ක්‍රමය යටතේ දිනකට ගමන් බල පත්‍ර 1000ක් පමණ නිකුත් කරන අතර දිනකට ගමන් බලපත්‍ර 4000ක් පමණ ඇයැදුම් කරන බව දෙපාරතමෙන්තුවේ නිලධාරීන් පවසයි. නමුත් පසුගිය 18 වැනිදා මෙම ප්‍රමාණය 4700ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ වන විට දැඩි තදබදයක් තිබුණද එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තත්ත්වය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.

    https://elakiri.com/threads/පාස්පෝට්-නිකුත්-කිරීම-නතර-කරයි.2014870/